milinda-prashna2012.12.05 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

ලෝකයේ නොයෙක් රටවල් තමන්ට අනන්‍ය පාලන ක්‍රම වලට නතුව සිටිති. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට ලැබී ඇති පිළිගැනීම ඉහළය. පාලන ක්‍රමයක් වශයෙන් එය හො`දම එක යැයි නොකියැවෙන නමුත් දැනට ඇති ක්‍රම අතුරින් ජනතාව බලවත් කරන යහපත් පාලන ක්‍රමයක් සේ සැලකෙයි. ප්‍රජාතන්ත්‍රවාදය මනාව හැසිරවීමෙන් යහපත් අතට නැගෙන්නේ ජනතාවගේ ජීවන මට්ටමය.

ප්‍රජාතන්ත්‍රවාදී පාලනය බිහිවූයේ ජනතාව එය ඉල්ලා සිටි අවස්ථාවේ දීය. බි්‍රතාන්‍ය තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණ බිහිිවූයේ ජෝන් රජු හා පාලනයට සහභාගී වූ රදල බැරන්වරු අතර පැවති අරගලය සමගය. එය සමථයකට පත්වූයේ රජු හා රදළයන් අතර ගිවිසුමක් අත්සන් කිරීමෙනි. එය මැග්නාකාර්ටා ගිවිසුමයි. ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ මුල් අදහස දැක්වෙන පළමු ඓතිහාසික ලියැවිල්ල ලෙස මෙය ඉතිහාසයට එක්ව තිබේ. ප්‍රජාතන්ත්‍රවාදයට දිනෙන් දින අලූත් දෑ එකතු වෙයි. බි්‍රතාන්‍ය රජය එරට පොලිස් කොමසාරිස් මහජන ඡන්දයෙන් තෝරා ගැනීමට තීරණය කිරීම එයට එකතු වූ අලූත් පැත්තකි. ඇමරිකාවේ පොලිස් ෂෙරිෆ් හා පහල අධිකරණයේ විනිසුරුවරුන් ද ඡන්දයෙන් පත්කරගන්නා ක්‍රමයක් තිබේ.

අලූත් ප්‍රවනතාව අනුව ජන්දයෙන් පත්කරන තරමට වෙනස්වෙමින් පවතින පොලීසිය ඉටු කරන්නේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීමයි. වගකිම ඉටුකිරීමේ දී ගිනි අවිය වෙනුවට මහජන සම්බන්ධතාවය වැඩිපුර තිබිය යුතු යැයි සැලකේ. නිරායුධ ජනතාව අතරට යන්නට ආයුධ අවශ්‍ය නැත. ඔවුන්ට සමීප වී එදිනෙදා සුළු ප්‍රශ්න විස`දාගැනීමට හවුල්වීම පොලිස් නිලධාරියාගේ වගකීමයි. අසාධාරණයක්, අයුක්තියක් සිදුව ඇත්නම් තීන්දු දිය හැකි අධිකරණයටයි. පොලීසිය අවම බලය පාවිච්චි කර මහජනතාව සමග සමීපව කි්‍රයාකළ යුතු එහෙයිනි.

මහජනතාවට බැහැර ආගන්තුක තැනකින් පත්ව එන පොලිස් නිලධාරියා වගකියන්නේ සමාජයට නොවේ. පාලකයාටය. පාලකයා මහජන නියෝජිතයන් වන නමුත් පොලිසිය සෘජුවම මහජනතාව අතරින් නැගෙන මහජනතාවට වගකියන තැනක් බවට පත්කිරීම බි්‍රතාන්‍ය අලූත් සංශෝධනයේ අදහසය. ඒ අනුව බි්‍රතාන්‍යයේ පුරවැසියන්ට තම පොලිස් කොමසාරිස්වරයා තමන්ට කැමති ආකාරයට පත්කර ගැනීමට ඉඩ ලැඛෙන සංශෝධන ගෙන ආවේය. දේශපාලනඥයන් කැමති, දේශපාලන අවශ්‍යතා ඉටුකරන පොලිස් සේවාවක් වෙනුවට මහජනතාවට වග කියන සේවාවක් ඇති කිරීම උදෙසා එය නව ඇරඹුමක් විය හැකිය. එයට පදනම සැකසුනේ 2010 වසරේ මහ මැතිවරණයට ඉදිරිපත් කළ කොන්සර්වටිව් පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙනි. පොලිසිය ප්‍රතිව්‍යුහගත කිරීම හා සමාජ වගකීම් පණත සම්මත කිරීමෙන් ඉනික්බිතිව මෙම පොලිස් මැතිවරණ ක්‍රමය ඉදිරියට පැමිණියේය.

නමුත් පළමු පොලිස් කොමසාරින් මැතිවරණයට බි්‍රතාන්‍ය වැසියන් එකතරම් උන්නදුවක් දැක්වූයේ නැත. ලන්ඩන් නගරය හැර පොලිස් බල ප්‍රදේශ 41 ක තුළ පැවති මැතිවරණයේ සාමාන්‍ය ඡන්ද ප්‍රකාශ කිරීම සියයට පහලොවක් වැනි සුළු ප්‍රතිශතයකට සීමා විය. මහජන ඡන්දයෙන් පත් වූ පොලිස් කොමසාරිස්වරු 2016 දක්වා බලයේ සිටින අතර නිලධාරීන් පත් කිරීම් සහ දූෂිත පිරිස බලයෙන් පහ කිරීමට ද ඔවුන්ට නීතියෙන් අවසර ඇත.

ප්‍රජාතන්ත්‍රවාදයේ නව මුහුණුවරක් ඇති කරමින් නීතිය හා සාමය ආරක්ෂා කරන පොලිස් ස්ථානයට නීති ගරුක මහජනතාවගේ කැමැත්තෙන් ඉහළ නිලධාරීන් තෝරා ගැනීම විවිධ අර්ථකථන වලට ලක්ව තිබේ. මහජනතාවගේ ඡන්ද ප්‍රතිශතය අඩු නමුත් එය වටිනා හැරවුම් ලක්ෂ්‍යයක් බවට මැදහත් විචාරකයන් සිතන්නට පටන්ගෙන ඇත. සමාජයක් පෝෂණය විය යුතු ජනතාවගේ පරමාධිපත්‍ය ආරක්ෂා කරන අතරතුරය. එයට ගන්නා පියවර ජීවත්වන්නන්ට අලූත් හුස්මකි. ශ්‍රී ලංකාවේ පොලිසිය බැටන් පොල්ලේ සිට ටී පනස් හය දක්වා ගමනක් පැමිණ තිබේ. ත්‍රස්තවාදය ද එයට යහමින් වගකිව යුතු බව ඇත්තකි. ශ්‍රී ලාංකේය මහජනතාව මෙරට පොලිස් සේවාවට දක්වන ගෞරවය මනින්නට ද මිනුම් දණ්ඩක් අවශ්‍යය. නමුත් මහජන ඡන්දයෙන් පොලිස් නිලධාරීන් පත්කර ගැනීමේ යුගයක් ඇති කළ හැකියැයි කල්පනා කිරීම අපහසුය.

Advertisements