milinda-prashna 

  2014.01.22 – මිලින්ද මොරගොඩ                                                            

විද්‍යා සහ තාක්ෂණ අංශයන්හි නව සොයාගැනීම් සමග මිනිසුන් පරමායුෂ භුක්ති වි`දින තත්ත්වයට පත්ව තිබේ. ආර්ථික සහ සමාජ ප‍්‍රශ්න හෙයින් සීමිත දරුවන් ප‍්‍රමාණයක් රැකබලා ගැනීමට අලූත් පරපුරේ පවුල් වගබලා ගනිති. එහි ප‍්‍රතිඵලය ජනගහනයේ වයස් සංයුතිය වෙනස්වීමයි. වැඩකරන්නට හැකි ශ‍්‍රම බලකාය ඉක්මවා සමාජ සුරක්ෂිත භාවය හිමිවිය යුතු දරුවන් සහ වැඩිහිටියන් ප‍්‍රමාණය ප‍්‍රතිශතයක් වශයෙන් ඉහළයාම දියුණුවන ලෝකයේ නොයෙක් රටවල් මුහුණ පා ඇති ගැටලූවකි.

ආසියානු කලාපය වැඩකරන්නට හැකි පිරිසට වඩා රැකබලාගත යුතු පිරිස ප‍්‍රමාණාත්මකව ඉහළ බව යහමින් දැනෙන ප‍්‍රදේශයක් බවට පත්ව තිබේ. ජපානයෙන් වාර්තාවන දත්ත අනුව 1950 දී අවුරුදු හැට පහට වැඩි පිරිස සමස්ථ ජනගහනයෙන් සියයට පහක් වූ නමුත් දැන් එය සියයට 25 ක් දක්වා ද, වසර 2030 වන විට සියයට 33 ක් දක්වාද වැඩිවනු ඇතැයි ගණන් බලා ඇත. වැඩිහිටි අවශ්‍යතා සහ සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් එරට දරු පවුල් වලට මුහුණ දෙන්නට සිදුවන ගැටලූ හමුවේ සමාජ සම්බන්ධතා පවා අර්බුදයකට පත්වන ලකුණු පහල විය. වියපත් දෙමාපියන් වැඩිහිටි නිවාස වලට යොමුකරන තත්ත්වය මත ජපානය පුරා අලූතින් වැඩිහිටි නිවාස බිහි වූ අතර ඒවා නඩත්තුවට විශාල වියදමක් ද, අවධානයක් යොමු කරන්නට සිදුවිය. අවුරුද්දක් පාසා ඉහල යන පිරිවැය අඩු කරගැනීම අරමුණු කරගෙන 1990 වසරේ සිට විශේෂ සැලසුම් සකස් කළ නමුත් එරට බදු ආදායමෙන් හරි අඩකටත් වඩා වැඩිහිටියන් වෙනුවෙන් වෙන්කරන්නට සිදුවීම ප‍්‍රශ්නයක් බව පෙණින.

විකල්පය වූයේ වැඩිහිටි නිවාස සහ සාත්තු රෝහල් ඉදිකිරීම වෙනුවට වැඩකරමින් තමන්ගේම නිවසට වී ඉන්නට හැකි පසුබිමක් සකස් කරන්නට ජපාන රජය පියවර ගැනීමයි. නිල වශයෙන් විශ‍්‍රාම යා යුතු වයස වෙනස් කළේය. එයට අමතරව වැඩ කරන්නට ශක්තිය ඇති පුරවැසියන්ට තමන්ගේම කාර්යයක නිරතව යමක් උපයා ගන්නට මග පාදා දී ඇත. එයින් දෙවැනි ශ‍්‍රම වෙළ`ද පොළක් බිහිව තිබේ. නිෂ්පාදන සහ සේවා අංශ වල නිතර මෙම දෙවැනි ශ‍්‍රම බලකාය සතුව  යමක් උපයා තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමේ ආකල්පය තහවුරු වී ඇත. එයට අමතරව තමන්ගේ අවසාන කාලය නිවසේ හිතමිතුරන් සහ ඥාතීන් අතරේම විය යුතු යැයි අදහසක් ද ජපානයේ වැඩිහිටි සමාජය තුළ තදින් තහවුරුව තිබේ. රෝහලක හෝ වැඩිහිටි නිවාසයකට වී අවසාන මෙහොත ගැන බලාපොරොත්තුවෙන් සිටිනවාට වඩා යම් පරිවර්තනයක් මෙමගින් සිදුව ඇති බව අනාවරණය වෙයි.

මෙම පරිවර්තනයේ ප‍්‍රතිඵලයක් වශයෙන් වැඩිහිටි නිවාස සහ දීර්ඝ කාලීනව සත්කාරක සේවා අංශය වෙනුවට වැඩිහිටියන් නිවසටම වී යමක් උපයාගෙන තම මූලික අවශ්‍යතා සපුරාගන්නා ව්‍යුහයක් බිහිවී තිබේ. ජපාලනය එයට අවශ්‍ය සහාය ද සලයසි. සාමාන්‍ය සෞඛ්‍ය සත්කාර අවශ්‍ය වන අවස්ථාවේ දී වෛද්‍යවරු නිවසටම පැමිණ සුව දුක් විමසන ක‍්‍රමයක් ඇති කර තිබෙන අතර එය රෝහලක සිදුවන කාර්ය භාරය අඩු කරන මගක් බවට ද පත්ව තිබේ. වැඩිහිටියන්ගේ ප‍්‍රශ්න ජපාන ආර්ථිකයට ඇති කරන පීඩනය තුළිත කරගන්නට මෙමගින් ඉඩකඩ සැලසී ඇත.

ශ‍්‍රී ලංකාවේ ද වැඩිහිටි ජනගහනය ඉහළ යන නැඹූරුවක් තිබේ. ජනගහන දත්ත අනුව මෙරට ශ‍්‍රම බලකාය සීමාසහිත වෙමින් පවතින අතර වැඩිහිටි සමාජ සුරක්ෂිතභාවය වෙනුවෙන්යම් පියවරකට යායුතු බව පර්යේෂකයෝ පෙන්වා දෙති. ශ‍්‍රී ලංකාවේ රජයේ සෞඛ්‍ය සේවාව සම්පූර්ණයෙන්ම නොමිලේ සැපයෙන හෙයින් වැඩි වයස්ගත පිරිස රැුකබලාගැනීමේ කාර්ය භාරය ද රජයට පැවරෙන අවස්ථාවක එහි පිරිවැය ආණ්ඩුවට අලූතින් බදු පැන විය යුතු වියදමක් වන්නට ඉඩ තිබේ. ජාත්‍යන්තර සමාජය මෙම ප‍්‍රශ්න වලට මුහුණ දී ඇති ආකාරය සොයා බලා අවශ්‍ය ආකාරයට යෝජනා සම්පාදනය කරගැනීම වැදගත්ය. ජපානය එයට උත්තර සපයා ඇති ආකාරය ගැඹුරින් අධ්‍යයනය කිරීම වටී.

Advertisements