milinda-prashna2012.12.26- ලංකාදීප -මිලින්ද මොරගොඩ

ශරී2 ලංකාවේ ආර්ථිකය මැදි ආදායම් ලබන තෘප්තියෙන් පසු වෙයි. පසුගිය අවුරුදු කිහිපය තුළ ඒක පුද්ගල ආදායම වැඩිව තිබේ. පොදු ජනතාවගේ ජීවන මට්ටම ද යම් පර ත මාණයකින් දියුණුය. පවතින වෙළඳ පොළ රටාව සහ ගෙදර දොර පරිහරණය කරන උපකරණ දෙස බලන විට යම් පෙරැළියක් සිදුව ඇති බව පෙනේ. නමුත් රට තුළ පහළම පංතියෙන් කොටසක් මධ්යබම පංතියට නැගී ඇතිවා විනා ඇති නැති පරතරය තිරසාර ලෙස අඩුවී ඇතැයි ස්ථිරව පවසන්නේ කෙසේද?
ඇති හැකි අය වෙළඳ කරෙස මය තුළ කොටස්කරුවන් වන විට නොහැකි අය ණය කරුවන් වී හෝ මෙම සමාජයේ තමන් සිටිය යුතු තැන සොයා වෙහෙසෙයි. එයට උදවු කරන වෙළඳ පොළ පාරිභෝජන මූල්යෙ රටාවක් ගොඩ නැගී තිබේ. ලීසිං කරදවුම, ආයතනික ණය හා ක්රෙ ඩිට් කාඞ් ඒ අතරය. එයට අනුව තමන්ට මිලදී ගත නොහැකි දේ ණය වී මිළට ගත හැකිය. සමාජයේ සියලූම දෙනා යම් යම් තරමකින් ණය වී, ණය ද එහි පොලිය ද බරපතල ආකාරයට ගෙවන බව පෙනේ. එවිට සමාජයේ දිස්වන හැබෑ ආර්ථිකයේ යම් කොටසක් පවතින්නේ මේ අතින් ඇල්ලිය නොහැකි ණය ගැති භාවය සමගය. එය පාලනයකින් තොර වුවහොත් පරල් තිඵලය අනතුරුදායකය. පසුගිය වකවානුවේ ඇමරිකානු ආර්ථිකයේ පවා බරපතල පර‍ියශ්න හටගත්තේ පාරිභෝජන ණය බර වැඩිවීම සමග බව අමතක කළ යුතු නැත.
ධනය උපයන අතර එයින් කොටසක් ඉතිරි කළ යුතුය. ලෝකයේ ඕනෑම රටක ඉතිරි කිරීමේ පරත ොතිශතය සංවර්ධනය මනින එක මිනුම් දණ්ඩක් වී ඇත්තේ එහෙයින්ය. ශරීන ලංකාවේ ඉතුරුම් අනුපාතය දුබල බවද දැක්විය යුතුය. ඉපැයීම, වියදම් කිරීම හා ඉතිරි කිරීම යම් සමබරතාවයකින් තිබීම වැදගත් සාධකයකි. ආණ්ඩුවටත් මහජනතාවටත් එය පොදුය. රටක් දියුණු වන්නේ එවිටය.
වියදම් වැඩිවන විට මහජන අවශ්යයතා සපුරන්නට ජාතික ආර්ථිකයකට නොහැකිය. එවිට ආණ්ඩු වලට පවා ණය ගන්නට සිදුවෙයි. ණය අවශ්ය.තාව වැඩි වන විට එය සපයා ගැනීමට නම් වැඩි පොලියක් ගෙවිය යුතුය. ගන්නා ණය සංවර්ධන කටයුතු වලට යෙදවී එයින් නිෂ්පාදනය වැඩි වෙයි නම් වැදගත්ය. ගන්නා ණය යමක් උපයන්නේ නැතිව පාරිභෝජනයට වැය කෙරේ නම් අයහපත්ය. දැනට මෙරට ජාතික ආදායමෙන් සියයට තිස් පහක් වැය කරන්නට සිදුව ඇත්තේ කලින් ගත් ණය පොලිය ගෙවන්නටය. එය පහසු වියදමක් නොවේ. ආදායමෙන් වැඩි කොටසක් ණය ගෙවන්නට වැය කරන පුද්ගලයෙකුට විශාල අපහසුතාවයකට මුහුණ දෙන්නට සිදුවෙයි. වර්තමානයේ මෙරට බැංකු ණය පොලී අනුපාත වේගයෙන් වැඩිවෙමින් පවතී. එයින් කියන්නේ මහජනතාවගේ ඉතිරි කිරීම් ආකර්ශනය කර ගන්නට ඇති උවමනාවයි. පසුගිය කාලය තුළ වානිජ බැංකු වල ව්යමවසායකයන්ට ණය දීම සීමා කර තිබුණ අතර රටට ඇති මුදල් අවශ්යැතා දේශීයව සපුරා ගැනීමට ආණ්ඩුව උත්සුකවීමෙන් ණය සංස්කෘතිය සියුම් ආකාරයකට තවදුරටත් පැතිර යන බව පෙනේ. මෙවැනි තත්ත්වයක් පාලනයකින් තොර වීම යහපත් නැත.
බැංකු ගනුදෙනු කරුවන්ගේ ඉතිරි කිරීමේ පොලිය වැඩිවන විට ණය පොලිය ද එයට සමාන්තරව වැඩිවෙයි. එහි බර අවසානයේ දී එකතු වන්නේ රට තුළ වියදම නැගෙන ආකාරයකටය. උද්ධමනය වැඩිවෙයි. පාරිභෝගිකයන් මිලදී ගන්නා සියලූම දෑ මිල වැඩි වන්නේ බැංකු වල නැගෙන පොලි අනුපාතය ද එකතුවය. අලූත් ආයෝජන සිදුවන්නේ නැත. ව්යදවසායකයන්ට පරානඋ ග්ධනය සපයා ගැනීමේ දී පොලී වියදම ගැන විශෙෂයෙන් සලකා බලන්නට සිදුවෙයි. නොදැනීම නැගෙන ණය පොලිය අවසානයේ ආර්ථිකයට මහා බරකි. එයට කලින් මනා පරන ණතිසංවිධානයක් වැදගත්ය. ණය ගෙවා ගත නොහැකි පුද්ගලයෙකු යම් ආකාරයකට එයින් මිදෙන්නට ගන්නා උත්සාහය කෙබඳු දැයි දන්නා අප සියලූ දෙනාටම එහි බැරූරුම්කම වටහා ගැනීමට සුදුසුම කාලය වර්තමානයේ උදා වී ඇත.

Advertisements