milinda-prashna

2013.11.13 – ලංකාදීප- මිලින්ද මොරගොඩ

පොදු රාජ්‍ය මණ්ඩල සමුලූව ශ්‍රීලංකාවේ දී පැවැත්වීම සුවිශේෂී අවස්ථාවකි. සමුලූ වාරය සමග මෙරට ආර්ථික සහ සමාජ සම්බන්ධතා අලූත් කතිකාවතකට අවතීර්ණ වන බව පෙනේ. ඉකුත් කාලය තෙක් අභ්‍යන්තර ගැටුම් සහිත රටක් වශයෙන් අවධානයට ලක් වූ අතර දැන් සාමකාමී පරිසරය තුළ අලූත් ගමනක් කරා යොමු වෙමින් සිටින බව අන්තර්ජාතික ප්‍රජාවගේ අදහසයි.
මුල් කාලයේ දී බ්‍රිතාන්‍ය හිටපු අගමැති ශ්‍රීමත් වින්සන්ට් චර්චිල් රටවල එකමුතුව දෙස තිබූ සංකල්පය වෙනස් එකකි. ඉංග්‍රීසි කතාකරන සමාජයේ එකතුවක් ඇතිකරන උනන්දුවක් ඔහුට තිබිණ. බටහිර ගුණාංග සිරිත් විරිත් සහ සංස්කෘතිය පැතිරවීම එයින් අදහස් කරනනට ඇත. යටත් විජිත තමන්ගෙන් ගිලිහෙන වකවානුවේ දී භාෂාව ඔස්සේ මෘදු නායකත්වයක් යම් ආකාරයකට නැගෙනබව ජගත් ප්‍රජාවට එම වකවානුවේ දී ඒත්තු ගිය කරුණකි. නමුත් ඉන්දීය අගමැති ධූරය හෙබවූ ජවහල් ලාල් නේරු පොදු රාජ්‍ය මණ්ඩල රටවල සම්බන්ධතාව ගැන අලූත් දර්ශනයක් ඉදිරිපත් කළේය. බටහිර සමාජයෙන් හො`ද දේ ගනිමින් සහ ඉන්දීය අනනයතාවය ආරක්ෂා කරගනිමින් සමුලූවට ඉලක්කයක් තිබිය යුතු බව එයයි. මෙම මතය අනෙක් රටවලට ද එක`ගවිය හැකි එකකි. පොදු රාජය මණ්ඩලය මෙතෙක් පැමිණි ගමන අතරතුර සාමාජික රටවල් පැරණි අධිරාජ්‍ය වාදයෙන් තමන්ට ගැලපෙන දේ ඇතුලූ කරගන්නා අතර තමන්ටම අනන්‍ය පාලන ව්‍යුහයක් සකස්කර ගනිමින් සිටියි.
අද එය වෙනත් පැත්තකට නැඹුරු වෙමින් සිටී. පොදු රාජ්‍ය මණ්ඩල අරමුණු යම් සන්ධිස්ථානයක පසුවෙයි. එය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලූ බටහිර ගුණාංග සම්බන්ධයෙන් සියුම් පැටලිල්ලක් මතුවෙමින් තිබේ. එය බෙදීමක් දක්වා වර්ධනය වී නැත. නමුත් බටහිර ප්‍රජාව විසින් තමන්ට එරෙහිව නගන චෝදනා ගැන අප්‍රිකානු රටවල් යම් කනස්සල්ලක් දක්වන බව දැකගත හැකිය. බටහිර දැක්ම අනුව යහපාලනය, මාධ්‍ය නිදහස සහ මානව හිමිකම් යනාදී කරුණු ජන සමාජයේ මිනුම් ද`ඩු ලෙස අගය කරයි. එවැනි ලක්ෂණ වලට අනුගතවන ලෙස බටහිරෙන් නැගෙන අදහස් තමන් පාලනය කරන්නට කරන තැතක් ලෙස අප්‍රිකානු කලාපයේ රටවල් ප්‍රශ්න කරනබව පෙනේ. ජාත්‍යන්තර යුද අධිකරණයෙන් අප්‍රිකානු රටවල නායකයන් සම්බන්ධයෙන් ගන්නා තීන්දු වලට එරෙහිව ද තද විරෝධයක් නැගෙමින් තිබේ.
ලෝක ප්‍රජාව තුළ බටහිර රටවලට විශාල අවකාශයක් ඇතත් පොදු රාජ්‍ය මණ්ඩලය තුළ බටහිර නියෝජනය කරන රටවල් ප්‍රමාණය ගණනින් අඩුය. නියෝජනය සීමිත නමුත් පොදු රාජ්‍ය මණ්ඩලයේ පරිපාලන කටයුතු ස`දහා ධනය සැපයෙන්නේ බටහිර ප්‍රජාවගෙන්ය. බටහිර සුලූ පිරිසක් පනවන නිර්නායක සහ පවතින පසුබිම තහවුරු කරන්නට කටයුතු කෙරෙන ආකාරය සම්බන්ධව යම් ගැටුමක් පොදු රාජ්‍ය මණ්ඩලය තුළ මෝදු වන බව දැකගත හැකිය. එය විශේෂ අවධානයට ලක්විය යුතුය.
පොදු රාජ්‍ය මණ්ඩල රටවල ජීවත්වන ජනගහනය බිලියන දෙකකට අධිකය. ලෝක ජනගහනයෙන් තුනෙන් දෙකක් පමණ වෙයි. ඉංග්‍රීසි භාෂාවෙන් නව යටත් විජිත වාදයකට යන ගමන නව සහයෝගීතාවයකට හරවන්නට එදා ඉන්දියාවට හැකිවිය. අද නැගෙන මතය වෙනුවට පොදු රාජ්‍ය මණ්ඩලයේ රාමුව ආරක්ෂා කරගෙන එය නව ආරයකට යොමුවන ආකාරයට හරවා ගන්නා අවශ්‍යතාවයක් වර්තමානයට ඇත. අද පවතින ආර්ථික සහ සමාජ විභවයන්ගෙන් ගැලපෙන දේ එකතුකරගෙන අලූත් දැක්මක් සකස්කර ගැනීමට සමුලූව උපයෝගී කරගත හැකිය.
අප්‍රිකානු සහ ආසියානු රටවල ආර්ථිකය දියුණුය. එක් එක් රටවල අනන්‍යතාව සහ විවිධ ආවේනික ව්‍යුහයන්ට ගරු කරන ආකාරයට පොදු රාජ්‍ය මණ්ඩලයේ අරමුණු නව ප්‍රවේශයකට සංවිධානය කරගත හැක්කේ කෙසේද? පොදු රාජ්‍ය මණ්ඩල නායකත්වයට අද ඇති සියුම් අවස්ථාව එයයි.

Advertisements