milinda-prashna

2014/10/15 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

‘තම අධ්‍යාපනයට පාසල් ගමන බාධාවක් කරගත්තේ නැත’ එය සුප්‍රකට සාහිත්‍යධර මාක් ට්වේන් ප්‍රකාශයකි. එයින් කියන්නේ ඉගෙනුම ලබන එකම තැන පාසල පමණක් නොවන බවය. එතුමන්ගේ ප්‍රකාශය පදනමක් කරගත් ඇමරිකාවේ තෙයිල් සංවිධාන සංසදය එරට විශ්ව විද්‍යාල ශිෂයන්ට විශේෂිත ශිෂ්‍යත්ව පිරිනමයි. එයට ඉල්ලූම් කළ හැක්කේ ඇමරිකාවේ විශ්ව විද්‍යාල ලවලට තේරී පත්වන සිසුන් අතරින් විශිෂ්ඨතම ප්‍රතිඵල සහිත අයටය. අවුරුදු දෙකක් විශ්ව විද්‍යාලයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වී වයවසායකත්වයක් ගොඩනගන්නට කැපවන්නට සිදුවෙයි. මෙම ශිෂ්‍යත්වයට ඇමරිකානු ඩොලර් ලක්ෂයක ප්‍රදානයක් හිමිවන අතර එය උපාධිය පසෙක තබා අලූත් කර්මාන්තයක්, ව්‍යාපාරයක් හෝ තාක්ෂණික නිර්මාණයක් වෙනුවෙන් කරන අභියෝගයකි.එය සාර්ථක වුවහොත් ශිෂ්‍යත්වලාභීන් උපාධිය ගැන කම්පා නොවේ. නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘ ලෙස කන්නන්ගර මැතිතුමා ගැන උත්සව පවත්වන ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක දරුවන්ට උපාධිය වෙනුවට මෙවැනි අලූත් යමක් කරන්නට යෝජනා කළහොත් සිදුවිය හැක්කේ කුමක්ද?

බුදු රජාණන් වහන්සේ, යේසුස් තුමා ඇතුළු ආගමික ශාස්තෘවරුන් සිය දර්ශනය පසක් කළේ සහ අනුගාමිකයන්ට අවබෝධය ලබා දුන්නේ සියලූ පහසුකම් සහිත වට පිටාවක නොවේ. ලෙනින්, කාල් මාක්ස්, මාවෝ සේතුං, ගාන්ධි වැනි නායකයන් පවා උනන්දු වූයේ හො`ද නේවාසිකාගාර, පහසුකම් සහිත දේශනශාලා ගැන නොවේ. ඇල්මෙන් අකුරු උගෙනිව් ඉදිරි වැඩ තකා යැයි ස`දහන් වන්නේ එහෙයින්ය. වඩා සාර්ථකත්වය කරා යා හැකි මාර්ගය උපාධිය පමණක් නොව ඉගෙන ගන්නට ඉඩ දියව් යන ආවේගය ද වලංගු නැත. විශ්ව විද්‍යාලය යනු හුදෙක් පොත පතක ලියා ඇති දේ ගුරුවරුන්ගෙන් ඉගෙනගන්නා තැනක් නොවේ. වත්මන් තාක්ෂණික යුගයේ දී දුරකථනයක් සහ අන්තර් ජාල පහසුකම් ඇත්නම් ඉගෙනගන්නට ඇති අවස්ථා අප්‍රමාණය. නමුත් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ ආකල්පය වෙනස් එකකි. උපාධියෙන් ජීවිතය සර්ව සම්පූර්ණ වෙතැයි ඉගෙන ගන්නා දරුවෝ සිතති. ජනප්‍රිය පාසලට දරුවන් ඇතුලත් කරන්නට විශාල මහන්සියක් දරන දෙමව්පියන් අතිරේක පන්ති වලට ද මුදල් වැය කර මහත් බලාපොරොත්තු සහිතව විශ්ව විද්‍යාලයට යවන්නේ එයින් අනාගතය සාක්ශාත්වනු ඇතැයි අදහස ඇතිවය. නමුත් විශ්ව විද්‍යාලය සියලූ බලාපොරොත්තු ඉටු කරන්නේ නැත.

