milinda-prashna

2014/10/22 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

වෙළ`ද පොළ ආර්ථික ක‍්‍රමය තුළ ප‍්‍රමුඛතා හ`දුනා ගැනීම ඉතාම වැදගත් කාරණාවකි. භාණ්ඩ නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා මුණ ගැසෙන්නේ වෙළ`ද පොලේ දීය. මිළ, ප‍්‍රමිතිය, උපයෝගීතාව සහ පහසුව රහිත නම් පාර්ශව දෙකටම ගැටලූ මතුවෙයි. පාරිභෝගිකයන් වශයෙන් පොදු මහජනතාවට අඩු මිලට හො`දම තත්ත්වයේ භාණ්ඩ, පහසු මිලට, ඕනෑම තැනකින් ගන්නට හැකියාව ලැබිය යුතුය. නිෂ්පාදකයන් සිය පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සපුරාලිය යුතු අතර එහි බාධා සිදුවන විට වෙළ`ද පොළ අයහපත් පැත්තට හැරේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක විවෘත ආර්ථික ප‍්‍රතිපත්ති තුළ ආණ්ඩුවකට කළ හැකිවන්නේ නිෂ්පාදකයාට සහ පාරිභෝගිකයාට සමව සලසන ක‍්‍රමවේද හ`දුන්වාදීම පමණකි. ගැටලූ හමුවේ නිෂ්පාදකයා ආරක්ෂා කළ හැකිය. එය තර`ගකාරී ලෙස පැවැතිය යුතු වෙළ`ද පොළට ආරක්ෂණයක් සැපයීමකි. දිරි ගැන්වීම්, ආනයන සීමා පැනවීම සහ සහතික මිළ නිපදවන්නා වෙනුවෙන් උපයෝගීවන පැති කිහිපයකි. නිෂ්පාදකයා ආරක්ෂා වන විට පාරිභෝගිකයාට ප‍්‍රශ්න මතුවෙයි. පාරිභෝගිකයා වෙනුවෙන් වැඩි අවධානයක් යොමුකරන අවස්ථාවක එයින් අපහසුතාවයට පත්වන්නේ නිෂ්පාදකයන්ය. සහනාධාර, පාලන මිල සහ ආනයනික දේ වෙනුවෙන් වැඩි බදු හා නීති පැනවීම පාරිභෝගිකයන් රකින්නට අනුගමනය කරන ප‍්‍රතිපත්ති අතර වෙයි. මෙම ක‍්‍රම දෙක වෙනුවෙන්ම යම් වන්දියක් ගෙවන්නට සිදුවෙයි. මිල පාලනය හෝ නීති පැනවීම සමග කලූ කඩ බිහිවෙයි. 1977 ට කලින් මහජනතාව පීඩාවවට පත්වූයේ වෙළ`ද පොල පාලනය සමග ඇතිවූ තත්ත්වය හෙයිනි.

වර්තමානයේ රබර් වගාකරුවන් සහතික මිලක් ඉල්ලා සිටී. තේ දළු කිලෝවකට සහතික මිලක් සහ බිත්තර වලට සහතික මිලක් ඉල්ලන්නට එහි නිරත පිරිස යුහුසුළු වී ඇත. ලෝක වෙල`ද පොලේ රබර් මිල අඩු වන විට එයට මුහුණ දෙන්නට නිෂ්පාදකයන්ට සහතික මිලක් සපයන විට පරතරය ගෙවන්නේ ආණ්ඩුවයි. එය මෙරට බදු ගෙවන ජනතාවට ප‍්‍රශ්නයකි. වී ගොවිතැනට පොහොර සහනාධාරය ඇතුළුව විශාල සහන ප‍්‍රමාණයක් සපයයි. සහල් කිලෝවක් නිපදවන්නට කරන සැබෑ වියදම කොපමණදැයි සමාජයට දැනෙන්නේ නැත. තේ දළු වලට, බිත්තර නිෂ්පාදනයට, අර්තාපල් නිපැයුමට හෝ ලොකු ලූනු ගොවියන්ට සහන දෙන විට ඒ පිරිවැය ආණ්ඩුවේ වියදමට එකතු වෙයි. ආණ්ඩුව ධනය නිපදවන්නේ නැත. මහජනතාවගෙන් අය කරන බදු වලින් අය වැය පියවා ගන්නා අතර නිෂ්පාදකයන්ට සහන දෙන්නට ආණ්ඩුවේ මුදල් වියදම් කරන විට එය අවසානයේ හිරිහැරයක් වන්නේ සමස්ථ සමාජයටය.

පාරිභෝගික පොදු ජනතාවට සහන සැපයීම පැත්තෙන් සලකා බලන විට ද පිරිවැය පියවා ගන්නේ ජනතාවගෙන්ම එකතු කරන බදු වලින් බව අමතක කළ යුතු නැත. සහන පමණක් නොව සහතික මිල ද සමාජයට පනවන අලූත් බදු වන අතර ඒවා ඉල්ලන්නට කලින් කාර්යක්ෂමතාව, ඵලදායීව මෙහෙයවීම, අරපිරිමැස්ම සහ සම්පත් කළමණාකරනය සම්බන්ධ අලූත් භාවිතා උපයෝගී කරගෙන ගැටලූ වලට මුහුණ දෙන්නට තැත් දැරිය යුතුය. නිෂ්පාදකයන් හෝ පාරිභෝගිකයන් මෙම පැති ගැන අවධානය අඩු නම් කෙලින්ම සාකච්ඡුා කර ගැටලූව අවබෝධ කරගන්නට පසුබිම සකස් කිරීම අවශ්‍යය.

සහනාධාර හෝ සහතික මිල ඉතාම නරක සහ සහ මුලින්ම අතහැර දැමිය යුතු ප‍්‍රතිපත්ති යැයි මෙයින් අදහස් කරන්නේ නැත. නමුත් පාරිභෝගිකයන් හෝ නිෂ්පාදකයන් එම වචන භාවිතා කරමින් ආණ්ඩුවට බල කරන විට වෙළ`ද පොළ ක‍්‍රමය අනුව එයට මිලක් ඇති සහ එය ගෙවන්නේ සම්පූර්ණ ජන සමාජය බව වටහා ගත යුතුය. තාවකාලික විස`දුම වශයෙන් යම් වෙනස්කම් ඇතිකර එම සහනාධාරය හෝ සහතික මිල ක‍්‍රමය ඇති කරන්නේ නම් ඒ වෙනුවෙන් දරන්නට සිදුවන පිරිවැය විනිවිද පෙනෙන ආකාරයට ජනතාවට දැනුම්වත් කළ යුතු අතර එය ආපසු පියවා ගන්නා ක‍්‍රමය ගැන ද ස`දහන් කිරීම යහපත්ය.
ජනතාව තොරතුරු දැන අවබෝධයෙන් යුතුව තීන්දු ගන්නා සමාජයක් ඇති කළ යුතු අතර එය පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා ආරක්ෂා කරයි. එවැනි ප‍්‍රතිපත්ති හෙයින් ඇතිකරන මුල්‍ය කළමණාකරනයේ පැහැදිලි භාවය ආණ්ඩුව කෙරෙහි ප‍්‍රසාදය තහවුරු කරනු නිසැකය.

Advertisements