milinda-prashna2013.02.27- ලංකාදීප- මිලින්ද මොරගොඩ

ආහාර මූලික අයිතිවාසිකම් වලින් එකකි. මෑතක දී ඉන්දියාව පොදු ජනතාවට ආහාර වෙනුවෙන් අයිතියක් ඇති බව නීතියෙන් තහවුරු කළේය. ශරිද ලංකාවේ බහුතරය බෞද්ධයන්ය. කුස ගින්නේ සිටින කෙනෙකුට ආහාර සපයා ධර්මය දේශනා කළ බව බෞද්ධ සාහිත්යියේ සඳහන්ය. ආහාර පාන වෙනුවෙන් චාරිතරංකා වාරිතරකළ තිබීම සෑම ආගමකම හෝ සමාජයකම පොදු දර්ශනයකි.

ලෝක ජනගහනයට ආහාර නිෂ්පාදනය පරෑම මාණවත් නොවන බව පෙනෙන විට නිපැයුම වැඩි කරන්නට පොහොර භාවිතා කරන්නට පටන් ගත්තේය. හරිත විප්ලවය වශයෙන් එය ලොව පුරා පැතිර ගියේය. පොහොර භාවිතයේ දී රසායනික සිරුරට අහිතකර බව දක්වමින් කාබනික ආහාර ගැන උනන්දුවක් දක්වන ජන ව්යාටපාර පැන නැගින. ජාන තාක්ෂණයට සිදුවූ බලපෑම ද එවැනිය. විද්යාජව දියුණුව සමග ජාන වෙනස්කම් මගින් කෘෂිකර්මයේ හා සත්ව පාලනයේ විශාල පෙරැළියක් කර ඇත. නොයෙක් සමාජ මෙය දක්වන්නේ ස්වභාවිකත්වය විකෘති කිරීමක් වශයෙනි. පිලිතුරක් වශයෙන් ජාන තාක්ෂණයෙන් තොරව නිපදවන ලදැයි ලේබලයේ දක්වන්නට ලොව පරිතුමුඛ ආහාර නිපදවන්නන්ට සිදුව තිබේ. බාල වයස්කාර දරුවන්ගෙන් වැඩගැනීමෙන් නිපදවන ආහාර භාවිතා නොකරන ව්යායපාර යුරෝපයේ පරන්ගචලිතය. බටහිර රටවල් පරිසර නීති හා කම්කරු නීති වලට අනුකූලව වෙළඳ පොළට පැමිණෙන දේ නිපදවා ඇත්දැයි විශෙෂයෙන් සැලකිල්ලක් දක්වති. ඇතැම් රටවල් මානව හිමිකම් හා නිදහස සම්බන්ධ පරි ශ්න ඇති රටවල නිපැයුම් මිලදී ගැනීමෙන් වැළකීමෙන් බලපෑම් කරන තත්ත්වයට සංවිධානය වී තිබේ. නිර්මාංශාහාර බුදින සමාජයට ‘‘වේගන් ’‘ සහතිකය ඇතිව ආහාර සපයන අවස්ථා යුරෝපයේ බහුලය. හලාල් නමින් ආහාර නිපදවන්නේ ද එම පරඅව වනතාවයට ම බව වටහා ගැනීම වැදගත්ය.

ජනතාවට ආහාර හෝ වෙනත් පාරිභෝගික ද්රයව්ය සම්බන්ධව ඇති අවශ්ය.තාවය හා එහි පවතින සංස්කෘතිය එකිනෙකට වෙනස් බව අවබෝධ කර ගැනීමෙන් ගැටලූ ඇති නොවේ. නිෂ්පාදකයා කවර භාවිතාවකට පෙළඹුන ද අවසාන තීරණය ගත යුතු පාරිභෝගිකයාය. වෙළඳ පොලේ දී භාණ්ඩයක් මිලදී ගන්නා විට එහි මිල, නිෂ්පාදිත දිනය හෝ අඩංගු ද්රටව්ය ගැන සැලකිල්ලක් දක්වන ආකාරයට එය තම සංස්කෘතියට ගැලපෙන්නේ දැයි විමසා බැලීම පාරිභෝගිකයන්ගේ අයිතියකි. එම අයිතියට ගරු කිරීම ඉතා වැදගත්ය.

පෙළඹවීම පාරිභෝගිකයා පෙළන හිරිහැරයකි. ජන සංවිධාන හෝ නොයෙක් මුහුණුවර ගත් ව්යායපාර වලට පාරිභෝගිකයාට බල කළ හැකිය. පරක් චාරණය ද එයින් එකකි. විශාල පර පාචාරයක් දෙන නමුත් එයින් මුලා වී භාණ්ඩ මිල දී ගන්නට තරම් නූතන පාරිභෝගික සමාජය අනුවන නැත. නැති ගුණ කියන්නට හෝ අනවශ්යූ පරගිකමිතීන් ඉදිරිපත් කරන්නට පර්නටචාරණයේ දී ඉඩ නොලැබෙන්නේ ද එම ස්වභාවික රීතිය හමුෙවිය.

අවසාන තීන්දුව ගත යුතු පාරිභෝගිකයාය. සමාජයේ කොටස්කරුවෙකු වන ඔහු තමන්ගේ සංස්කෘතියට හෝ අනන්යභතාවයට එකග නැති දෙයකට අවනත නොවන තැනට සබුද්ධිකවීම රටක දියුණුවයි. තිරසාර විනයක් පාරිභෝජන රටාව තුළ ඇති කළ හැක්කේ එයින් පමණකි. වෙළඳ සැලට ගොඩ වී වෙළෙන්දා විකුණන ඕනෑම දෙයක් මිලදී ගැනීම ඒකාධිකාරයකි. විකල්පය ඇති සමාජයක තෝරා ගැනීමේ අයිතිය ඇත්තේ පාරිභෝගිකයාටය. පාරිභෝගිකයා මිලදී ගන්නට තීරණය කරන දෙයට ගරු කිරීම වැදගත්ය. එය එසේ වන විට වෙළෙන්දා හා නිෂ්පාදකයා එය ඉටුකරන්නට නැඹුරු වන බව නිසැකය.

පවතින හලාල් සංවාදය ද අහවර විය යුතු සමාජ සම්මතය අනුවය. නීති රීති පනවා බලහත්කාරයෙන් යම් වෙනසක් ඇති කිරීම දියුණු සමාජයක ලක්ෂණය නොවේ. බලහත්කාරයකින් තොරව තෝරා ගැනීමේ අයිතිය සහිත විවෘත වෙළඳ පොළක පාරිභෝගිකයන්ගේ අයිතිය සුරැකීම ඉතා වැදගත්ම න්යානයයි.

Advertisements