milinda-prashna
ලංකාදීප-2013.06.26 -මිලින්ද මොරගොඩ

පොසොන් මාසය බොදුනුවන්ට ඉතා වැදගත්ය. බුදුරජාණන් වහන්සේ තෙවරක් ලංකාවට වැඩමවා තිබේ. බුද්ධ දර්ශනය සමාජය තුළ තහවුරු වන්නේ මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩමවීමෙන් පසුවය. තිස්ස රජ හා මහ රහතන් වහන්සේ අතර සිදුවූ සංවාදය පරැඩමකටය. ධර්මය අවබෝධ කර ගැනීමට පාලකයා සතුව ඇති ඥානය පරදු මාණවත් ද යන්න ගවේශනය කළේ එයින් බව වැටහේ. තමන්ව පර සතශ්න කළ ආගන්තුකයන් පෙන්වන මග හඳුනාගත් රජු තමන් ද, තම වැසියන් ද එක්ව බුදු දහම පිළිගන්නා පිළිවෙතක පිහිටියේය.
මෙම පිළිවෙත පැවත එන්නේ පරම්පරාවට බව අපට හැගේ. ‘‘ මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු ’’ යන පණිවුඩය පදනම් කර ගෙන ශරී ලාංකිකයන් අතර පුළුල් මතයක් ඇති කළ අතිපූජ්යෙ මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන් ‘‘බෞද්ධ ගෙදර’’ නමින් කෘතියක් රචනා කර සිල්වත් සමාජය අතට පත් කළේය. එයින් උපුටා ගත් පහත දැක්වෙන කොටස පෙන්නුම් කරන්නේ අපේ යථා ස්වභාවයයි.
‘‘බෞද්ධයන් වෙසෙන ගෙදර බෞද්ධ ගෙදර නම් වේ. මෙහි බෞද්ධයන් යයි කීවේ නමින් නොව කරියන්යාවෙන් හා ගුණයෙන් බෞද්ධ වූවන්ටය. බෞද්ධ නාමයක් තුබුණු පමණින් හෝ බෞද්ධ කුලගෙයක උපන්, හැදුණු, වැඩුණු පමණින් හෝ බෞද්ධ දෙමවුපියන්ගේ දරුවකු වූ පමණින් හෝ කෙනෙක් බෞද්ධ නොවෙති. බෞද්ධ ගෙයක උපන් පමණින් බෞද්ධයා යැයි කියනවා නම් බෞද්ධ ගෙවල උපදින තිරිසන් සතුන්ට ද, ’’බෞද්ධ බල්ලෝ, බෞද්ධ බළල්ලූ ’’ යයි කිව යුතු නොවේද? බෞද්ධ ගෙදරක හැදුණ වැඩුණු පමණින් හෝ බෞද්ධයා යැයි කියනවා නම් බෞද්ධ ගෙවල හැදෙන වැඩෙන ගස් වැල් ආදියට ද, ‘‘ බෞද්ධ වම්බොටු – බෞද්ධ මිරිස ’’ යයි කිව යුතු නොවේද? එය එසේ නොකියනුවා නම් යටැ කී කරුණු අනුව පමණක් කෙනෙකුට බෞද්ධයා යයි කියන්නේ කෙසේද? එය කිසිසේත් සුදුසු නැත. එහෙයින් බෞද්ධයා යැයි කිව යුත්තේ බෞද්ධ පරදය තිපත්ති ඇත්තන්ටමය. තෙරුවන් සරණ ගිය බෞද්ධයෙකුට අඩුම ගණනේ පන්සිල් හා ශරිය ද්ධා-ශීල-ශරැු ත-ත්යාහගාදී ගුණයන් වත් තිබිය යුතුය. එබඳු බෞද්ධ පරය කතිපත්තීන් ගෙන් යුක්ත තැනැත්තන් වාසය කරන ගෙදර බෞද්ධ ගෙදර වේ.’’
බෞද්ධයන් විය යුතු උපතින්ද? මහ නාහිමියන් ගේ ජන්ම ශත සංවත්සරය සමරන මෙම අවස්ථාවේ සමාජ යථාර්ථය තවදුරටත් දරුණු වී ඇති බව පෙනෙයි. මෙම තත්ත්වයට පත්වූයේ කෙසේද? විද්යාීව හා තාක්ෂණයේ දියුණුව සමග සමාජය එයින් ලබා ගෙන ඇත්තේ එහි ලෞකික පැත්ත පමණකි. බුද්ධ දේශනාව තුළ වැසියන්ට, පාලකයන්ට, නොයෙකුත් වෘත්තීන්හි යෙදෙන්නන්ට ආදී වශයෙන් ලෞකික ජීවිතයට වැදගත් මග පෙන්වීම නොඅඩුය. දහමට නැඹුරු මහා සංඝරත්නය විෂයෙහි සමීප බොදුනු ජනතාව මේ බව දනී. නමුත් පෙනෙන්නට ඇති පර්නයධානම කරුණ මේ සත්යා ජීවිතයට පරාව යෝගිකව භාවිතයට නොගැනීමයි. පොදුවේ අප සියලූදෙනාම මෙකී ඇත්ත ගැන නිසි අවබෝධයකින් යුක්තය. නමුත් එයින් පාඩමක් ඉගෙන ගන්නේ නැත.
මහින්දාගමනය සිදුවූ වකවානුවට වඩා ජනතාව බුද්ධිවන්තය. දැනුමෙන් පොහොසත්ය. මිනිසා හදා රටත් හදා ගන්නට නම් සදහම් පණිවුඩය නිසි ආකාරයට වටහා ගැනීම වටී. පිරිසිදු දහම කුමක් දැයි හඳුනා ගැනීමේ පරවුඩඥාව අද අවශ්යට වී තිබේ. එය පසෙක ලා බුදු දහම යටපත් වෙතැයි බියෙන් අණ පනත් පනවන්නට සහ බලහත්කාරයෙන් මත අවුලවන්නට යාම භයානක විපතකට අත වැනීමකි. ජාතීන් අතර අන්තවාදයකින් ඇති තරමට බැටකන්නට සිදුවූ ලාංකික සමාජයට ආගමික අන්තවාදයක් අවශ්යර නැත. රටට නැවත නැවතත් බෙදා දිය යුතු දහම සතු දර්ශනයයි. දැක්ම වෙනුවට අලූත් මත ඇති කළ යුතු නැත. බෞද්ධ පරම සතිපත්ති වගා කර බෞද්ධ රටක් යැයි හඬ නැගිය හැකිය. බෞද්ධ පරතු තිපත්ති නැත්නම් එහි හිඩැස සොයා පිරියම් යොදන්නට මහ නාහිමිපාණන් ද පරිපාලකයන් ද අවධානය යොමුකළ යුතුය. එය, මහ නාහිමි ජන්ම ශත සංවත්සරයේ අරුත නැංවිය හැකි මගකි.

Advertisements