milinda-prashna

2015/02/04-ලංකාදීප – මිලින්ද මොරගොඩ

ශ‍්‍රී ලංකාවේ පුරවැසියන් සිය දේශයට නිදහස අත්පත් ගන්නට හැකිවීමේ අභිමානය අද සිහිපත් කරයි. මෙයින් වසර හැට හතකට කලින් ගතකළ පරාධීන ජීවිතය සමග සස`දන විට වර්තමානයේ පවතින පසුබිම සස`දා බලන්නට අවශ්‍යය. නිදහස යනුවෙන් අරමුණු කරන්නේ බි‍්‍රතාන්‍ය පාලනයෙන් මිදීමය. නමුත් රට තුළ අධිරාජ්‍යවාදී ආකල්ප වලින් මිදී ශ‍්‍රී ලාංකේය අනන්‍යතාවයක් බිිහිකරගන්නට අප සමත්ව තිබේද?

නිදහස සමරන මෙම අවස්ථාවේ දී රටට අනන්‍ය ලක්ෂණ ඇති කරගැනීම කෙරෙහි අපගේ කැපවීම සමාලෝචනයකට ඉඩ කඩ වෙන් කරගත යුතුය.අධිරාජ්‍යවාදීන් ලංකාව පාලනය කරන්නට අනුගමනය කළ සමාජ බෙදීම් අද ද ඒ ආකාරයටම පවතී. එක එක වකවානු වල එය අඩු වැඩි වෙයි. යටත් විජිත සමයේ එය පංති බෙදීමක් පමණකි. පාලකයන් වූයේ රදලයන්ය. බලපත‍්‍ර සහ විශේෂ වරප‍්‍රසාද වලට හිමිකම් කියන්නේ ද මෙම සීමිත රදල පිරිසකි. නිදහස සමග බෙදීම් නැති කර ආකල්ප සහ භාවිතාව අනුව රට මැද මාවතට ප‍්‍රවේශ විය යුතුව තිබිණ. නමුත් පසුගිය දශක හයකට වැඩි කාලය තුළ ගමන් කර ඇත්තේ තව තවත් සමාජ බෙදීම් ඇති කරන පසුබිමකටය.

වර්තමාන ජනසමාජය ධනය ඇති නැති ආකාරය අනුව බෙදී තිබේ. පැලැන්තිය, ආගම, කුලය, දේශපාලනය පමණක් නොව අධ්‍යාපනය ලැබූ පාසල අනුව ද සමාජයේ ස්ථර කි‍්‍රයාකරන ආකාරයක් නිරීක්ෂණය කළ හැකිය.
රටට නිදහස සමග මෙම බෙදීම් නැති සමානාත්මතාවයට ඉඩ ලැබෙන සමාජ ක‍්‍රමයක් අවශ්‍යය. හැකියාව සහ දක්ෂතාවය ඉදිරියට යන්නට එකම පදනම කරගන්නට හැකි විය යුතුය. නිදහස් රටක් නමුත් රට තුළ තමන්ගේ දක්ෂතාවය ඇති නමුත් බලය ඇති තැනින් බලපෑමක් කළ නොහැකි දස දහස් සංඛ්‍යාත පිරිසක් සිටී. එම පිරිස ක‍්‍රමයට වෛර කරයි. තමන්ගේ මවුබිම හැර ලෝකයේ වෙනත් තැනකින් තමන්ගේ ජීවිතය සාක්ෂාත් කරගන්නට වැර දරයි.

