milinda-prashna

2014/12/03 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රජාතන්ත‍්‍රීය කරන්නේ කෙසේද? යන්න වර්තමානයේදී අවධානයට ගතයුතු ප‍්‍රධාන මාතෘකාවන් අතර මුල් තැනක් හිමිවිය යුතු කාරණාවකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය බහුතරයේ කැමැත්තය. බහුතර මතය අනුව රටක් පාලනය කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය ලෙස සැල‍‍කේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලොව හොදම පාලන ක‍්‍රමය විය නොහැකිය. නමුත් අද ලෝකයේ වැඩිම රටවල් ගණනක් අනුගමනය කරන යුක්ති සහගත පාලන ක‍්‍රමය ලෙස පිළිගැනෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි.
පක්ෂ දේශපාලනය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගැබ්ව ඇති මුලික ලක්ෂණයකි. එකිනෙකට වෙනස් අදහස් සහ මතවාද අනුව දේශපාලන පක්ෂ ව්‍යුහය සකස් වේ. බලයට හිමිකම් කියන්නේ යම් දේශපාලන පක්ෂයකි, ඒ වැඩිම මහජන කැමැත්ත දිනාගැනීම අනුවය. මහජනතාවගේ ජන්දයෙන් පත්වන නමුත් වැඩි නියෝජනයක් දිනා ගැනීමට අසමත් වන පක්ෂය විපක්ෂය වශයෙන් පෙළ ගැසේ. ආණ්ඩු බලය ඇති පක්ෂයට මතවාදයක් ඇති සේම විපක්ෂයටද ආර්ථික, සමාජ, සහ දේශපාලන ධාරාව සම්බන්දයෙන් විකල්ප අදහස් තිබේ.

පක්ෂය සහ විපක්ෂය මතවාද ගැටී සාක්ච්ජාවී මහජනතාවට ගැලපෙන හොදම තීන්දු තීරණ ගනු ඇති ක‍්‍රමය අපේක්ෂා කරයි. තොරතුරු තාක්ෂණය සහ නව මාධ්‍ය බාවිතාව ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුලික බවිතාව මත අලූත් පදනමක් බිහිකර තිබේ. නව මාධ්‍ය බවිතාව ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුලික අංගයක් වන දේශපාලන පක්ෂ ව්‍යුහය බරපතල අර්බුදයකට යොමුකර ඇත. මෙම අලූත් සොබාවය අනුව පක්ෂයක යාන්ත‍්‍රනය හෝ සාමාජිකත්වය වැදගත් නැති බවට පත්ව තිබේ. පක්ෂයක සාමාජිකයන් ප‍්‍රාදේශීය පළාත් සහ ජාතික මට්ටමෙන් වියුහාත්මක ආකාරයට පක්ෂයේ පදනමට එකතු වීම අවධානයට ගැනෙන්නේ නැත. පක්ෂ ප‍්‍රතිපත්ති හෝ අනන්‍ය ලක්ෂණ වෙනුවට නායකයන්ගේ ජනකාන්ත බව විශාල ප‍්‍රතිරූප ඇතිකරයි.මෙම ප‍්‍රතිරුප ගොඩනගන්නේ මාධ්‍ය විකාශය කරන නායකයන්ගේ හැසිරීම් සහ ක‍්‍රියා කාරකම් අනුවය.

සාමාජිකයන්ගේ සම්බන්ධතාවය අනුව නායකයා තෝරා ගැනීම වෙනුවට ජනකාන්ත බව වඩා වැදගත් සාදකයක් බවට පත්ව තිබේ නරේන්ද‍්‍ර මෝදි ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයට වඩා මෝදි වෙත ආකර්ෂණය වන බව ඉන්දියාවෙන් දක්නට ලැබෙන විශාල ජනකොටසක් එකතුවූ එවැනි අවස්ථා මෙන්ම ඉන්දියාවේ ‘ආම් ආදී’ පක්ෂයද විශාල ජන සම්බන්දයක් නැති නමුත් විශාල මතයක් මාධ්‍ය මගින් ඇතිකර තිබේ.

‘බොරිස් ජොන්සන් ’ලන්ඩන් නගරාධිපති වරයාය ඔහු කරන කියන දේ අනුව හැසිරෙන ආකාරය අනුව බි‍්‍රතාන්‍යයේ විශාල ජනකාන්ත බවක් අත්පත් කරගෙන තිබේ පුද්ගලයෙකුගේ විලාශය නගරාධිපති ධුරය තෙක් ඔහු කැඳවු අතර ඉදිරියේදී කොන්ස්ටටිව් පක්ෂයේ සාම්ප‍්‍රදායික නායකත්වයට අභියෝග කර බි‍්‍රතාන්‍යය අගමැති ධුරයට පත්විය හැකි යැයිද අදහස් මතුවෙමින් තිබේ.

ජනතාව සමග සංවාදයෙන් පක්ෂ බලවත් වී පක්ෂය නමින් නායකයා බිහි වීම වෙනුවට පුදගලයන්ගේ ක‍්‍රියාකාරීත්වය අනුව පක්ෂ අලූතෙන් රාමුගතවන යුගයක් නිර්මාණය වී තිබේ. ප‍්‍රතිපත්ති මත පක්ෂයට සාමාජිකයන් එකතු වීමෙන් පක්ෂය බලවත් වීම පසෙක තබා පුද්ගල හැසිරීම අනුව ජනකාන්ත ජන අවධානය දිනා ගන්නා ආකාරය අනුව ජන බලය ගොඩනැගෙන තත්ත්වයට ස්වභාවය පරිවර්තනය වී ඇතිබව වටහා ගත හැකිය. මෙම සුක්ෂම තත්ත්වය අනුව ජන බලය ප‍්‍රධානම සාධකයක්ද යන ගැටලූව මතුවෙයි. සුළු පිරිසක් නමුත් මාධ්‍ය මගින් විශාල මතයක් ඇති කිරීමද, එම මතය අනුව ජනයා ඒකරාශී වීමද පරිවර්තනීය තත්ත්වයකි.

Advertisements