milinda-prashna

2014/04/02- මිලින්ද මොරගොඩ

රුසියාවේ හමුදා භටයන් යුක්රේනයේ කි‍්‍රමියාව ප‍්‍රදේශය ආක‍්‍රමණය කළේ නොබෝදාය. එහි පාලනය අතට ගත් රුසියාව මහජනතාවගේ කැමැත්ත විමසා බැලීම ස`දහා ජනමත විචාරණයක් පනත්වන ලදී. කි‍්‍රමියානු වැසියන්ගෙන් බහුතරයක් රුසියාව සමග එකතුවන බවට කැමැත්ත පළකරන ලද බව අනාවරණය වූයේ එහි ප‍්‍රතිඵලය නිකුත්වීම සමගය. දෙරටෙහි පාලකයෝ ගිවිසුම් වලට අත්සන් තබා යුක්රේනයෙහි නැගෙනහිර ප‍්‍රදේශයේ ක‍්‍රිමියාවේ පාලනය රුසියාවට නතු කර ගත්තේය. හමුදාවක් යවා අල්ලාගත් පසු එහි පවත්වන ජනමත විචාරණයකින් තවත් රටක් ඈ`දා ගැනීමට බලවත් රටකට අයිතියක් තිබේ ද යන ප‍්‍රශ්නය අද ජාත්‍යන්තරය හමුවේ බරපතල ලෙස සාකච්ඡුා වෙමින් තිබේ. ඇමරිකාව සහ බි‍්‍රතාන්‍ය මෙම සිද්ධිය ගැන කැමැත්තක් නැත. ඉන්දියාව එය සිදුවූ ආකාරය ගැන පක්ෂ මතයක සිටී. මෙම සිදුවීම සමග භෞමික අඛණ්ඩතාවය සහ පරමාධිපත්‍ය වැනි සංකල්ප අභියෝගයට ලක්ව තිබේ.
මානව සංහතිය බිහිවූයේ ගංගාධාර ආශ‍්‍රිතවය. පියවරෙන් පියවර ඉදිරියට පැමිණි ශිෂ්ඨාචාරය රටවල් බෙදා තමන්ට වෙන්කරගත හැකි ලෙස මායිම් ඇ`ද ගත්තේය. දේශ සිමා වෙනුවෙන් රටවල් අතර යුද තත්ත්ව ඇතිවිය. බලවත් රටවල් සහ දුර්වල කුඩා රටවල් වශයෙන් එකිනෙකාගේ බලපෑමට නතුව තිබූ ක‍්‍රමය අවසන් වූයේ දීර්ඝ යුද ගැටුම් අවසානයේ දී 1648 අත්සන් කරන ලද වෙස්පාලියන් සම්මුතිය අනුවය. රටවල් වල අනන්‍යතාවට සහ රාජ්‍ය නායකයන්ට සමාන ගෞරවයක් හිමිවූයේ එයින් අනතුරුවය. රටක ස්වෛරීභාවය පිළිගත්තේ එම සම්මුතිය අනුවය. රටක අයිතිය, පරමාධිපත්‍ය සහ භෞමික අඛණ්ඩතාවය ගැන නිර්වචන ඉදිරිපත්වී ඒවා පිළිගැනීම ද මෙහිදී සිදුවූ වැදගත් කාරණයකි. සියවස් ගෙවී යන විට රාජ්‍ය පාලනය සහ සමාජ සම්බන්ධතා පුලූල් පදනමක් කරා විකාශය විය. අද වන විට රාජ්‍ය පාලකයන් තරමට පුද්ගලයාට ද අයිතිය තහවුරු වී තිබේ. ලෝකයේ ජීවත්වන ඕනෑම පුද්ගලයෙකුට ජිනීවා හි පිහිටි මානව හිමිකම් කවුන්සලයට තම සාධාරණ පැමිණිල්ල ඉදිරිපත් කළ හැකි ක‍්‍රමවේදයක් ලැබී ඇත. මෙවැනි වාතාවරණයක් මැද රටක දේශසීමාව යනු නොවැදගත් දෙයක් බවට පත්වෙන වකවානුවකි.
බටහිර සහ නැගෙනහිර ජර්මනිය වෙන් කළ ප‍්‍රකට බර්ලින් තාප්පය බි`ද දැමීය. රටවල් එකතු වී යුරෝපා සංගමය බිහිකර ගත්තේය. හොංකොං ¥පත සහ චීනය අතර එක රටක පරිපාලන ක‍්‍රම දෙකක් යන න්‍යාය අනුගමනය කරයි. බි‍්‍රතාන්‍ය සහ ස්කොට්ලන්තය අතර නුදුරු කාලයේ පැවැත්වෙන ජනමත විචාරණය ඉතා උණුසුම් ලකුණු පෙනේ. ඉන්දියාවේ අන්ද්‍ර ප‍්‍රාන්තය පලාත් දෙකක් බවට පත්විය හැකි යැයි ප‍්‍රකාශ වෙයි. රටවල් වෙන්වෙන්නේ සහ එකතුවන්නේ මහජන කැමැත්ත අනුවය.
මෙම කැමැත්ත නිර්මාණය වන්නේ කෙසේ ද යන්න අද වැදගත් විග‍්‍රහයකට යා යුතුය. දේශ සීමා බෙදී මනුෂ්‍යන්ගේ චින්තනය වෙන්කර තිබුණ කාලය අවසන්ය. එය තාක්ෂණයේ ජයග‍්‍රහණයකි. තොරතුරු තාක්ෂණය දියුණුව සමග ලෝකයේ නොයෙක් තැන ජීවත්වන එකම අදහස් ඇති පිරිස් දේශසීමා රහිතව සංවිධාන ගත වෙමින් සිටී. පරිසරය. ආර්ථිකය හෝ ආගමික වශයෙන් තමන් දරන අදහස අනුව සාකච්ඡුා සංවාද පවත්වා තීරණ වලට එළැඹෙන්නට තහනමක් බාධාවක් පනවන්නට නොහැකි විවෘත යුගයක් කරා අද ජාත්‍යන්තරය ගමන් කරයි.
මෙවැනි පසුබිමක් තුළ යම් රටක භූමිය සහ එහි අයිතිය සහ ඒ මත නිර්මාණය වූ භෞමික අඛණ්ඩතාව වැනි බලවත් සාධක තව දුරටත් වැදගත්විය හැකි ද යන ප‍්‍රශ්නයට පිළිතුරු සොයා ගත යුතුව ඇත. අවුරුදු අසූවක් යුද වැදුන පසු අධිරාජ්‍යයන්ට හිමිකම් කී පාලකයෝ වෙස්පාලියන් සම්මුතිය අනුව යමින් ලොව පුරා පාලකයන් එක සමාන බව පිළිගත්හ. තොරතුරු තාක්ෂණ යුගයේ එක්තරා අවස්ථාවක දී යුද වැදීමක් රහිතව සියලූ මනුෂ්‍යයන්ට මිහිතලය මත දී සමානාත්මතාව සහතික කරනු ඇති බව පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය.

 

 

 

Advertisements