milinda-prashna  05/03/2014 – මිලින්ද මොරගොඩ

රටවලට හිමි සාගර සීමා නීර්ණය කිරීමේ ජාත්‍යන්තර සමුලූව අනුව ශ‍්‍රී ලංකාවට හිමි මුහුදු සීමාව ඉදිරියේදී තවත් පුලූල් වනු ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග එයට අවශ්‍ය පසුබිම වෙනුවෙන් ඉක්මනින් ක‍්‍රියාත්මක විය යුතුව තිබේ. වසර තිහක කාලයක් යුද ගැටුම් මැද පැවැති ශ‍්‍රී ලංකාවට මහ මුහුදෙන් ප‍්‍රයෝජන ගන්නට ඇති අවස්ථා සීමිත විය. ආරක්ෂාවට බලපෑ හේතු සාගර සම්පත් ගවේශනයට අවහිරයක් වූ බව ස`දහන් කළ යුතුය. පරිවර්තනයකට ලක්වන ලෝකය තුළ ශ‍්‍රී ලංකාවට හිමිකර ගත හැකි අවස්ථා ගැන අලූතින් සිතන්නට අවශ්‍යය. සාගරය සම්පත් බහුල ආකරයක් නමුත් එහි සම්පත් සීමාවන බව ද පර්යේෂකයන් අනාවරණය කරයි.
ලෝකයෙන් සියයට හැත්තෑ එකක් සාගරයෙන් වටවී තිබේ. එහි පවතින ආර්ථික සහ ජීව විද්‍යාත්මක වටිනාකම කොපමණදැයි තවමත් නිශ්චිතව අනාවරණය කරගෙන නැත. මුහුද රැකියා උල්පතකි. ආර්ථික වර්ධනයට පදනමකි. ආහාර, බලශක්තිය සහ නොයෙක් අමුද්‍රව්‍ය සපයමින් ලෝකයේ පැවැත්මට දක්වන දායකත්වය ඉතාමත් සුවිශේෂී එකකි. ලෝකය පුරා හුවමාරුවන භාණ්ඩ වලින් සියයට 70 ක් මෙහෙයවන්නේ මහ මුහුදෙන්ය. පර්යේෂකයන් පෙන්වන ආකාරයට ගොඩබිම ජීවත්වන ජනතාවගේ ක‍්‍රියාකාරීත්වයෙන් මහ මුහුද දුෂණය වෙමින් තිබේ. නිති පතා අතිවිශාල කසල ප‍්‍රමාණයක් මුහුදට එකතු වෙයි. දිරාපත් නොවන සහ මුහුදු ජීවීන්ගේ පැවැත්මට අහිතකර රසායන එකතුවන බරපතල විනාශකාරී දේය.  මහ මුහුදේ පැවැත්මට එය බාධාවක් වන ලකුණු පෙන්නුම් කර ඇත. සාගරය ආශ‍්‍රිතව කරන පර්යේෂණ, සමුදුරු කර්මාන්ත ආශ‍්‍රිත ව්‍යාපාර, සංචාරක කටයුතු ආදී සියල්ල ලෝකයේ තිරසාර පැවැත්මකට දායක වෙයි. දේශපාලන, සමාජ සහ පරිසර හිතකාමී පැති වලින් සලකා ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් සාගරයේ පැවැත්ම අරභයා තීන්දු ගැනීමට සිදුවී තිබේ. විද්වතුන් පෙන්වා දෙන ආකාරයට මහා සමුද්‍රය උවමනාවෙන්ම විනාශය කරා ගෙන යන්නට ගොඩබිමෙහි ජීවත්වන ජනතාවට උවමනාවක් නැත. නමුත් නොසැලකිල්ල, ආර්ථික අවශ්‍යතා සහ එහි ආරක්ෂාවට තීන්දු ගැනීමේ  ඇති උදාසීනබව හමුවේ මහ මුහුද සතු සැ`ගවී ඇති අප‍්‍රමාණ සම්පත් නොදැනුවත්වම විනාශ වෙමින් තිබෙන බව පර්යේෂකයෝ පෙන්වා දෙති.
මුහුදු වෙරළට මීටර් සියයක් නුදුරින් ජීවත්වන ලෝක ජනගහනය බිලියන තුනක් බව ද ජාත්‍යන්තර දත්ත පෙන්වා දෙයි. ඉදිරි වසර දහය ඇතුලත මෙම ජනගහනය දෙගුණයක් වනු ඇත. අවුරුද්දක් පාසා ඇමරිකානු ඩොලර් ටි‍්‍රලියන තුනක ධනයක් සාගරයෙන් බිහි කරන බව දැක්වෙයි. වෙරළ අවට ජීවත්වන දුප්පත් ජනතාවට මෙම ධනයෙන් ඉතිරි කර ඇත්තේ මොනවාද? සාගර සම්පත් අතරින් වෙරළබඩ කලාපයේ ජීවත්වන ජනතාව ගේ වැඩිම උනන්දුව ධීවර කර්මාන්තයයි. ලෝක බැංකුවට අනුව අවුරුද්දකට අල්ලන මසුන් ප‍්‍රමාණයේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 50 ඉක්මවයි. නිසි කළමණාකරණයකින් තොරව කරන මසුන් ඇල්ලීමේ ක‍්‍රම හෙයින් වේගයෙන් මත්ස්‍ය ගහනය සීමා වෙමින් තිබේ. ඉදිරි වසර දහය අවසන් වන විට වෙරළබඩ වෙසෙනු ඇතැයි විශ්වාස කරන බිලියන හයක පමණ ලෝක ජනගහනයේ වෘත්තීය අවස්ථා සීමාවීම සැලකිල්ලට ගත යුතුය.
මෙම කරුණු සලකන විට දුපතක ජිවත්වන සහ විශාල මුහුදු තීරයක් හිමි ශ‍්‍රී ලංකාවට පැවරෙන වගකීම සුවිශේෂීය. ලෝකයේ අන් රටවල් සීමාවකින් තොරව මසුන් අල්ලන බව දක්වන නමුත් මෙරට මුහුදු සීමාවේ දී අවශ්‍ය පමණට හෝ මසුන් අල්ලා ගන්නේ නැත. මෙරට සාගර කලාපය හරහා නාවික මාර්ග සකස්ව ඇත. ඒවායෙන් සිදුවන හානි මෙරටට පමණක් නොව ජාත්‍යන්තරයටත් තර්ජනයකි. ඉදිරි වසර දහය තුළ මෙරට නාගරීකකරණය සහ මුහුදු වෙරළ ආශ‍්‍රිත ජනගහනය වැඩිවීම රටට ආර්ථික සහ සමාජයීය වශයෙන් බලපාන්නේ කෙසේ ද යන්න අවධානයට ගත යුතුය. නොයෙක් රටවල් මුහුද මැද සහ මුහුද පත්ලේ ජීවත්වන සමාජ ගැන සාකච්ඡා කරයි. ගොඩබිම ජීවත්වන අපට විශාල සාගරය ප‍්‍රයෝජනයට ගැනීමේ මෙම අලූත් පැති ගැන සිතන්නට සිදුවෙයි. මේ සියල්ල අළලා රටට අවශ්‍ය ප‍්‍රතිපත්ති තීන්දු ගැනීමට බලවත් සහ විද්වත් යාන්ත‍්‍රණයක් සකස් විය යුතුව තිබේ.

Advertisements