Image2012.12.12 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

ශ්‍රී ලංකාව පසු කරමින් සිටින්නේ අභියෝගාත්මක වකවානුවකි. අලූත් ආකල්ප ඇතිව ක්‍රියාකිරීම, අලූත් අවකාශයන් සොයායාම අභියෝග ජය ගැනීමෙහි ලා ඇති අනිවාර්ය සාධක ය. අලූත් දේ සොයා යාමකින් තොරව පරිවර්තනයක් ඇති නොවේ. යම් පරිවර්තනයට සූදානම් විය යුතු අප සිතන හා ක්‍රියාකරන ආකාරයේ පටන්ය.

අද සමාජයේ හැසිරීම අනුව රෝහලක රෝගීන් ට ප්‍රතිකාර ගැසීමට ඇති අයිතියට වඩා බලවත් අයිතියක් ඇත්තේ සේවකයන්, විශෙAෂඥයන් හා නිලධාරීන්ටය. ඉගෙන ගැනීමට අයිතිය ඇත්තේ දරුවන්ටය. නමුත් පසු කරමින් සිටින්නේ දරුවන් ද ගුරුවරුන් ද අයිතිය ඉල්ලා බල කරන යුගයකය. ප්‍රවාහනයේ නිසි අයිතිය හිමි විය යුතු මගියන්ටය. නමුත් මගී ප්‍රවාහනයේ අයිතිය හිමි කරගෙන ඇත්තේ බස් රථ ධාවකයන්ය. පාරිභෝගිකයන්ට ඇති අයිතිය සීමාසහිතය. වෙළෙන්දා නියම කරන භාණ්ඩ ඔහු නියම කරන මිලට ගන්නට පාරිභෝගිකයාට සිදුව තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී රටක බලය ඇත්තේ පොදු මහජනතාවට බව ඇත්තය. මහජනතාවගේ ශක්තිය, ඉහලම බලපෑම විය යුතුය. ඔවුන්ගේ හ`ඩ නැගෙන ඉහළම හ`ඩ බව අපට දැනෙන්නට අවශ්‍යය. බහුතර එනමුදු මහජනතාව නගන හ`ඩ සු`ථ එකක් වී තිබේ. සු`ථ සිරිසක් විසින් බහුතරයේ මතය යටපත් කර තිබේ.

පටු අරමුණ නැත්නම් පුද්ගල ස්වාර්ථයට ඉඩ දෙනු වෙනුවට පොදු අරමුණු සාක්ෂාත් කර ගැනීමට පුලූල් සමාජ විඥානයක් ඇතිව ක්‍රියා කරන්නේ කෙසේද? බහුතරය අවබෝධයක් ඇතිව අවදිවිය යුතුව තිබේ. එහිදි සිවිල් සමාජය එකතුවී ශක්තිමත් වී පෙරමුණක් ගොඩනැගීම අවශ්‍යය. මෙහිදී අප සියලූ දෙනාම පාරිභෝගිකයන්ය. අවශ්‍යව ඇත්තේ පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගත හැකි පුලූල් බලවේගයකි.

පාරිභෝගිකයන් වශයෙන් බලය තමන් අතට ගැනීමට පොදු මහජනතාව හැකියාව මෙම බලවේගය තුළ ඉතාම වැදගත්ය. එය කළ හැකිවන්නේ මහජනතාවට තමන්ගේ පැත්තෙන් සිතන්නට හැකිනම් පමණකි. රෝහල ඇත්තේ රෝගියාටය. ඔහු එහි පාරිභෝගිකයෙකි. පාසල ඇත්තේ දරුවන්යට. අධිකරණය ඇත්තේ යුක්තිය අහිමිවූ යම් කොටසකටය. ඉඩම හිමි විය යුතු ගොවියාටය. වෙළ`දපොළ හිමි විය යුත්තේ පාරිභෝගිකයාටය. එතැන අසාධාරණයක් අයුක්තියක් සිදුවන්නේ නම් එය බලපාන්නේ ජනතාවටය. ආයතන ශක්තිමත් කිරීම වෙනුවට මෙවැනි විකල්ප වැඩ පිළිවෙලකට අප ගමන් කළ යුතුය. කවර මිලක් ගෙවා හෝ ආයතන හා එයින් පවත්වාගෙන යන පොදු ජනතාවට හිරිහැර වන පවතින ක්‍රමය වෙනුවට සමාජයට බලය ආපසු පිරිනැමෙන අවස්ථාවක් වෙනුවෙන් කි්‍රයා කළ යුතු යුගය උදා වී තිබේ.

මෙම වෙනස ඇති කළ හැක්කේ කාහටද? බලය තමන්ට පමණක් කේන්ද්‍රවිය යුතුයැයි සිතන පුද්ගලයාටද? ආයතන බලවත් වීමට වඩා දරුවන්, කාන්තාවන් හා පුරුෂයන් වශයෙන් සමාජයේ සියලූ කොටස් බලවත්වන විට සමාජය ගොඩනැගෙන බව සිතන්නට හැකි විශිෂ්ටයන්ටද?

ස්වාධීන මතයක් දරන, අන්‍ය මතයට ගරු කරන නිවහල් පුද්ගලයන් නිදහස් රටක් තුළ මතුවිය යුතු අවස්ථාවකි. රට තුළ චරිත වශයෙන් ඉදිරියට පැමිණ නිවහල් චින්තනයක් ගොඩනගන්නට මග පාදා ගැනීම අද බුද්ධිමතුන්ගේ වගකීමකි. සිවිල් සමාජයේ නිදහස් මතධාරීන් අද පවතින පාරිභෝගිකයා නොතකන ක්‍රමයට එරෙහිව නැගී සිටිය යුතුය. ඕනෑම ක්ෂෙAත්‍රයක ජන බලයෙන් නැගෙන බලගතු නිර්මල සමාජයක් බිහි කරන්නට ඇති හැකියාව ගැන අවධානය යොමු කළ යුතුය. එවැනි තීන්දුවකට යාම පහසු නැත. අභියෝගාත්මකය. එනමුත් සමාජයේ පැවැත්ම ර`දාපවතින්නේ එවැනි විකල්පයකට මුහුණ දිය හැකිනම් පමණකි. මහජනතාව අත්දැකීම් ඇසුරෙන් බුද්ධිමත්වන තරමට පොදු තීන්දු ගැනීමේ අවකාශය පුලූල් වන බව පැහැදිලිය.

Advertisements