milinda-prashna

2013.11.20 -ලංකාදීප – මිලින්ද මොරගොඩ

ජාත්‍යන්තර ප්‍රජාව දුප්පත්කම ගැන අවධානය යොමු කළේ කලකට කලින්ය. දරිද්‍රතාවයෙන් මුදවාගෙන ලෝකය යහපත් තැනක් බවට පත්කරන්නට සමාජ බලවේග නොයෙක් වැඩසටහන් ක්‍රයාත්මක කර ඇත. ජන සමාජයේ යම් කොටසක් පීඩා වි`දින දුගී දුප්පත්කම අදටත් ඕනෑම රටක් මුහුණ දෙන සෑහෙන ගැටලූවකි. නමුත් මුහුණුවර සහමුලින්ම වෙනස් ස්වභාවයක් ගෙන තිබේ. අන්ත දුගීභාවය ගැන කතා කරනවා වෙනුවට ජනතාවගේ ජීවන මට්ටම තවත් උසස් තැනකට ගෙන යන්නේ කෙසේදැයි සාකච්ඡා කරන බව පැහැදිලිව පෙනේ.
ජාත්‍යන්තරයේ දත්ත අනුව 1820 ගණන්වල ලෝකයේ අන්ත දුප්පත් පිරිස සමස්ථ ජනගහනයෙන් සියයට 84 ක් බව වාර්තා වී තිබිණ. සියවස් දෙකකට දසකයක් අඩු කාලයක් ගතවන විට සමස්ථ ජනගහනයෙන් සියයට 84 ක් අන්ත දුගී බවින් මිදී යම් තෘප්තිමත් ජීවිත ගත කරන පිරිසක් බවට පත්ව ඇත. එය සම්පූර්ණ පරිවර්තනයකි. නමුත් තවමත් බිලියනයකට ආසන්න පිරිසක් එනම් සමස්ථ ජනගහනයෙන් සියයට 16 ක් තවමත් අන්ත දුගී භාවයෙහි ගිලී අසරණව ජීවත් වෙති. මෙම පිරිස දිනකට ඇමරිකානු ඩොලර් එකහමාරකට අඩු ආදායමකින් එදා වේල පිරිමසා ගන්නා අය බව පර්යේෂණ වාර්තා පෙන්වයි. දිනකට උපයන මෙම ඇමරිකානු ඩොලර් එකහමාරක ප්‍රමාණය මෙරට දී නම් රුපියල් දෙසීයකට අඩු මුදලකි. ලෝකයේ අන්ත දිළි`දු බව තුරන්වී යන නමුත් තවත් බිලියනයක පමණ පිරිසක් දිනකට රුපියල් දෙසීයයකට අඩු ආදායමකින් එදිනෙදා ජීවත්වන බව සැලකිල්ලට ගත යුතුය.
ශ්‍රීලාංකේය ජන සමාජයේ ද විශාල වෙනසක් සිදුවී තිබේ. සියවස් දෙකකට කලින් ජීවත් වූ පරම්පරාවට වඩා දියුණුවක් අද ජීවත්වන අය අත් වි`දිති. එම ජන කොටස ගේ උවමනා සහ අවශ්‍යතා ඉතාමත් සංකීර්ණය. කුස පුරවා ගන්නට ආහාරවේල සොයා ගැනීමට වෙහෙසුන සමාජය අද අවධානය යොමුකරන්නේ එයට පරිබාහිර අන් කරුණු ගැනය. දුගී දුප්පත්කමෙන් මිදී මැදි ආදායම් රටක් වශයෙන් නැගෙන රටකට ඇති අභියෝගය එයයි.
ශ්‍රී ලංකාව මැදි ආදායම් රටක් බවට පත්ව තිබේ. මහජනතාවගේ බලාපොරොත්තු වෙනස් වී ඇත. ආහාර වෙනුවෙන් යමක් සපයා ජනතාව තෘප්තිමත්ව තබා ගැනීමේ යුගය අවසන්ය. ජනතාව තමන්ගේ බලාපොරොත්තු ඉටු කරගැනීමට හැකි උපරිම උත්සාහකින් මහන්සි වෙමින් සිටී. සහනාධාර යනු තව දුරටත් වටිනාකමක් ඇති කරන දේ නොවේ. මහජනතාව බලාසිටින්නේ අලූත් අවස්ථා ඇති කරගන්නේ කෙසේද යන කාරණය කෙරෙහිය. සහනාධාර වලින් කුස පුරවන ලද නමුත් දුප්පත්කම අඩු වී ඇති සමාජය තුළ අලූත් අවස්ථා ඇතිකරන්නට නම් අධ්යාුපනය සහ ව්ය්වසායකත්වය ගැන කලින්ට වඩා වෙනස් ආකාරයකට සිතන්නට සිදුව ඇත.
සාක්ෂරතාවය සහ පාසල් අධ්‍යාපනය ගැන කතාකළ සමාජය අද පරිගනක සාක්ෂරතාවය සහ ජාත්‍යන්තර අධ්‍යාපනය ගැන අවධානය යොමු කරමින් සිටී. කුලියට අනුන් යටතේ වැඩ කරමින් සිටි පිරිස අලූත් අවස්ථා සොයමින් ලෝකය පුරා ගමන් කරන්නට පටන්ගෙන ඇත. දුපතක සිටි ජනතාව අද විශ්ව සමාජයේ සාමාජිකයන්ය. සමාජ ගෝලීයකරණය සෑම පැත්තකින්ම අත් වි`දින්නට හැකියාව ඇත. මෙවැනි පසුබිමක සිටින ශ්‍රී ලංකාව අනාගතය ගැන බලාපොරොත්තු අලූත් කරගත යුතුව තිබේ.
දුගී දුප්පත් සහ අනුන් යටතේ ජීවත්ව කුසට යමක් ඉල්ලා සිටි පිරිස වෙනුවට මනස නිවහල්ව අවස්ථා සොයා යන නවීන සමාජයකට නායකත්වයක් දෙන්නේ කෙසේදැයි විමසා බැලීම ඉතාම වැදගත්ය. ප්‍රතිපත්ති සම්පාදනය විය යුත්ෙත් මෙම පැහැදිලි රාමුවට උචිත ආකාරයටය. සමාජයේ ආකල්ප හැඩගැසෙන ආකාරය සහ ජනතාව අලූතින් ඉල්ලා සිටින අපේක්ෂා හ`දුනා ගැනීමට සියුම් අධ්‍යනයකට පදනමක් සකස් කර ගැනීම අවශ්‍යය.

Advertisements