milinda-prashna

2015/02/25 – ලංකාදිප – මිලින්ද මොරගොඩ

මනුෂ්‍යයාගේ පැවැත්ම සම්බන්ධව කිසියම් ඥානාවබෝධයක් පතුරවන දර්ශනය තමන් සතු බව සෑම ආගමක්ම ප්‍රකාශ කරයි. ආගම ජනතාව තුළ ඇති කරන ඥානය හෝ සමාජ විනය සම්බන්ධ කාර්ය භාරය කොපමණදැයි විවිධ අදහස් තිබේ. එම අදහස් අනුව ජනතාව තමන්ගේ ආගමික ඇදහිල්ල, භක්තිය සහ ගෞරවය ඇතිකරගන්නා බව පැහැදිලිය. බුදු දහමට රට තුළ ඇති පිළිගැනීම බලවත් එකකි. එහි දර්ශනය, එයින් ඇතිකරන ආධ්‍යාත්මික ගුණවගාව ශ්‍රී ලංකාවේ පැවැත්ම බලවත් තැනෙකට පත් කරන බලපෑම සුවිශේෂීය.

බුද්ධ ශාසනය සහ මහා සංඝරත්නය සම්බන්ධයෙන් රාජ්‍ය ක්‍රියා කර ඇත්තේ කෙසේද? මහාචාර්්‍ය වල්පොල රාහුල හිමියන් ලියන ලංකා බුදු දහමේ ඉතිහාසය කෘතියේ ෆාහියන් දේශ ගවේශක තොරතුරු උපුටා දක්වමින් සදහන් කරන්නේ පස්වැනි සියවසේ ලංකාවේ හැට දහසකට අධික මහා සංඝරත්නයක් විසූ බවය. අභයගිරියේ පන්දහසක්, මහා විහාරයේ තුන් දහසක් මිහින්තලේ දෙදහසක් වශයෙන් සහ තිස්සමහාරාමය ඇතුළු දිවයිනේ නොයෙක් තැන වැඩ විසූ මහා සංඝ රත්නයට දාන මාන ඇතුළු සියලූ පහසුකම් රජ දරුවන් සපයන ලද බව ස`දහන් වෙයි. දාන මාන සැපයීමේ දී රජවරු තම පුද්ගලික මැදිහත්වීමෙන් රාජකීය ගබඩා වලින් ඇති තරම් දන් දුන් බව මෙම කෘතියෙහි දක්වා ඇත. එය කළමණාකරනය කිරීම කොපමණ භාරධූර කාර්යයක් වන්නට ඇත්ද?

රට වැසියන්ගෙන් එකතු කරගන්නා දෙයින් කොටසක් මහා සංඝරත්නය වෙනුවෙන් දන් පිණිස බෙදා දෙන්නේ බුදු දහම ආරක්ෂා කිරීම හා පැවැත්ම රාජ්‍ය යේ වගකිමක් වශයෙනි. යහපත්, සාරධර්ම සහිත පුරවැසියන් තනන්නට ආගමික දර්ශනයෙන් ඇති කරන පිටිවහලට කෘතවේදී වෙමින් බව ද පිළිගත යුතුය. රට දැය සමය වෙනුවෙන් බුදු දහමින් ලැබෙන මෙහෙවර පමණක් නොව සමාජගත සම්බන්ධතා සහිත උසස් අනන්යනතාවයක් ඇති කරන්නට මහා සංඝරත්නයෙන් ලැබෙන පෝෂණයට පරජග ත්යු පකාර වෙනුවෙන් රාජ්යය ඇති කරන උත්තරීතර සංඥාවක් බව අවබෝධ කර ගැනීම වැදගත්ය.