ඉකුත් කාලය තුළ ජාති, ආගම් සහ දේශපාලන හේතු මත රට තුළ ගැටුම් ඇතිවිය. බෙදීම් උත්සන්න වීම සහ සාධාරණ අවස්ථා අහිමිවීම මෙම ගැටුම් වලට හේතු වූ බව ගැඹුරු නිරීක්ෂණයක දී පැහැදිලිව පෙනෙන කාරණයයි. ධනය හෝ බලය පුරවැසියෙකුගේ අයිතිය සීමා කරන විට රට තුළ ඇතිවන අයුක්ති සහගත පරිසරය ඉතාම වේදනාත්මක එකකි. රටක් ඉදිරියට ගමන් කරන්නට එය හේතුවක් වන්නේ නැත. සමාජයේ කොටසක් අවස්ථාව නැතිව ඒ හෙයින් අසරණව සිටින විට නොසන්සුන්තාවය හා අතෘප්තිය විනා අන් යමක් අපේක්ෂා කළ නොහැකිය. 1915 සිංහල මුස්ලිම් කෝලාහලය සිදුවී අවුරුදු සියයකි. දෙමල සිංහල ගැටුම් වලට ද ඉතිහාසයක් තිබේ.

නිදහස ලබා ගත වූ කාල පරිච්ෙඡ්දය තුළ රට පාලනය කළ ආණ්ඩු ගණනාවකි. එකී ආණ්ඩුවල නායකයන් යම් දර්ශනයක් අනුව ක‍්‍රියා කළේය. කිසිදු නායකයෙකු රට ගැන හෝ රට වැසියන් ගැන අසාධාරණ අදහසකින් ක‍්‍රියා කළේ යැයි දැක්විය නොහැකිය. නමුත් යම් යම් දුබලතා සමාජය අතෘප්තිකර සහ එතුළින් අසහනය ඇති තැනක් බවට පත් කර ඇත.ජීවත්වීමට, නිදහස් චින්තනයට, නිදහස් වෘත්තිකත්වයට පුලූල් ඉඩක් රට තුළ නිර්මාණය කරන්නේ කෙසේ ද යන ගැඹුරු සංවාදය අද ඇති කළ යුතුව තිබේ. ශ‍්‍රි ලංකාව තවමත් ස්ථාවර නොවූ සමාජයකි. පෙනෙන අකාරයට ආගම, ජාතිය, කුලය සහ පැලැන්තිය යන කරුණු හමුවේ අන්තයෙන් අන්තයට ගමන් කරමින් සිටී. එය පාලකයන්ගේ උවමනාව ද නොඑසේනම් පාලිතයන් වශයෙන් පුරවැසියන්ම තමන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කරන අරගලය අවසානයේ ළ`ගා කරගන්නා ඉරණම ද යන්න තහවුරු කර ගත යුතුව තිබේ.

ශ‍්‍රී ලංකාව අලූත් අවස්ථාවකට මුහුණ දී සිටී. සියලූ මතවාද එක වේදිකාවකට පැමිණ රාජ්‍ය පාලනය සම්බන්ධව අලූත් සංකේතයක් නිර්මාණයවී ඇත. එය නිදහස සම්බන්ධ අලූත් ආකල්පයකට ද පදනමක් කරගැනීම වටී. අලූත් යුගයක් ඇතිකිරීම සටන් පාඨයකට සීමා විය යුතු නැත. වර්තමානය හමුවේ ඇති ප‍්‍රශ්න විමසා උත්තර දෙන්නට අමාරුම ප‍්‍රශ්න ඉදිරියට ගැනීමට ආත්ම ශක්තියක් අප ඇති කරගත යුතුය. ආගමික නායකයන්. සමාජ නායකයන් සහ දේශපාලන නායකයන් එකතු වී අධිරාජ්‍යවාදීන් වෙනස් කරන ලද සහ රට තුළ පැවැති එකමුතුව යළි ඇති කරන්නේ කෙසේදැයි සාකච්ඡා කළ යුතුය. දේශය මැද මාවතට ගෙන අන්තවාදයෙන් තොරව පවත්වාගෙන යන්නට ධෛර්යය උපදවා ගැනීම වැදගත්ය. සැබෑ නිදහස අත් පත්වන්නේ එයින් යැයි විශ්වාසයයි.

Advertisements