milinda-prashna2013.01.16 – ලංකාදීප- මිලින්ද මොරගොඩ
ව්යා.පාරයකට වාර්ෂිකව ආදායම හා වියදම සම්බන්ධ මුදල් ඇස්තමේන්තු කිරීම සාමාන්යසයෙන් සිදුවෙයි. එයට හා සමානව කාලය කළමණාකරනය ද ඇස්තමේන්තු කරන්නට අන්තර් ජාතික පරදු වනතාවක් ඇතිව තිබේ. පසුගියදා නිකුත් වූ මැකෙන්සි පර්යේෂණ වාර්තාවක මෙම අදහස අලූතෙන් අර්ථ ගන්වා ඇත. අලූත් අලූත් දේ ඇතිවෙයි. එම අලූත් පැති ඇති කරන්නේ අරමුණ කාර්යක්ෂමව සහ ඵලදායීව ඉටු කර ගැනීම ඉලක්ක කරගෙනය.
මූල්යී සම්පත් ගැන පොදු අවබෝධයක් ඇත. ධනය වටිනාම සහ පාලය කළ යුතුම දෙය ලෙස සැලකිල්ලට ගත් යුගයක් තිබිණ. මැකෙන්සි පර්යේෂණයට අනුව ධනයට වඩා කාලය වැදගත්ය. ධනය උපයා ගත හැකි නමුත් කාලය ආපසු උපයා ගැනීමක් කළ නොහැකිය. එහෙයින් ව්යාදපෘතියකට අවශ්යම ධනය ඇස්තමේන්තු කරන ආකාරයට එක් එක් අදියරේදී වැය කරන්නට සිදුවන කාලය ද ගණනය කරන්නට සැලසුම් සම්පාදනය කරන්නට පටන්ගෙන තිබේ.
මේ අනුව නුදුරු යුගයක මුදලින් තක්සේරු කරන අතර ගතවන කාලය අනුව ව්යායපාරයක වටිනාකම නියම වන්නට ඉඩ තිබේ. රුපියල් මිලියන සියයක් වටිනා ආයෝජනයක අවුරුදු පහක ව්යාාපෘතියක හැබෑ විකිණුමි මිල රුපියල් මිලියන සියය ඉක්මවන අතර එම කාල පරාසය තුළ මිලට ගත් කාලය සහ මුලින්ම පරුම යෝජනයට ගන්නට ආයෝජකයාට සිදුවනු ඇත. එයට ගැලපෙන ආකාරයට මානව සම්පත් කළමණාකරුවන්ට කාලය කළමණාකරනය ගැන ද අවබෝධයක් ගන්නට සිදුවිය හැකිය. දැනටමත් දියුණු ව්යාටපෘතිවල එය එසේ සිදුවෙයි. එවැනි අවස්ථාවල කෙරෙන්නේ එක් එක් කාර්යයට වැය කරන්නට සිදුවන කාලය තක්සේරු කර නියම කිරීමයි. නියම කරගත් කාලයට වඩා වැඩිපුර හෝරාවක් දෙකක් වියදම් වීම පාඩුවකි. ධනය මෙන්ම කාලය ද ඉතිරි කරගත හැකිනම් ව්යාිපාර දියුණුවට පත්වෙයි.
මෙයට යම් පමණකින් සමීප රෙගුලාසියක් ඇමෙරිකාවේ දැනටත් කිර ද යාත්මකය. කඩදාසි බලපතරවට පිරවීමේ පණතක් වන එහි පුරවැසියන් රජයේ සේවයක් වෙනුවෙන් සම්පූර්ණ කළ යුතු යම් ආකෘති පතරවීමයක ඉහළින් එම ආකෘතිපත සම්පූර්ණ කරන්නට ගතවන කාලය කොතෙක් දැයි අනිවාර්යයෙන් සඳහන් වෙයි. පණතට අනුව අවුරුදු පහකට වරක් එය එලෙස පුරවන්නට හැකියාව ඇත්දැයි පරාව යෝගිකව පරික්ෂා කිරීමක් ද කෙරේ. එයින් කියැවෙන්නේ මහජනතාවට නිකරුනේ කාලය නාස්ති කරන්නට සිදුනොවන බවට යම් සහතිකයකි.
කාලය වටිනා බව ඉතිහාසයේ සිට පැවත එන ශරී ක ලාංකික අනන්යෙතාවයකි. නිසි කල නිසි දේශගුණයට අනුව බව බෝග සම්පත් වගා කර කල් ගත කල ආකාරය ආපසු හැරී බලන විට තහවුරුවෙයි. නමුදු අද පුදුමාකාර වේගයක් ජීවිතයට ඇතුළු වී තිබේ. ඉක්මන හා හදිස්සිය මතු පිටින් පෙනුණත් එහි කළමණාකරනයක් නැත. ජනතාව වැඩට, පොලට එහෙමත් නැත්නම් මග තොටට නිතිපතා නාස්ති කරන කාලය ඉතා විශාලය. එහෙම කරන්නට සිදුව ඇත්තේ ද ඔවුන්ගේ කැමැත්තෙන් නොවේ. සැලසුමට අනුව ගමනක් නැති සහ නිසි කළමණාකරනයක් ගැන උනන්දුවක් ඇතිකරන්නේ නැති රාමුවකට ජන ජීවිතය අනුගත වී ඇති හෙයින්ය. බටහිර සමාජයෙන් කාළ කළමණාකරන විධායක වැනි තනතුරක් මෙටරටට හඳුන්වා දුනහොත් සිදුවිය හැකි දේ කුමක්ද? වැටුප් තලයක් ඇති කර හොඳ පහසුකම් ද සපයා රටට මාතෘකාවක් ද සපයනු නිසැකය. එනමුත් අප සියලූ ම දෙනා කාලය යනු ආපසු උපයාගත නොහැකි ක්ෂය වී යන සම්පතක් බව සලකා කරිුවියා කරන්නට දන්නා සමාජයකි. දන්නා සමාජය නොදන්නා ආකාරයට විකෘති වීම කනස්සල්ලකි. එය ආපසු හරවා ධනයට වඩා කාලයෙන් උපරිම පරදන්යෝජන ගැනීමට හැකි පසුබිමක් සකස් කරගත යුතුය. පරිවර්තනය වෙමින් ඇති සමාජ ගෝලීයකරණය තුළ එය අප සියලූ දෙනා සතු ඉතාමත් බරපතල වගකීමකි.

Advertisements