බුද්ධාගම අන්තවාදී එකක් නොවේ. බුද්ධ දේශනාවට පදනම් වන්නේ බුදු රජාණන් වහන්සේ ගේ මධ්‍යම පර එකතිපදාවයි. දහම ඇසුරෙන් ශ්‍රීලංකාව නො ඇලී නොගැලී නොබැ`දී අතර මැද පිළිවෙතකට යා යුතුය. පුරවැසියන්ට ද සැනසිල්ල ඇත්තේ දහමට අනුව ජීවිතය සකස් කර ගතහොත් බව වැටහෙන්නට අවශ්‍යය. නමුත් බුදු දහම දක්වන සතය හා ආගමික ඥානය අවබෝධ කරගන්නට වත්මන් සමාජය සමත්ව තිබේදැයි ප්‍රශ්නයක් මතුවෙයි.

රාජ්‍ය‍ මහා සංඝරත්නය රක්ෂා කළ යුතු රාඊ පර විතිපත්තිය අද අර්බුදයකට පත්ව තිබේ. අර්බුදය යනු දීර්ඝ කාලයක් සමාජයේ හුරු පුරුදුව සිටි යම් යම් පරාජ මිතීන්ගෙන්, ආචාර ධර්ම, නීති රීති. චින්තනයෙන් මෙන්ම ආකල්ප හා හැසිරීම් රටාවෙන් පිට පැනීමකි. ඇතැම් පන්සල් හුදෙකලා වි ඇති අතර ඒවායේ මූලික පහසුකම් පවා නැත. තවත් විහාරස්ථාන විශේෂ අවධානය ඇති සම්පත් බහුල තැන්ය. මේ පසුබිම සමබර කරන්නට ආණ්ඩුව කරිෙන යා කරන්නේ කෙසේද? රාජ්‍ය මගින් සංඝරත්නය රැක බලාගන්නා ආකාරය දේශපාලනය මුහු වී ඇති බව නිරීක්ෂණය කළ හැකිය.

බොදුනුවන් සංඝ සමාජයේ යුතුකම් සම්බන්ධයෙන් ද විවිධ අදහස් ඇති යුගයකි. මහා සංඝරත්නය ද අල්පේච්ජ ජීවිතයකින් දායකයන්ට ආදර්ශවත් විම පසෙක තබා ලෞකික පැවැත්මට අනුගත වෙමින් සිටී. මෙයින් වසර දෙදහස් හයසියයකට කලින් තිබූ සමාජ ව්‍යුහය අද තාක්ෂණික පරිසරයක් දක්වා පරිවර්තනය වී ඇති අතර එහි ජීවත්වන සාමාන්ය මිනිසුන්ගෙන් බුද්ධ කාලයේ විඥාණයක් අපේක්ෂා කළ නොහැකි ආකාරයටම මහා සංඝරත්නයෙන් ද මහ රහත් භාවයක් සහිත සියලූ ලෞකික සැප සම්පත් අත්හරින ලද පූර්ණ පරමාදර්ශී චරිත අපේක්ෂා කළ නොහැකිය.

එහෙම නමුත් මේ සියලූ පැති දෙස පෙර අපර පැති විමසා සමාලෝචනයකට යා යුතුව තිබේ. රාජ්‍ය මගින් බුද්ධ ශාසනය ආරක්ෂා කරන වගකීමේ තරම කොතරම් ද යන්න විවාදයකට යායුතුය. මහා සංඝරත්නය තමන්ගේ විනයානුකූල රාමුව ගැන ස්වයං කතිකාවතක් ආරම්භ කරන්නට අවශ්‍යය. බුදුන් සරණ යන ශ්‍රී ලාංකිකයන් මධ්‍යම ප්‍රතිපදාව විනා අන්තවාදීවීමෙන් තමන්ගේ පැවැත්මට සරණක් නැති බව අවබෝධ කරගත යුතුව ඇත. මෙම සියලූ පැති සොයා බලා පිරිපුන් අනාගතයක් සාක්ෂාත් කරගැනීමේ වගකීමක් අප සියලූ දෙනාටම තිබේ.

Advertisements