milinda-prashna

2013.09.04 – ලංකාදීප- මිලින්ද මොරගොඩ

ශ්‍රී ලංකාව අධිවේගී මහා මාර්ග සංස්කෘතියකට ඇතුලූ වී තිබේ. දියුණු රටවල් අධිවේගී මාර්ග ඉදි කළේ මෙයින් සෑහෙන කාලයකට කලින්ය. එම රටවල් මාර්ගයට ඉහළින් ගුවන් මාර්ග කරිර මයක් ද දියුණු කර ඇත. යාන වාහන පමණක් නොව දුම්රිය ද පොලවෙන් ඉහළ මට්ටමක ධාවනය කරමින් භූමියෙන් අසීමිත පරාල යෝජන ගනිමින් සිටී. අධිවේගී මාර්ගය ඉදිවීමෙන් පසු රට තුළ පරද වාහනයෙහි ඇතිවූ කාර්යක්ෂමතාව මහජනතාව අත්වි`දින බව පෙනේ.
මෑතක දී යුරෝපීය කොමිසම සිය නව පර` ගවාහන සැලැස්ම ප්‍රකාශයට පත් කළේය. යුරෝපීය කලාපයේ රටවල් 28 ක් එකතු ව යුරෝපා කොමිසම නොඑෙස්නම් යුරෝපීය සංගමය පිහිටුවාගෙන තිබේ. වෙන් වෙන් අදහස් ඇති නමුත් එක පරිපාලනයකට සහ එක මුදල් ක්‍රමයකට අනුගතවීමට යුරෝපා කොමිසම සමත්ව ඇත. එක සැලසුමකට අනුව ආර්ථික අභියෝග වලට මුහුණ දීම ද ඔවුන්ගේ ඉලක්කයකි. ප්‍රවාහන සැලැස්ම ප්‍රකාශයට පත් කරන්නේ ඒ අනුවය.
එම ප්‍රවාහන සැලැස්මට දර්ශනයක් තිබේ. වසර 2050 වන විට දැනට මහා මාර්ග පද්ධතියේ කරන ප්‍රවාහනය සියයට පනහකින් අඩු කරනු ඇත. එම සීමා වන ප්‍රතිශතය දුම්රිය සහ ජල මාර්ග ඔස්සේ කරන ප්‍රවාහන පහසුකම් මගින් සපුරා ගැනීම මෙහි අරමුණයි. ප්‍රවාහන අවශ්‍යතා වැඩිවන විට එයට විකල්පයක් වශයෙන් තව තවත් මාර්ග සකස් කිරීම එකම උත්තරය නොවේ. වාහන වැඩිවන විට තදබදය ඉහළ යන අතර පරිසරයට වන බලපෑම සියුම්ය. ඛනිජ තෙල් ප්‍රවාහන වියදම් වැඩි කරන සාධකයකි. මහා මාර්ග වලින් කෙරෙන ප්‍රවාහන කටයුතු වලින් හරි අඩක් ඉවත්වන විට යුරෝපා සංගමයේ බලශක්ති පිරිවැය සිමාසහිත වෙයි. මහා මාර්ග වල පවතින තදබදය අඩුවන අතර තව තවත් මං මාවත් තනා නඩත්තු කරන්නට සිදුවන්නේ ද නැත. යෝජනාව පමණක් නොව එය කරන ආකාරය ද සැලසුමේ ඇතුලත්ය. දුම්රිය මග වැඩි දියුණු කරන අතර මුහුද සහ ජලමාර්ග ඔස්සේ භාණ්ඩ ප්‍රවාහනය ද ප්‍රචලිත කරනු ඇත.
ශ්‍රී ලංකාවට ද වාහන භාවිතාව සම්බන්ධව ප්‍රශ්න තිබේ. කොළඹ සහ ප්‍රධාන නගරවල වාහන තදබදය ප්‍රබල ප්‍රශ්නයකි. සැහැල්ලූ වාහන වල සිට විශාල කන්ටේනර් දක්වා පරාසයක වාහන තොගයක් නිතිපතා නගර හරහා ගමන් කරන අතර මේ වෙනුවෙන් කරන වියදම අති විශාලය. සලකා බැලූවහොත් රට තුළ දුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහනය සමස්ථයෙන් සියයට පහක් දක්වා අඩු වී තිබේ. වරායට පැමිණෙන නැව් වලින් ගොඩ බාන අත්‍යාවශ දේ ගෙනයන්නට පැමිණෙන ලොරි සහ කන්ටේනර් වලින් මාර්ග පද්ධතිය අවහිර වෙයි. යටත් විජිත කාලයේ පවා රට තුළ අභ්ය න්තර ඇල මාර්ග ඔස්සේ භාණ්ඩ ප්‍රවාහනය කරන ලද බවට සාක්ෂි අදටත් ඇත. රට වටා ඇති මුහුද සහ වැඩි දියුණු කරන ලද වරාය පද්ධතිය ඔස්සේ කුඩා නැව් සහ බෝට්ටු වලින් මගීන් සහ භාණ්ඩ ප්‍රවාහනය කරන කර සහම ඇති කළ හැකිය. එයින් අලූත් මාර්ග අවශය තාව අඩු විය හැකි අතර මහා මාර්ග වලින් කරන ප්‍රවාහනය දුම්රියට සහ ජල මාර්ගයට යොමු කිරීමෙන් කළ හැකි පරිවර්තනය විශාල එකකි. වාහන වලට වියදම් කරන ඉන්ධන සහ රටට අවශය ඉන්ධන ආනයනය කරනන්ට දරන වියදම සලකන විට දීර්ඝ කාලීන සැලසුමකට යටත් කළහොත් මෙයින් රටට අත්පත් වන ආර්ථික වාසිය විශාල බව පැහැදිලිව පෙනේ.
ඒය අද අවශය නිසි සැලසුමකි. සියලූ පැති ආවරණය වන පරිදි පත්කරන විද්වත් මණ්ඩලයකින් වසර 2050 වන විට ශ්‍රී ලංකාවේ ප්‍රවාහනය සිදුවිය යුතු ආකාරය සාකච්ඡා කළ යුතුය. මැදි ආදායම් රටක් වශයෙන් දියුණු වන විට මහජනතාව සතු ප්‍රවාහන අවශයහතා වේගයෙන් ඉහළට යයි. සෑම පුද්ගලයෙකුම වාහනයක් අයිති කරගෙන තමන්ගේ වැඩ කටයුතු පහසුවෙන් කරගන්නට ප්‍රයත්න දරයි. එම අයිතියට අවහිර වන පරිදි පොදු ප්‍රවාහනය පමණක් භාවිතා කළ යුතු බවට නීති පැනවිය හැකිය. නමුත් එය ප්‍රජාතන්ත්‍රවාදී නැත. ප්‍රවාහනයේ අලූත් අවස්ථා කෙරෙහි විවෘත මනසකින් අධ්යකයනය කළ යුතුය. එයට ආයෝජනය කරන්නට පුද්ගලික අංශයට ඉඩ දිය හැකි අතර එය ව්යා.පාරික අවස්ථා පුලූල් කිරීමක් ද වනු ඇත.

Advertisements