milinda-prashna2013.02.20-ලංකාදීප- මිලින්ද මොරගොඩ

ඉන්දියාව විශාල රටකි. ආර්ථික අතින් නැගෙන නමුත් අදටත් එරට වෙසෙන ඇතැම් පිරිසකගේ ජීවත්වීමේ අරගලය දැවැන්ත එකකි. යමක් උපයන ව්යුවසායකත්වය විවිධ ආකාරයට බිහිව තිබේ. සීතල පදික වේදිකාවේ රාතරිඑකකය ගත කරන්නට මිලක් තිබේ. පදික වේදිකාව අත්පත් කරගෙන ඇති අතරමැදියෝ ගාස්තු අයකර රාතරි් ්ය ගත කරන අසරණයන්ට එය විකුණන බව ඇතැම් පරාත් න්ත වලින් අදටත් වාර්තාවෙයි. දෙනෝ දාහක් සැරිසරන පදික වේදිකාව බලහත්කාරයෙන් අයිතිකරගෙන වෙළඳාමේ යෙදෙන ඉන්දියානුවන් ගණන මිලියන විස්සකට ආසන්න බව එරට බලධාරීහු ගණන් බලා තිබේ. පදික වෙළඳුන් හා අනවසර වෙළඳුන් ගේ වෙළඳාම ඉන්දියානු සාමාන්යල ජනතාවගේ ජීවිතයට හිරිහැරයක් වන තරමට වැඞී ඇත. එය වටහා ගත් ඉන්දීය මධ්‍යම ආණ්ඩුව අලූත් නීති පනවන්නට තිරණය කර තිබේ.

ලෝකයේ ඕනෑම රටක වෙළඳාම සිදුවන්නේ මහජනතාව ගැවසෙන තැනකය. පදික වේදිකාව එයින් පරකය ධානය. දෙනෝදාහක් සැරිසරන නගර මධ්ය යේ ඇති සීමිත බිම් අගනා සම්පත් බවට හැරවෙයි. ධනය උපයන පදික වේදිකාව බලය ඇති අතරමැදියන් අතට පත්වන්නේ එවිටය. ආර්ථිකය දියුණු වි සමාජ විනය ඇති කරන්නට කරිල යාකරන විට පදික වේදිකාවට ද අලූත් මුහුණුවරක් දෙන්නට සිදුවෙයි. පදික වේදිකාවෙන් වෙළෙඳුන් ඉවත් කිරීමට තීරණය කිරීම විශාල සමාජ පරදෙනශ්න ඇති කරන පරක වයත්නයකි. එය කිසිසේත් සුහදව සිදු වන්නේ නැත. එහි නිරත ව්යාමපාරිකයන්ගේ ද, ඒවා මෙහෙයවන අතරමැදි බලවතුන්ගෙන් ද, මැරයන්ගෙන් ද නැගෙන පරිරතශ්න බරපතලය. ව්යුවසායකත්වය රටක දියුණුවට ඉතාම වැදගත් හෙයින් ගැටලූවට විසඳුම ඉතාමත් සංකීර්ණ එකකි.

ශරීග ලංකාවේ පවා පදික වේදිකාව හා අනවසර ඉඩ අල්ලාගෙන කරන වෙළඳාම ගැන නිතර තොරතුරු පළවෙයි. දෙයක් හිමිවිය යුතු සුදුස්සන්ට නමුත් නගරයක නොයෙක් තැන් අයිතිකරගෙන ඇත්තේ නිසි ආකාරයට නොවේ. දේශපාලනඥයන් එයට වගකිව යුතුය. ආණ්ඩු බලයට පත්වන විට එයට උදවු කරන හිතවතුන්ට අනවසරයෙන් ඉඩම් අත්පත් කරගන්නට ඉඩ දෙයි. අලූතෙන් ආණ්ඩුවක් බලයට එන විට බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින පිරිස අතරට අලූතෙන් තවත් කණ්ඩායමක් එකතුවෙයි. කලින් පාක්ෂිකයන් වී සිටි පිරිස දැන් විපක්ෂයේ නමුත් දීර්ඝ කාලයක් අනවසරයෙන් පරවෙ යෝජනයට ගෙන අයිතිය ලිපි ලේඛන පවා සකස් කරගෙන ඇති බව පෙනේ. එයට පසුබිම සකසන අතරමැදියන්, පාතාල නායකයන්, නීති විරෝධී මත් පැන් හා මත් ද්රකව්යප විකුණනන් ද මෙම චකර, නයට ඇතුළු වී තිබේ. අනාගතය සොයමින් නගරයට සංකරවා මණය වන දුප්පතුන් ද, නොයෙකුත් සොරකම්, මැරකම් හා බලහත්කාරකම් වලින් ද අඩුවක් නැති පිරිසක් ද එහි එදිනෙදා ජීවිතය ගත කරයි. එම අයිතිකරුවන්ට විකල්පයක් නැති බව ඔප්පු කළ හැකි නමුත් බලහත්කාරයෙන් ඇතුළු වී සිටින්නේ පොදු ජනතාවට යුක්තිය හා සාධාරණත්වය අහිමි කරමින්ය. සියල්ල වෙනස් කර අලූත් පියවරකට ගමන් කරන්නට උත්සාහ කළහොත් විසඳාගත යුතු ගැටලූවල කෙළවරක් නැත.

ඉන්දියාව පනත් සංශෝධනය කර පදික වෙළඳාම පාලනය කරන නීති හඳුන්වා දෙන්නට උත්සාහ කරන අතරතුර සිංගප්පූරුව, මැලේසියාව වැනි ආසියාවේ ම වෙනත් රටවල් දැඩි පාලනයකින් එයට උත්තර සොයා ගත්තේය. ව්යකවසායකයන් බිහිකර ආර්ථිකය පුලූල් කිරීමේ අවශ්යිතාවය නවීන ලෝකය පිළිගන්නා නමුත් එය විනිවිද පෙනෙන සමාන අවස්ථා ඇති ආකාරයට සිදුකිරීම වැදගත් බව ද අවධාරණය කරයි. බලහත්කාරය හෙයින් නගරයක විනය පිරිහෙන අතර එයින් ඇති කරන ආර්ථිකය දියුණුව නොවේ. පොදු ජනතාවට අත්ය වශ්යි දේ මිලදී ගැනීමට පහසුව ඇති කළ යුතු අතර ව්යුවසායකයන්ට ද එහි ඇති අවස්ථා උපයෝගී කරගෙන වෙළඳාම් කරන්නට හැකි කලාප බිහිකිරීම දියුණුවට කළ හැකි වැදගත්ම මෙහෙවරකි.
පදික වේදිකාවේ හෝ රජය සතු ඉඩම් කලින් කල බලයට පත්වන දේශපාලනඥයන්ට හෝ අනුගාමිකයන්ට අත පොවා අයිතිකර ගැනීමට ඉඩ නොලැබෙන ආකාරයට පොදු පරට හතිපත්ති සම්පාදනය අවශ්යමය. එවැනි නීති පැනවෙන විට එයට ගරුකරන සදාචාර සම්පන්න බවක් ජන නායකයන්ගෙන් හා සමාජයෙන් අපේක්ෂා කළ යුතුය.

Advertisements