milinda-prashna

2013.09.11 – ලංකාදීප- මිලින්ද මොරගොඩ

විදේශ වෙළදාම ශ්‍රී ලංකාවේ ආර්ථිකය නංවන ඉතා වැදගත් සාධකයකි. මෙරට නිපැයුම් අපනයනය එහිලා වැඩි අවධානයක් යොමු කළ යුතුය. ලංකාවේ ඉතිහාසයට වෙළ`දාම සමග සෘජු සම්බන්ධතාවයක් ඇත. පැරණි රජ දවස සිට පවා නොයෙක් රටවලින් වෙළ`දුන් පැමිණ තිබේ. මුහුදු මාර්ග ඔස්සේ පැමිණි වෙළ`දුන් අනුරාධපුරය වෙළ`ද නගරයක් කරගෙන තිබුණ බවට සාධක ඇත. එවකට රටට අවශ්‍යව තිබූ භාණ්ඩ හුවමාරුවට එම විදේශ වෙළ`දාම ගලපා ගත් බව පැහැදිලිය.
බටහිරට යටත් වීමෙන් පසු මෙරට විදේශ වෙළ`දාම අධිරාජ්‍යවාදීන්ගේ අයිතියක් විය. කෝපි, තේ සහ රබර් වගා කළේ බටහිර වෙළ`ද පොල අවශ්‍යතාවයටය. තම රටවලට වෙළ`ද පොලට අවශ්‍ය දේ නිපදවා මෙරටින් එතෙරට යවන ආර්ථිකයක් යටත් විජිත කාලය ස්ථාපිත කරන්නට අධිරාජ්‍යවාදීහු වග බලා ගත්හ. එහි පදනම අදටත් ශේෂව ඇත. නිදහස ලබා ගතව ඇති කාලය තුළ බටහිර හැරෙන්නට අලූත් වෙළ`ද පොලකට මෙරට අපනයන යොමු කරන්නට උත්සාහ කර නැති බව පෙනේ.
අපනයනය වර්ධනය කරන ගැනීමෙන් විනා මෙරට ආර්ථිකය ප්‍රසාරණය කර ගැනීම පහසු නැත. දත්ත පෙන්වන ආකාරයට අපනයන ආදායම ආසියානු කලාපයේ දියුණුවට පත් රටවල සාර්ථකත්වයට බලපෑ ප්‍රධාන සාධකයකි. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් දකුණු කොරියාවේ අපනයන ආදායම සියයට 49.7 කි. මැලේසියාවේ අපනයන ආදායම එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 78.4 ක් වන අතර වියට්නාමයේ සියයට 78.4 ක් සහ තායිලන්තයේ සියයට 67.3 ක් බව නිරීක්ෂණය කළ හැකිය. සිංගප්පූරුවේ අපනයන ආදායම එරට දළ දේශීය නිෂ්පාදිතය මෙන් 170.2 ක් තරම් විස්මිත එකකි. කුඩා රටක් නමුත් වෙනත් රටවලින් ගෙන්වන දේ යළි ප්‍රති අපනයනයට හැකි වන පරිදි දක්ෂ ලෙස ඉඩ පාදා ගැනීමෙන් අවුරුද්දක අපනයන ආදායම මෙවැනි ඉහළ මට්ටමකට ගෙන යන්නට එරටට හැකියාව ලැබී තිබේ. මෙම ඉලක්කම් සමග සස`දන විට ශ්‍රී ලංකාවේ අපනයන ආදායම දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 17.8 කට සීමාවීම විශේෂ අවධානයට ලක් විය යුතුය. 2005 වසරේ දී සියයට 33 ක් වූ මෙම ප්‍රතිශතය අවුරුදු අටක් තුළ කැපී පෙනෙන පසුබෑමකට ලක්ව තිබීම විදේශ වෙළ`දාම සම්බන්ධයෙන් රට තුළ පවතින දැක්ම අභියෝගයට ලක් කරයි.
අපනයනයෙන් අඩු ආදායමක් උපයන විට ආනයනයට වැඩි වියදමක් කරන්නට හැකියාවක් නැත. විදේශ වෙළ`දාමේ දී රට මුහුණ පා ඇති අනතුර එයයි. මැදි ආදායම් රටක ජීවත්වන වැසියන් වශයෙන් මහජනතාවට එතෙරින් එන නොයෙක් දෑ මිලදී ගැනීමට කැමැත්තක් සහ හැකියාවක් ඇතිවන නමුත් ඒවා ගෙන්නවන්නට හැකිවන පරිදි ආර්ථිකය පුලූල් කරන්නට රට තුළ පවතින විදේශ වෙළ`දාම බරපතල අවහිරයකි. එයට ප්‍රති උත්තරයක් වශයෙන් අපනයනය වැඩි කරන්නට හැකියාව ලැබෙන නිසි තීරණ වලට එළැඹීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය.
අපනයනය කරන්නේ මොනවාද? යන වැදගත් ප්‍රශ්නය කෙරෙහි අප සැලකිලිමත් විය යුතුය. සම්ප්‍රදායික කෘෂි අපනයන වලට වඩා වැඩි යමක් කෙරෙහි උනන්දුව ඇති කිරීම අවශ්‍යතාවයකි. ඇ`ගලූම් කර්මාන්තය අපනයනයෙහි විශාල පරිමාවක් ආවරණය කරන නමුත් අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනයට සහ ඇ`ගලූම් කර්මාන්තය ද එකතුවී පවා දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් වශයෙන් අපනයන ආදායම අඩුව ඇති සමයක මෙරට ප්‍රතිපත්ති යළි සමාලෝචනය කිරීම වැදගත්ය.
මහා මාර්ග, තොරතුරු තාක්ෂණය, වරාය සහ ගුවන් වශයෙන් අපනයනයට බලපාන යටිතල පහසුකම් නිසි ආකාරයට සපුරා ඇති අවස්ථාවක තවදුරටත් අඩු ප්‍රතිශතයක අපනයන ආදායම පවත්වාගෙන යාම ආර්ථික වර්ධනයට බාධාවකි.

Advertisements