milinda-prashna

2014/10/08 – ලංකාදීප- මිලින්ද මොරගොඩ

බොදුනුවන්ට අනුව වැසි සහිත මාස හතරෙන් අවසාන මාසය චීවරදාන සමයයි. වස් කාලය ශික්ෂාපද ආරක්ෂා කරමින් වැඩ වසන හිමිපාණන් වහන්සේලාට වස් පවාරණ විනය කර්මය කිරීමෙන් ඉක්බිතිව කඨිනස්ථාරය නම් විනය කර්මය සිදු කිරීමට අවස්ථාව උදාවෙයි. වර්තමානයේ මහා උත්සවයක් ආකාරයට සැම විහාරස්ථානයකම පවත්වන කඨින චීවර පූජාවට මග පාදන්නේ එයයි. බුදුන් දවස වැසි සමයේදී පිණ්ඩපාතයෙහි ඇතුළු අවශ්‍යතා ස`දහා චාරිකාවේ හැසිරෙන භික්ෂූන් වහන්සේ නොදැනුවත්ව තණ පැලෑටි නසමින්, කුඩා සතුන් පාගමින් ඇවිදින විට දෝෂාරෝපනයට ලක්ව තිබේ. වැසි වැටෙද්දී තෙමී ගත් සිවුරුවලින් යුතුව දුකට පත්ව වෙසෙන භික්ෂුව ද දැකගත හැකිවිය. මේ සියල්ල සලකා වස් කාලසීමාව සහ කඨින සිවුරු පූජාව බුදු රජාණන් වහන්සේ අනුදැන වදාල බව බෞද්ධ පොත පතෙහි ස`දහන්ය.

අල්පේච්ඡ සහ ආසාවන් තුරන් කර පැවැදි වූ භික්ෂුව වෙත වස් සිවුරක් පිළිගන්වන්නේ කෙසේදැයි කඨින චීවරය සම්බන්ධ කාරණා ගැඹුරෙන් විමසන විට පැහැදිලිව අවබෝධ කරගත හැකිය. කිසිවෙකුටත් ප‍්‍රයෝජනයක් නැති රෙදි කඩක් ගෙන කැබැලිවලට කපා නූල් ගසා, සිවුර මසා, ප`ඩු පොවා, කප්බිංදුව තබා වැඩ නිම කළ සිවුර පසුදින අළුයමට පෙර පූජා කරයි. කිසිවෙකු ආසා නොකරන ප`ඩු වර්ණයෙන් යුත් මෙම සිවුර ඇ`ද පසුව පොරවා, ඉනික්බිතිව පා පිසදාන්නට ද ගෙන අවසානයේ කිසිදු ප‍්‍රයෝජනයක් ගත නොහැකි වන අවධියේදී මැටි වලට අනා විහාර බිත්ති සකස් කරගන්නා ලෙසට විනය පනවා ඇති බව ස`දහන් කළ යුතුය.

එතරම් ප‍්‍රයෝජනයට ගන්නා ආකාරයට සකස්වන කඨින සිවුරු පූජාව කුසල කර්මයේ දී සංඝයා වහන්සේලාට අවශ්‍ය සෙසු පිරිකර වශයෙන් ඉදල, කොස්ස, පැදුර, කොට්ටය, පාපිස්ස, ආදිය උපකරණ පමණක් නොව විහාරස්ථානයට අවශ්‍ය ඇඳ පුටු ආදි ගරු භාණ්ඩ පූජා කරන අතර දායක පිරිස විසින් විහාරස්ථාන භූමිය එළි පෙහෙළි කොට විහාර, බෝ මලූව, ධර්මශාලාව ආදී ගොඩනැගිලි ප‍්‍රතිසංස්කරණය කිරීම ද සිදු කරනු ලබයි. බොදු සැදැහැවතුන්ට මෙම කුසල ක‍්‍රියාව අතීතයේ සිට පැවැත එන ක‍්‍රමයෙන් වැඩි දියුණු වූ උතුම් චාරිත‍්‍රයකි.

නමුත් වර්තමාන කඨින පූජාව මහා උත්සවයකි. එහි මූලිකත්වය ගැනීමට දායකයන් අතර තර`ගයක් තිබේ. එය සංවිධානය කිරීමට විශාල ධනයක් වැය කරයි. කඨින සිවුර කපා මසන්නට භක්තියෙන් වෙහෙසෙන අයුරු දැකිය හැකිය. නමුත් පූජාව සම්පූර්ණ කඨිනයක් නොවීමට කරුණු විසි හතරක් බලපාන අතර සහ කඨිනයක් වීමට කරුණු දහ හතක් හේතුවන බව වර්තමානයේ බලවත් ආශාවකින් කඨින පෙරහර සංවිධානයට කැපවන දායකයන් කිසිවෙකු සොයා බලන්නේ නැත. විහාරස්ථානයක වස් වසන ස්වාමීන් වහන්සේලාට කඨින චීවර පූජාව සංවිධානය කරන්නට පවා අකැප බව ද සාකච්ඡුාවට ගැනෙන්නේ නැත. එයට මග පෙන්වීමක් සහ නියම කඨින පූජාවක් ස`දහා පිලිවෙත් නැවත සාකච්ඡුාවට ගැනීමක් අවශ්‍ය බව අද පැහැදිලිව පෙනෙන කරුණකි.

කඨින සිවුර පෙරහරක රැුෙ`ගන යන්නේ අලි ඇතුන්, උඩ පහත නැටුම් සහිතව වාදනයෙහි යෙදෙමින් දර්ශණීය ආකාරයට බව වර්තමානයෙහි දකින්නට ලැබෙන සුලබ දසුනකි. සංඝරත්නයට විනයානුකූලව කැප සිවුරක් වෙනුවට ඉතා වටිනා රෙදි වර්ගයකින් මසා සකස් කරන සිවුරක් පිරිනමන්නට දායකයන් උත්සුක වන බව ද නිරීක්ෂණය කළ හැකිය. සසරින් එතෙරවීම අපේක්ෂාවෙන් සසුන්ගත වන සංඝ රත්නය අල්පේච්ඡ සහ බැ`දීම් රහිත අප‍්‍රමාණ ගුණ දහම් වඩන්නේය. එහෙයින්ම ගිහියන්ට කල නොහැකි බලවත් කැපවීමක සිටින උන්වහන්සේලාට බොදුනුවෝ ගරු බුහුමන් කර පුද සත්කාර සලසා පින් අපේක්ෂා කරති. නමුත් අද දවසේ ගිහි සමාජය තමන් අනුගමනය කරන පිළිවෙල බුදු දහමේ හරය ආරක්ෂා කරන සහ එහි දර්ශනය සලකා ක‍්‍රියාකිරීමක් දැයි තමන්ගෙන්ම විමසා බැලීම වැදගත්ය.

Advertisements