milinda-prashna

2015/01/21 – ලංකාදීප- මිලින්ද මොරගොඩ

ජන සමාජය තුළ සිවිල් සංවිධාන සහ ශක්තිමත් ඒකක ව්‍යුහයකි. ජන ජීවිතයේ එදිනෙදා පොදු කාර්ය ඉටු කරගන්නට ජනී ජනයා සංවිධාන ගත වෙයි. ගමේ මරණාධාර සමිතියේ සිට ඉහළ පෙලේ වානිජ මණ්ඩලය දක්වා පුලූල් පරාසයක විහිදී ගිය සංවිධාන එයට අනන්‍යය. ජනතාව බලවත් හෙයින් සිවිල් සංවිධාන වශයෙන් ක‍්‍රියාත්මක වෙයි. විවිධ අරමුණු සාක්ෂාත් කරගැනීමට සිවිල් සංවිධාන බිහිව තිබේ. ඒවායේ සාමාජිකයෝ කාලය, ධනය සහ ශ‍්‍රමය වැය කරමින් කැපවීමෙන් කි‍්‍රයාකරති. සාමාජය එකතු වූ විට එය බලයක් සේ නැගී බලවත් ශක්තියක් බවට පත්වෙයි.

ජාත්‍යන්තර තලයේ දී සිවිල් සංවිධාන සුවිශේෂී බලවේගයකි. අන්තර් ජාලය සහ තොරතුරු තාක්ෂණය මගින් ඇති කරන තිබෙන අලූත් රාමුව ඔස්සේ එය වඩා ජව සම්පන්නය. ලෝකයේ කොතැනක හෝ වෙසෙන එක සමාන අදහස් ඇති පිරිස එකතු වී සංවිධාන ගොඩනගා ගනිමින් සිටින අතර සමාජ ගෝලීයකරණකට ලක්ව ඇති මෙකල එම සංවිධාන ව්‍යුහ ඉතා සංකීර්ණ සහ වඩා බලසම්පන්න කාර්ය භාරයක් ඉටුකරන තැන් බවට පත්ව තිබේ. අලූත් මත බිහිකරන අතර එම මත ලෝකය පුරා ප‍්‍රකාශ කරන, ඒ වෙනුවෙන් පෙනී සිටින සහ එම මත පදනම් කරගෙන මතවාද අලූත් කරන ආකාරයක් නිරීක්ෂණය කළ හැකිය.

මැත කාලය තුළ ශ‍්‍රී ලංකාවේ විවිධ සිවිල් සංවිධාන අති විශාල ප‍්‍රමාණයක් එකිනෙකට වෙනස් ඉලක්ක අනුව බිහිවී ඇත. වෘත්තීය සමිති ක‍්‍රියාකරන්නේ වැඩ කරන ජනතාවගේ අයිතීන් වෙනුවෙන්ය. ගොවි සමිතිය ගොවි ජනතාව වෙනුවෙන් පෙනී සිටියි. මානව අයිතිවාසිකම්, මාධ්‍ය නිදහස, පරිසරය, ව්‍යාපාරිකයන් පමණක් නොව පාරිභෝගිකයන් වෙනුවෙන් ද සිවිල් සංවිධාන ජාල පවතී. ත‍්‍රස්තවාදය මැඩ පවත්වන වකවානුවේ මෙම සිවිල් සංවිධාන අභිබවා රාජ්‍ය මතය ක‍්‍රියාත්මක විය. එහිදී සිවිල් සංවිධාන නගන හ`ඩ යටපත් වන්නේය. අභියෝගාත්මකව මත පළකළ සිවිල් සංවිධාන ආණ්ඩු විරෝධී ඒවා බව ප‍්‍රකාශ විය.

යුද පසුබිමක රජය ශක්තිමත් වන විට දුර්වල වන්නේ සිවිල් සංවිදාන සතු බලයයි. ලෝකයේ හැම විටම සිදුවන්නේ එයයි. ත‍්‍රස්තවාදය තුරන් කර සමාජය යළි ශක්තිමත්වන විට සිවිල් සමාජයේ බලය වැඩෙන්නට ඉඩ දීම ආණ්ඩුවක වගකීමකි. එවිට තම යහපත වෙනුවෙන් වෙහෙසෙන්නට සිවිල් ප‍්‍රජාවට හැකියාවක් ලැබේ. සිවිල් ප‍්‍රජාවගේ හැකියාව පුලූල් වන අතර ජනතා බලය ගොඩනගා සමාජය ශක්තිමත් කිරීමෙන් රටක පැවැත්ම සම්බන්ධ සම්පූර්ණ වගකීමෙන් යම් ප‍්‍රමාණයකට නිදහස් වන්නට සුදුසු පසුබිමක් රටට නිර්මාණය වෙයි.යහපත් රාමුවක් තුළ පක්ෂ දේශපාලනය සහ සිවිල් සංවිධාන සමබරව පවතී. සිවිල් සංවිධාන කාර්ය භාරය ගොඩනගන්නට රට තුළ ඉඩ ස්වභාවිකව ව්‍යාප්තවන්නේ නැත. ජනතා අවශ්‍යතා වෙනුවෙන් පෙළ ගැසුන මතවාද සහිත සිවිල් සංවිධාන යුද පසුබිම හෙයින් දීර්ඝ කාලයක් ප‍්‍රතික්ෂේප වී තිබූ පසුබිමක නැවත සංවිධාන ගත කරන්නේ කෙසේ ද යන්න සාකච්ඡාවට ගත යුතුය. අලූත් මත ඉදිරිපත් කරන සිවිල් නායකයන් රට තුළ සිටී. ජනතාව සංවිධාන ගත කර පුලූල් මතවාද ඇති කරන මෙම නායකයින් අවසාන වශයෙන් දේශපාලන පක්ෂ බලයට පත් කරන සහ පක්ෂ දේශපාලනයෙන් ජනතා අවශ්‍යතා සාක්ෂාත් කර ගන්නට වැර දරන ආකාරයක් නිරීක්ෂණය කළ හැකිය.

සිවිල් සංවිධාන රාමුව එයින් ඔබ්බට විහිද ගිය සමාජ යුක්ති සහගත බලවේගයක් බවට පත්විය යුතුය. අවසාන විස`දුම ඇත්තේ දේශපාලනයෙන් පමණක් නොවේ. ජන කොටස් වල විශ්වාසය දිනාගත හැකි නායකයන් එකතු වී පොදු පදනමකට පැමිණීමෙන් රට තුළ විශාල වෙනසක් කළ හැකිය. ප‍්‍රතිපත්ති සම්පාදනයේ දී සහ රටේ අනාගතය සම්බන්ධ තීරණගැනීමේ ක‍්‍රියාවලියේ දී දේශපාලනයෙන් තොරව ජනතා අදහස් ඉදිරිපත් කළ හැකි සිවිල් සංවිධාන ජාල ගතවීමක් රටට අවශ්‍යව තිබේ. යුද වකවානුවේ දී මහජනතාව වෙනුවෙන් සියලූ අයිතීන් තමා සන්තක කරගත් ආණ්ඩුව යළි මහජන සංවිධාන වලට සිවිල් සංවිධාන ශක්තිය පවරන්නට වගබලා ගත යුතු අතර පොදු ජනතාව ද සංවිධානගත වී ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් සුරක්ෂිත කරන සහ සමාජ අවශ්‍යතාවයන් ඉටු කරන පුලූල් සිවිල් බලවේගයක් රට තුළ තහවුරු කරගත යුතුය.

Advertisements