milinda-prashna

2014.03.19 – මිලින්ද මොරගොඩ
කම්කරුවා යැයි ස`දහන් වනවිට මැවෙන ප‍්‍රතිරූපයක් ඇත. බොහෝ දුරට උඩුකය වැස්මක් නැත. අත පය දැඩිය. ඒවා දහඩියෙන් පෙ`ගී තිබේ. වෙහෙසී වැඩකිරීමෙන් පදම් වූ බවක් බැලූ බැල්මට පෙනේ. එවැනි වැඩකරන ජනතාවක් සිටි පහුගිය සියවස කම්කරුවන්ගේය. කෘෂිකාර්මික සහ කාර්මික යුග වලදී ශ‍්‍රමයට ලැබුණ වටිනාකමක් තිබිණ. ගොවිපොලේ දී හා කම්හලේ දී වැඩිම ගෙවීමක් ඉල්ලා සිටියේ කාය ශක්තිය සහිත වැඩිපුර වැඩ කරන්නට හැකියාව ඇති පුද්ගලයන්ය. කාන්තාවගේ සියුමැලි බවට කම්හලේ දී හිමි වූයේ සීමිත තැනකි. මේ සියල්ල පරදවා කම්කරු ශ‍්‍රමය සම්බන්ධ අලූත් භාවිතාවක් ජාත්‍යන්තරය පුරා පැතිරෙමින් තිබේ. එළැඹෙන යුගය තාක්ෂණයටය. එකී ප‍්‍රවනතාව අනුව කම්හලේ ගොවිපොලේ ශ‍්‍රම අයිතිය වැඩකරන ජනතාවට අහිමි වෙමින් තිබේ. එය සිදුවූයේ කෙසේද? එයට මුහුණ දෙන්නේ කෙසේ ද යන සංවාදය අද වැදගත්ය.
ලෝකය දියුණුවන විට බර වැඩ වෙනුවෙන් යන්ත‍්‍ර සූත‍්‍ර නිෂ්පාදනය කරන්නට සමත් විය. වරාය, ගුවන්තොටුපොල වැනි තැන් වල භාණ්ඩ මෙහෙයුම කරන්නේ් තාක්ෂණික දැනුම ඇති පුද්ගලයෙකු මෙහෙයවන යන්ත‍්‍ර කිහිපයකි. කාර්ය ඉක්මනින් කරන්නට හැකියාව ලැබී ඇත. කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව යන සංකීර්ණ මිණුම් ද`ඩු ද ව්‍යවහාරයට එකතු වූයේ ඒ අනුවය. ලෝකය පුරා තාක්ෂණය පැතිරෙයි. කම්කරුවන් දහස් ගණනක ගේ සේවය වෙනුවෙන් කම්හල්වල කාර්ය රොබෝවරුන්ට පැවරේ. වෘත්තීය අයිතිවාසිකම් ගැන කතාකරන්නේ නැති ලක්ෂ ගණන් රොබෝවරු කම්හල්වල දිවා රාත‍්‍රිය නොතකා වැඩ කරති.
මෙම පරිවර්තනය අතර මැද කාලය තුළ කම්කරුවා වෙළ`ද පොලක සුලූ කාර්යක් ඉටුකරන සහ තවත් අවස්ථාවක ආයතනයක් පිරිසිදු කරන මට්ටමට සේවාදායක තැනකට පත්විය. එහි දී කම්කරුවාට තරම් අවධානයක් සේවා යුගයේ වැඩකරන ජනතාවට ලැබුණේ නැත. අද වන විට ශ‍්‍රම යුගය, සේවා දායක යුගය හරහා බුද්ධිය මෙහෙයවන ශ‍්‍රම පරම්පරාවකට ගමන්කරමින් සිටී. පරිගනක තාක්ෂණයෙන් යුතු මෙවලම මෙහෙයවන්නට දැනුම නැති නම් වරායට පැමිණි නැවක බඩු හිස් කරන්නට හැකියාවක් අද නැත. කම්කරුවාගේ ගමන තුළ සිදුවූ පරිවර්තනය එයයි.
ගොවිපොලක හෝ කම්හලක අද වැඩකරන්නෝ නැත. ඒවායේ සේවයේ නිරත යන්ත‍්‍ර සූත‍්‍ර වලින් වැඩගන්නට දන්නා අයයි. විශේෂිත ඇ`දුමකින් සැරසී පිරිසිදුව කාර්යක්ෂමව යන්ත‍්‍ර මෙහෙයවන්නට මෙම කණ්ඩායම සමත්ය. කම්කරු අයිතීන් නැති මෙම පැලැන්තිය උසස් ආර්ථික රටාවක් ඇති සමාජ වල පොදුවේ දැකිය හැකි තත්ත්වයකි. තව දුරටත් කම්කරුවන් නොවන හො`ද සමාජ ජීවිත ඇති සහ තාක්ෂණික අවබෝධය ඇති මෙම කණ්ඩායම ඉහළ ආදායම් උපයන රටවල යන්ත‍්‍ර මෙහෙයවන අලූත් බලයක් හිමි කණ්ඩායම බවට පත්ව තිබේ. කම්කරුවන් නොවන මෙම කණ්ඩායමට කම්කරු අයිතීන් ගැන කතා කරන්නට හැකියාවක් නැත. කම්කරු අයිතිය වෙනුවට සටන් කරන වෘත්තීය සමිති ගොඩනගන්නට මෙම උසස් තාක්ෂණික අවබෝධයක් ඇති පිරිසට හැකියාවක් නැත. කම්හලක පරිපාලනයේ කොටස්කරුවන් බවට පත්ව ගෞරවයක් ඇතිව එදිනෙදා කාර්ය මෙහෙයවන මෙම වෘත්තිකයන්ට ආයතනයේ පැවැත්ම ගැන හො`ද අවබෝධයක් තිබේ. ආයතනය තර`ගකාරීව පවත්වාගෙන යන්නට කැපවූයේ නැති නම් එයින් ආදායමක් උපයාගත නොහැකිව ආයතනය පමණක් නොව තම ජීවිතය ද අවදානමකට ලක්වන බව ඔවුහු අවබෝධ කරගෙන සිටිති. මේ අනුව ආයතනයේ හිමිකරුවන් සහ වැඩකරන ජනතාව අතර අද අවබෝධාත්මක ගිවිසුම් ඇතිවෙමින් තිබේ. වර්ජනය වෙනුවට සාකච්ඡාව හා අදහස් හුවමාරුව ඉතාම වැදගත් තැනට පැමිණ ඇත.
ශ‍්‍රී ලංකාව ද ගමන් කරමින් සිටින්නේ මෙම ස්වභාවය දෙසටය. සමාජ ගෝලීයකරණයේ කොටස්කරුවන් වන අපට ලෝකයේ පවතින තත්ත්වයෙන් මිදී කාර්ය හුදෙකලාව කරගෙන යා හැකියැයි ප‍්‍රකාශ කළ නොහැක. කම්කරුවන් නැති, ආයතන පොදු අවබෝධය සහිතව සැලැස්මකට අනුව පවත්වාගෙන යන සමාජයකට ඉහළ ප‍්‍රතිලාභ හිමිවෙයි. මැදි ආදායම් රටක සිට ඉහළ ආර්ථිකයක් ඉලක්ක කරන අපට මෙම ස්වභාවය අවබෝධ කරගෙන එයට අනුව ආකල්ප හැඩගසා ගැනීම අද ඇති පුලූල් වගකීමකි.

Advertisements