milinda-prashna

2015/05/06 -ලංකාදීප -මිලින්ද මොරගොඩ

කුරුණෑගල රම්බඩගල්ල ශෛලමය සමාධි පිළිමය සැදැහැවතුන්ගේ වන්දනාමානයට විවෘත වූයේ නොබෝදාය. පොලොන්නරුව ගල් විහාර පිළිම නිර්මාණය සිදුවීමෙන් සිය වස් අටකට පසුව මෙරට නිම කළ එකම සෙල් පිළිමය මෙම බුද්ධ ප‍්‍රතිමාව බව ස`දහන් වෙයි. එය එය ඉතාමත් භාරධූර විශිෂ්ඨ කර්තව්‍යයකි. ශ‍්‍රාස්ත‍්‍රපති එගොඩමුල්ලේ අමරමෝලි නායක හිමිපාණන්ගේ කැපවීම සහ නොපසුබස්නා වීර්යය අගය කළ යුතුය. 2001 අවුරුද්දේ ඇෆ්ගනිස්ථානයේ බාමියන් බුදු පිළිම ත‍්‍රස්තවාදීන්ගේ විනාශයට ලක්වීම සම්බන්ධ සිද්ධිය මුල් කරගනිමින් මෙම පිළිමය නෙලන සිතිවිලි පහල වන්නේ හිමිපාණන්ට සහ එහි දහම් පාසලේ ඉගෙන ගත් දරුවන් තිදෙනෙකුට වීම සුවිශේෂී අවස්ථාවකි.

ඉන්දියාවේ ශිල්පීන් පැමිණ මෙරට බෞද්ධ ජනතාවගේ සම්බන්ධවීමෙන් ජාතීන් සහ ආගම් එකතු කරන ජාත්‍යන්තර සංකේතයක් රට තුළ ස්ථාපිත කිරීම ඉතාමත් වැදගත්ය.අප ගත කරමින් සිටින්නේ බුද්ධෝත්පාදයෙන් වසර දෙදහස් හයසියයකට වැඩි කාලයක් ගතවී ඇති වකවානුවකි. වර්තමානය බුදු දහම නොයෙක් ආකාරයේ අභියෝගයන්ට මුහුණ දෙන යුගයකි. තාක්ෂණය තුළ බුද්ධ දර්ශනය සන්නිවේදනය වේගවත් සහ තර්කානුකූල වකවානුවකට පත් කර ඇති නමුත් ඒ හා සමාන්තරව අන්තවාදී අදහස් සහ අන්තවාදී බලවේග මතුව තිබෙන ආකාරය ද අවබෝධ කරගත හැකිය.
බුදු දහම අන්තවාදී එකක් නොවේ.

එහි දර්ශනය මධ්‍යස්ථ භාවයයි. මැද මාවත තෝරා ගත් බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය පසුගිය සියවස් දෙසිය හැට තුළ නොයෙක් ආකාරයට විහිදී ඇති බව පෙනේ. මෙම කාලය තුළ පරම්පරා අති විශාල ප‍්‍රමාණයක් තුළ ධර්මය සන්නිවේදනය වූ ආකාරය ප‍්‍රබලය. ලෝ වැසියන් එහි පණිවුඩය හ`දුනාගත් ආකාරය ඉතාමත් සියුම්ය. බුදු හිමියන් ගේ දේශනාව තුළ සත්‍ය ගවේශනය ස`දහා තර්ක කරන්නැයි ඉඩ දී තිබේ. කාලාම සූත‍්‍රයේ දී තමන් කියන හෙයින් විශ්වාස නොකරන්නැයි දේශනා කර ඇත. එවැනි ගවේශනයට ඉඩ ඇති දර්ශනයක් හෙයින්ම සද්ධර්මය පවතින්නේය. යථාර්ථවාදී ආකාරයට ප‍්‍රශ්න කර එහි ගැඹුර විමසන්නට ඉඩ දෙන හෙයින් එය ප‍්‍රායෝගිකය.
ජාත්‍යන්තරයේ පවතින නොයෙක් බලවේග හමුවේ ථෙරවාදී බුදු දහම එකිනෙකට වෙනස් ආකාරයේ මත බේධ සහ ගැටුම් වලට මුහුණ දෙන බව පෙනී යයි. බුදු දහම ථෙරවාදී සහ මහායාන වශයෙන් බෙදෙන්නේ ද පමණක් නොව ශ‍්‍රී ලංකාවේ පවා නිකාය වශයෙන් අනන්‍යතා බිහිවන්නේ ද ඒ අනුවය. මෙම තත්ත්වය හමුවේ ජාත්‍යන්තරව ථෙරවාදී බුදුද දහම අදහන රටවල් සහ සංවිධාන අතර අන්තර් සහයෝගීතාවයක් ඇති කරගැනීම ඉතාම වැදගත්ය. එවැනි පරමාර්ථ ඇතිව එනම් ථෙරවාදී බුදු දහමට එල්ලවන අභියෝග ඉදිරියේ පුලූල්ව සාකච්ඡුා කර යම් යම් පොදු විස`දුම් නිර්මාණය කරගැනීමට මෙයින් අපේක්ෂා කරයි.
ගැටුම් නිරාකරණයට ථෙරවාදී බුදු දහම ආභාෂයට ගත හැකි ආකාරය ගැන තායිලන්තයේ බැංකොක් නුවර දී මෙයින් කාලයකට කලින් වැඩමුළුවක් පැවැත්වෙයි. නිර්මල බුදු දහම සහ එහි දර්ශනය ජාතීන් සහ ආගම් අතර පවතින ගැටුම් හා අනවබෝධය තුරන් කිරීමට උපයෝගී කරගත හැකි ආකාරය සම්බන්ධව එහි දී විද්වත් මත ඉදිරිපත්ව ඇත.

තායිලන්තය, බුරුමය, කාම්බෝජය, වියට්නාමය සහ ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල්වලිින් හිමිපාණන් වහන්සේලා සහ බෞද්ධ නියෝජිතයන් සහභාගී වී තිබේ. මෙම වෙසක් සමයේ දී ගැටුම් නිරාකරණයට ථෙරවාදී බුදු දහම උපයෝගී කරගත හැකි ආකාරය ගැන පමණක් නොව දහම සදාතනික අනන්‍යතාවයක් තුළ තහවුරු කරන්නේ කෙසේද යන කාරණය ගැන ද සාකච්ඡුා කිරීම වටී. බුදු දහම මුහුණ දෙන අන්තවාදය, සමාජ ගෝලීයකරණය තුළ දහම තුළ පැවැතිය යුතු අනන්‍යතාවය පමණක් නොව ථෙරවාදී බුදු දහම භාවිතාව සම්බන්ධව ද ජාත්‍යන්තර එක`ගතාවය වර්තමානයේ දී ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

ඒ වෙනුවෙන් යම් ආකාරයකට ථෙරවාදී රටවල් අතර සාශනික ජාලගත කිරීමක් වෙනුවෙන් මහා සංඝ රත්නය සහ බෞද්ධ ජනතාව ඉදිරිපත් වීම කාලීන අවශ්‍යතාවයක් බව ස`දහන් කළ යුතුය.

Advertisements