milinda-prashna 2013.06.12- ලංකාදීප- මිලින්ද මොරගොඩ
සාමාන්ය ජීවිතයේ ඇතැම් අවස්ථාවක ජීවිතය නතර වෙලා වගේ දැනෙනවා. වෙනසක් අවශ්යවයි හිතෙන්නෙ ඒ වගේ අවස්ථාවක. අගනුවර හෝ තදාසන්න පර වගදේශයක ජීවත්වන දරු පවුල් වල සතියේ කාලසටහන ඒකාකාරීයි. කලබලකාරී බවත් වැඩියි. සතියේ දිනක උදෑසනක ගෙදර දොර මෙහෙයවෙන ආකාරය හිතෙන් මවාගන්න හැකිවේවි. ඉවුම් පිහුම් අතරේ ඇඳුම් සොයා දෙන්න, දරුවන් පාසල් වාහනයට නංවන්න ඒ අතරේ තමන්ටත් වැඩට යන්න දෙමව්පියන් කරන්නේ කාලයත් එක්ක සටනක්. නාගරීකරණයට ලක්වුන මැද පන්තියේ ජන කොටස සිටින ජීවන මට්ටමින් පියවරක් ඉදිරියට යන්න වෙහෙසෙන්නේ එහෙම. දියුණු වෙමින් පැවති රටක සිට මැදි ආදායම් ලබන රටක් දක්වා ඉහළට නැගෙනවිට මෙම නාගරික ලක්ෂණ රට පුරා පැතිරෙන බවක් ද පෙනෙන්ට තිබේ.
මැදි ආදායම් ආර්ථිකයක බලාපොරොත්තු විශාලයි. එය කරා ළඟා වෙන්න පොදු ජනතාවට කරන්නට සිදුවී ඇති මහන්සිය තියුණුයි. නොකඩවා සිදුවන යාන්තරිැදික මෙහෙවර නිසා සමාජයේ කොටසක් ගත කරන්නේ නොරිස්සුම් ජීවිත.
අග නුවර වල පවා පර ජීධාන මාර්ගයෙන් ටිකක් එපිටට වෙන විට පාරේ බස් රියක් ගමන් කරන්නේ කාල පරතරයක් ඇතිව. ගෙදර කාර්ය බහුලත්වයෙන් පසු පාරට ආවත් බස් රියක් නැති නිසා ඉන්නෙ නොයිවසිල්ලෙන්. බස් නැවතුමේ නතර වෙලා කාලය ගත කරනවා වෙනුවට එක නැවතුමක් ඉස්සරහට ඇවිදගෙන යන්න අධිශ්ඨානයක් ඇති කර ගත්තොත් හිතටත්, ගතටත් පහසුවක් වේවි. ඈත ගම්වල බස් එකක් එනතුරු පැය ගණන් ඇවිදින ජනතාව අතරේ නගරයේ ජීවත්වන කෙනෙකුට එක බස් නැවතුමක් ඇවිදගෙන යාම අපහසුවෙන එකක් නැහැ.
ගෙදරින් මහ පාරට ඇවිත් පාර පනින්නේ තැනක් නොතැනක් නොබලා. හවස වැඩ අවසන් වූ පසු පවා කාර්යාලයෙන් එළියට ඇවිත් බස් එක ගන්න සූදානම් වෙන්නේ තමන් ගමන් කරමින් සිටින තැනින්ම පාර පැන බව ඇත්තක්. දරුවන්ට මග දෙපස හොඳින් බලා කහ ඉරක් ඇති තැනකින් පාර මාරු වෙන්න කියන දෙමව්පියන් එහෙම සිරිත් අනුගමනය නොකරන්නේ හදිස්සිය නිසාමයි. ගෙදරට උවමනා බඩු ටිකත් අරගෙන තියෙන බස් එකේ එල්ලෙන්න එතැනින්ම පාර නොපැන්නොත් වෙලාවට ගෙදර යා ගන්න බැරි බව තේරුම් ගන්න පුළුවන්. නමුත් ජීවිතය කියන්නේ එහෙම කලබලකාරී එකක් නම් නොවෙයි.
දියුණු වෙන විට, බලාපොරොත්තු ඉහළට නැගෙන විට එදිනෙදා ජීවිතයේත් යම් වෙනසක් ඇති කරගන්න බලන්න. සුළු වෙනසකින් අපේක්ෂා කරන තරමට වඩා ඉස්පාසුවක් අපේ ජීවිත වලට දැනේවි. වෙනසක් වෙනුවෙන් පළමු පියවර තැබීම ටිකක් අමාරුයි. වෙනදා වගේම පාරට බහින්න, ඒ පාරෙන්ම ගමන් කරන්න, එතැන වෙළඳ සැලෙන්ම අවශ්යට බඩු ටික ගන්න, ඒ වගේම තැන නොතැන බලලා පාර පනින්න අපි ඇබ්බැහි වෙලා. පරරු තිසංස්කරණය කියන්නෙ මේ කාර්ය භාරයම වෙනස් ආකාරයකට කරන්න උත්සාහ කිරීම. විකල්ප සොයා බලන්න උත්සුක වීම. තමන්ගේ ජීවිතය පමණක් නෙවෙයි, ගම, පලාත එහෙම නැත්නම් රට තුළ පවා යම් පරත්සතිසංස්කරණයක් අවශ්යමයි.
එක බස් නැවතුමක් පයින් ඇවිදින්න ගියොත් අසල්වැසියෝ කතා කරන්න පටන් ගනීවි. ඇඟට දහඩියයි. වෙලාව මදි එහෙම නැත්නම් බස් එක වරදීවි කියල හිතන කෙනෙකුට වෙනස් වෙන්න අමාරුයි. පවතින කාර්ය බහුල රාමුවෙන් ජීවිතය වෙනස් කරගෙන අලූත් ආකාරයකට හැසිරෙන්න උත්සාහ කිරීම පහසු නැහැ. තමන්ගේ එදිනෙදා වැඩගැන තමන් තුළම විවේචනයක් අවශ්යරයි. එවැනි පර්ස තිසංස්කරණයක් දැනට ඒකාකාරී ජීවිත ගත කරන ඔබට, සමාජයට සහ රටට අවශ්ය්යි.

Advertisements