milinda-prashna

2015/01/28 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

ජගත් ආර්ථික සංසදය අද සිදුවෙමින් පවතින පරිවර්තනයේ අවධානයට ගත යුතු පැති අවධාරණය කරමින් සිටී. විවිධ පැති වලින් ජාත්‍යන්තරයට තොරතුරු එකතු කරන ජගත් ආර්ථික සංසදය මෑතක දී නිකුත් කළ සටහනකින් ලෝක නායකයින් අවධානයට ගත යුතු අංශ පුලූල්ව දක්වා ඇත. වසර එක් දහස් හත්සිය ගණන් වල සිට මේ දක්වා කාලය තුළ අවධානයට ගත යුතු ක්ෂේත‍්‍ර විසි හතරක තොරතුරු මෙයට ඇතුලත් අතර ලෝකය ගමන් කරන ලද රටාව අවබෝධ කරගෙන අනාගතය ගැන යම් අදහසක් පහළ කරගන්නට මෙය ඉතාම වැදගත්ය.

ලෝකයේ ජනගහනය බිලියන 7.2 ක් වන අතර බිලියන දෙකකටත් අඩු ප‍්‍රමාණයක සිට මේ සා විශාල මට්ටමක් දක්වා ජනගහනය වර්ධනය වී ඇත්තේ අවසාන අවුරුදු හැටක එනම් 1950-2010 අතර කාලයේ දීය. වැඩිම වර්ධනයක් පෙන්වන්නේ බ‍්‍රසීලය, රැුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප‍්‍රිකාව යන රටවල් පහක එකතුව තුළය. ආර්ථික වර්ධනයේ සීග‍්‍ර ප‍්‍රසාරණය පෙන්වන්නේ දියුණු සහ දියුණු වන රටවල වන අතර එම රටවල් තුළට සෘජු විදේශ ආයෝජනය වැඩිම ප‍්‍රමාණයක් ද ලැබී තිබේ. ජනගහනය වර්ධනය සමග බලශක්ති භාවිතාව ඉතාම වේගයෙන් වර්ධනය වී ඇති අතර සංවර්ධනය අරමුණු කරගෙන මුලින් ස`දහන් කරන ලද රටවල් පහ පමණක් නොව සෙසු දියුණු වෙමින් පවතින රටවල ද ගංගා හරස් කරමින් විශාල වේලි බැ`ද අලූත් ඉදිකිරීම් කර ඇත.

ජලය, පොහොර සහ කඩදාසි භාවිතාව ද වේගයෙන් ඉහළ ගොස් ඇති බව 1950-2010 අතර කාලය තුළ සිදුවූ එම ද්‍රව්‍ය ප‍්‍රයෝජනයට ගැනීම් ගැන කරන ලද සොයා බැලීම් තහවුරු කරයි. බ‍්‍රසීලය, රැුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප‍්‍රිකාව යන රටවල් පහ ජල සහ පොහොර පරිභෝජනය ඉහළම ප‍්‍රමාණයකින් කර ඇති අතර කඩදාසි භාවිතය අතින් ඉහළට පැමිණ ඇත්තේ දියුණු සහ දියුණු වෙමින් පවතින රටවලය.සමස්ථයක් වශයෙන් 1950 පසු වසර 2010 දක්වා කාලය තුළ නාගරීකරණය ඉතාම වේගයෙන් සිදුවී ඇත. එයට සාපේක්ෂව ප‍්‍රවාහන සහ සන්නිවේදන අවශ්‍යතා සකස් වී ඇති ආකාරය ද මෙම කරුණු විසි හතරකින් සමන්විත පර්යේෂණය අනාවරණය කරයි. ලෝකයේ රටවල් අතර සංචාරණය වඩා පුලූල් වී ඇත්තේ මෙම කාලය තුළ දී බව පැහැදිලිව පෙනේනනට තිබේ.

ජනගහනයේ වර්ධනය, නිෂ්පාදනය සහ පරිභෝජනය ඉහළ යාම පමණක් නොව වායුගෝලය දුෂණය වී ලෝකය නරක තැනක් බවට පත්වන්නේ ද මෙම ස`දහන් කරන ලද කාලය තුළ බව නිරීක්ෂණය කළ හැකිය. කාබන් ඩයෝක්සයිඞ්, නයිට‍්‍රජන් සහ මීතේන් වායු ප‍්‍රතිශත ඉහළ නැග ඇති අතර මුහුදේ උශ්ණත්වය ඉහළ යාමෙන් සිදුවී ඇති පාරිසරික ගැටලූ ද සාකච්ඡුා කර තිබේ. ඉඩම් භාවිතාව ඉහළ යාම, ස්වභාවික වනගහනය අඩුවීම, මුහුදේ සම්පත් හි`ගවන විට කෘතීමව කරන මත්ස්‍ය නිෂ්පාදනය වැනි පැති ගැන ද මෙහි ඇති සටහන් කරුණු අනාවරණය කරයි.

ජගත් ආර්ථික සංසදය මෙම පැති ගැන අලූත් සංවාදයක් ආරම්භ කරන්නේ ලෝක නායකයින්ට අතීතය දෙස බලා, ස්වකීය පාලන කාලය තුළ සිදුවන දේ ගැන ගැඹුරෙන් සිතන්නට අවස්ථාව සම්පාදනය කරමින්ය. ලෝකයේ නොයෙක් පර්යේෂණ ඔස්සේ දියුණු ක‍්‍රම මගින් අනාවරණය කරගෙන ඇති දත්ත උපයෝගි කරගෙන අලූත් මත ගණනාවක් මෙහි දී සාකච්ඡුාවට ලක් කර තිබේ. ඉතාමත් වැදගත් වන්නේ විශ්වය තුළ අසිරිමත් නැනක් වන පොලෝ තලය පසුගිිය වසර හැට තුළ අන් කවර කාලයකටත් වඩා වේගයෙන් පරිවර්තනයවීම පිළිබ`දව දක්වා ඇති අවධාරණයයි.

https://gaenda.weforum.org  යටතේ සෑම නායකයෙකුම කියැවිය යුතු සහ අවබෝධයට ගෙන ප‍්‍රතිපත්ති සකස් කිරීමේ ක‍්‍රියාවලියේ දී සැලකිල්ලට දැක්විය යුතු පැති වශයෙන් හෙළි කරන මෙම දත්ත විශ්ලේශණය කිරීම ශ‍්‍රී ලංකාවට ද වැදගත්ය. වන ගහනය, ඉඩම්, ජලය, සාගර සම්පත් සම්බන්ධයෙන් තීරණ ගැනීමේ දී සහ බලශක්තිය, පොහොර භාවිතාව තුළින් සිදුවිය හැකි බලපෑම විද්වතුන් තුළ සාකච්ඡාවට ගත යුතුය. වසර 1750 සිට 1950 දක්වා සරල පැවැත්මක තිබූ ලෝකයේ හැසිරීම එකවරම අවුරුදු හැටක් තුළ විශාල වෙනසකට ලක් වන විට තවත් වසර සියයකින් මෙම රටවල් පවතිනු ඇත්තේ කෙසේදැයි විමසා තීරණගන්නට මෙම සටහන නායකයින්ට බරපතල ආකාරයකින් බල කරනු ඇත.

Advertisements