milinda-prashna

10.09.2014- ලංකාදීප- මිලින්ද මොරගොඩ

ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර බලපවත්වන සම්බන්ධතා කෙරෙහි අවධානය අලූත් මගකට පැමිණ තිබේ. එ රට අලූත් ආණ්ඩුව, අලූත් අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි සහ ඉන්දියාව හැසිරෙන ආකාරය ගැන විශාල බලාපොරොත්තු මෝදුවෙමින් තිබේ. මෙම පසුබිම හමුවේ ඉන්දියාව හ`දුනාගැනීම සහ ශ‍්‍රී ලංකාවේ රාමුව අවබෝධ කරගැනීම ඉතාම වැදගත්ය.වර්තමාන ලෝක ආර්ථික සහ දේශපාලන භූමිකාව තුළ ඉන්දියාවට පැවරුණ වගකීමක් තිබේ. එය නීති මගින් බල නොගන්වන ලද සහ කිසිවෙකු විසින් නොපවරන ලද එකකි. නමුත් ක‍්‍රියාකරමින් සිටින්නේ දකුණු ආසියාවේ බලවතා වශයෙනි. භූමියෙන් සතු ආධිපත්‍ය සහ විශාල වෙළ`දපොළ සහිත ආර්ථිකය හෙයින් මෙම බලවත් භාවය තවත් ඔප්නැංවී තිබේ. ශ‍්‍රී ලංකාවද දීර්ඝ ඉතිහාසයක්, ශිෂ්ඨාචාරයක් සහ අනන්‍ය සංස්කෘතියක් ඇති රටකි.
ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර අනෝන්‍ය සම්බන්ධතා දීර්ඝකාලයක් තිස්සේ පවතියි.

මෙම සම්බන්ධතා පැනනැගෙන ප‍්‍රධාන බල ධාරා හතරක් හ`දුනාගත හැකිය. එකක් රාවණා පුරාවෘතයයි. රාමායනය දෙරට තුළ දෙආකාරයකට සිදුවන විග‍්‍රහයකි. රටවල් වල ජන විඥානයේ දැවැන්ත ලකුණක්සේ දැකිය හැකිය. ශ‍්‍රී ලාංකිකයන්ට රාවණ වීරයෙකු නමුත් ඉන්දියානුවන්ට එය එසේ නොවේ. දෙවනුව ඉන්දියාවෙන් මෙරටට ලැබුණ බුදු දහමයි. ඉන්දියාවටත් වඩා බුදුදහම පවතින සහ ධර්මය ලෝකයට බෙදාදෙන රාජ්‍ය බවට පත්ව ඇත්තේ ශ‍්‍රී ලංකාවයි. තුන්වැනුව බදු දහම මෙරටට ලැබෙන්නට කලින් සිදුවූ විජයාගමනයයි. මෙම බල ධාරාවන්ට පසු නිරීක්ෂණය කළහැකි බලවත්ම සිද්ධිය නම් චෝල ආක‍්‍රමණයයි. එය සෑහෙන කාලයක් මෙරට පැවැත්මට, ආගමට සහ සංස්කෘතියට සිදුකළ බලපෑම සියුම්ය. මෙම සිද්ධි හතර නොයෙක් ආකාරයට රටවල් අතර සම්බන්ධතාවයන් හමුවේ සියුම්ව බලපවත්වමින් සිටී. ආර්ථික සාමාජයීය සහ ජනතාව අතර බැ`දීම් අලූත්වන සෑම අවස්ථාවකම මෙම කරුණු හතර පාදක කරගෙන සිදුවන බවක් පෙනේ. නමුත් බුදුදහම සහ එයින් ලැබුණ ශික්ෂණය ගැන නොතකන අප වඩා අවධානයට ගන්නේ රාමායනයේ ප‍්‍රතාප භාවයයි. බුදු දහමින් ලැබුණ ආභාෂය සහ විජයාගමනයට ඇති සම්බන්ධය අමතක කරන තරමට දෙරට අතර වර්තමානයේ පවතින්නේ රාමායනයේ එදිරිවාදයයි.

වසර දෙදහස් හයසියයකට වැඩි කාලයක් සමීප රටවල් වශයෙන් ජනතාව අතර බෙදාහදා ගැනීම් පමණක් නොව ගැටීම් බි`දීම්ද සිදුවූ බව සැලකිල්ලකට ගත යුතුය. දුපතක ස්වභාවය හෙයින් ශ‍්‍රී ලංකාවට නොයෙක් ජාතීන්ගේ සහ සංස්කෘතීන්ගේ ආක‍්‍රමණ සිදුවී ඇත. එහි ඉදිරියෙන්ම සිටින්නේ ඉන්දියානු බලපෑමයි. කාලයක් මෙරට රජපවුල් ආවාහ විවාහ කරගන්නේ ද දකුණු ඉන්දියාවෙන්ය. අවසාන කාලයේ ලංකාවේ රජකමට පත්වන්නේ ද ඉන්දීය සම්භවයක් ඇති නායක්කර්වංශිකයන්ය. මෙම පැති අලලා සලකන විට අප සමාජය විවෘත වියයුතු අතර දෙරටටම සිදුවීම් අලලා ආඩම්බර වියහැකි උරුමයක් තිබේ.

ඒ අනුව ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර අත්‍යාවශයෙන්ම තිබිය යුතු එදිරිවාදයක් නොව සියුම් සම්බන්ධතාවයක් බව පැහැදිලිය. විජය කුමාරයාගේ පැමිණීම සහ මහින්දාගමනය සම්බන්ධව තහවුරු කළ හැකි සාධක එමටය. පෙනෙනදේ නොතකන සහ නොවැදගත් දේ ගැන සියුම් තර්ක ගොඩනගන දෙරටටම දෙරට ගැන, එහි අනන්‍ය සම්බන්ධතා ගැන අලූතින් කියවන්නට අවශ්‍යය. සම්භවය අලූත් ආකාරයකට තහවුරු කරගත යුතුව ඇත. බුදු දහම වැළ`ද ගැනීමෙන්, දෙරට අතර සංස්කෘතික සහ ආර්ථික සම්බන්ධතා වලින් රටට ලැබුණ අවස්ථා ඉමහත්ය. රටවල් අතර ඉහළින් පහලින් හෝ වෙනත් බලවත් කමක් වෙනුවට සම්බන්ධතා මතුපිටට ගැනීම සුදුසුය. එවැනි පසුබිමක සිට අනාගතය දෙස විග‍්‍රහයකට ගමන් කිරීම විනා අන්විකල්පයක් නැත.

Advertisements