මෙරට අධ්‍යාපන ක්‍රමය අනුව උපාධිය සම්පූර්ණ කරගත් පසු හො`ද වැටුපක් සහිත රැකියාවක් සොයාගැනීම පහසු නැත. මෙරට විශ්වවිද්‍යාල උපාධිධරයන්ට රැකියා වෙළ`ද පොළ ඉල්ලන සුදුසුකම් නැත. උපාධිය ද සහිතව පාරට බැස රැකියා ඉල්ලා සටන් කරන්නට සිදුවී ඇත්තේ එහෙයින්ය. රැකියා සපයන ලෙස බල කරනවිට ආණ්ඩුවකට කළ හැක්කේ රජයට බ`දවා ගැනීම පමණකි. පසුගිය දා සබරගමුව විශ්ව විද්‍යාලයේ සිදුවීමෙන් පුපුරා ගියේ ද රට පුරා විශ්ව විද්යාවල පද්ධතියේ පවතින මෙවැනි බරපතල සමාජ ගැටලූවක එක පැති කඩකි.ප්‍රාථමික අධ්‍යාපනයේ සිට විශ්ව විද්‍යාලය දක්වා දරුවන්ගේ අනාගතය එක ආකාරයකට ගොඩ නගන සැලැස්මක් රටට අවශ්‍යමය. දෙමව්පියන්, ගුරුවරුන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් එකතු වී සිසුන්ගේ හසුරු කෞෂල්‍ය මත අනාගතය තීරණය කරන්නට හැකි ආකාරයට අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුව තිබේ. පෙර පාසලේ සිය අතිරේක පන්ති යවන සහ ජනප්‍රිය පාසලකට දරුවා ඇතුලත් කර ගැටලූව විස`දාගත හැකියැයි සිතන මෙම අධ්‍යාපන ක්‍රමය නිදහස් එකක් නොවේ.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කර නිමයට රාමුව සකස්වී ඇත්තේ නිදහස ලබන විට බ්‍රිතාන්‍යයේ තිබූ ක්‍රමය අනුවය. ධනය ඇති පවුල්වල දරුවන්ට ඉතිහාසය සහ සම්ප්‍රධාය උගන්වා උපාධියක් පිරිනමන අතර බලය හිමි රදල පරපුර සිය අනුප්‍රාප්තිකයන්ට ගොඩනගන්නේ උපාධි සුදුසුකම් ඇති බව දක්වමින්ය. වර්තමාන සමාජ ගෝලීයකරණය තුළ තර`ගකාරීව නැගෙන්නට එවැනි සම්ප්‍රදායික උපාධියකට හැකියාවක් නැත. රටට ගැලපෙන සහ නිවහල් ආකාරයකට චින්තනය ගොඩනගන අධ්‍යාපන ක්‍රමයක් පෙර පාසල, උසස් අධ්‍යාපනය සහ දහම් පාසල එකතු කරගෙන සකස් කරන්නට කාලය එළැඹ තිබේ. එය ප්‍රමාද කරන තාක්කල් දරුවන් සහ ආණ්ඩුව අතර ගැටුම් නතර කළ නොහැකිය. සත්‍යට මුහුණ දෙන සංවාදයක් ජනතාව සහ ප්‍රතිපත්ති සම්පාදකයන් අතර අවශ්‍යය. අද පවතින කමය තුළ දේශපාලනඥයන් තීන්දු ගන්නේ ඊළ`ග ඡන්දය ඉලක්ක කරගෙනය. සත්‍යයට මුහුණ දී මතු පරපුර ගැන අවධානය යොමු කර තීන්දුගත යුතු මොහොත උදා වී තිබේ.

Advertisements