2012.11.07 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

ආර්ථික පර්යේෂකයෝ ලෝකයේ සිදුවෙමින් පවතින දෑ විවිධ පැති වලින් සොයා බලති. වැඩි වයස්ගත ජනගහනය ගැන කතා බහ අලූතෙන් පැන නැගී ඇති එවැනි මාතෘකාවකි. ඉපැදීම හා මරණය අතර පසුබිම කාලානුරූපව සංකීර්ණ වී තිබේ. වර්තමානයේ පවුලක දරුවන් ගණන සීමා සහිතය. හො`ද සෞඛ්‍ය පහසුකම් නිසා සාමාන්‍ය පරමායුෂ කාලය ද වැඩිය. ලෝක ජනගහනයේ දරුවන් ද වැඩිමහලූ පිරිස ද ප‍්‍රතිශතයක් ලෙස වෙනස් වෙමින් තිබේ. එම ප‍්‍රතිශතය ඉහළ යන විට සමාජයට දැනෙන හේතුවක් තිබේ. ඔවුන් ශ‍්‍රම බලකායට ඇතුලත් නැත. මැත කාලය තුළ, වැඩ කරන හා උපයන පිරිසට වඩා එම ආදායමෙන් යැපෙන පිරිස ප‍්‍රතිශතයක් වශයෙන් ඉහළ ට නැග තිබේ.

ශ‍්‍රී ලංකාවේ ජනගහන වාර්තා සලකන විට එය අවධානයට ගත යුතු තත්ත්වයක් බව පර්යේෂකයෝ පෙන්වා දෙති. 1981 දී මෙරට වියපත් ජනගහනය මිලියන එකකි. 2011 දී එය මිලියන 2.6 ක් ව තිබේ. මෙම ජනගහන වර්ධන රටාව එලෙසම පැවතිය හොත් වසර 2041 දි එය මිලියන 5.4 ක් වනු ඇත. සමස්ථ ජනගහනයෙන් සියයට 12.5 ක් වයස්ගත වූවන් බව 2011 දත්ත පෙන්නුම් කළත්, මෙයට අනුව 2041 දී සමස්ථ ජනගහනයෙන් සියයට 24.8 ක් විශ‍්‍රාමිකයන්ය. හැම හතර දෙනෙකුගෙන් ම කෙනෙකු ශ‍්‍රම බලකායට ඇතුලත් නැත. උපයන්නන් නොවේ. දරුවන් ද එකතු වූ විට එය තරමක් බරපතල එකකි. තරුණ පවුලක දෙදෙනෙකුට උපයා නඩත්තු කරන්නට සිදුවන පිරිස වැඩිවීමට ඉඩ තිබේ. තවත් අවුරුදු තිහක් ඇතුලත එනම් වර්තමාන පරම්පරාවට තමන්ගේ ම දරුවන් හමුවේ මුහුණ දෙන්නට සිදුවිය හැකි අභාග්‍යය ගැන විස`දුම දැන් සොයා ගැනීම වටී.

ආර්ථිකය සීමා සහිතය. එය තුළ උපයන දේ වැය කිරීමේ ද සීමා මායිම් තිබේ. අද අප දෙමාපියන්ට කරන සැළකිල්ල හා රුකවරණය අපට නොලැබෙන සමාජයක් යනු බරපතල ඛේදවාචකයකි. ඉදිරි පරම්පරාවේ දරුවන්ට ස්වකීය ආර්ථික ප‍්‍රශ්න හමුවේ වැඩිහිටියන්ට සැලකීම ප‍්‍රශ්නයක් විය හැකිනම් එයින් දෙදරා යන්නට ඉඩ ඇත්තේ ශ‍්‍රී ලාංකික සංස්කෘතියයි. දෙමව්පියන් මහ මගට වැටීම, ඔවුන් වැඩිහිටි නිවාස වලට සීමා වීම හෝ ආණ්ඩුවේ දීමනාවලින් යැපෙන තත්ත්වයට පත්වීම මෙරට සමාජ සම්මතයන්ට නිගරුවක් විය හැකිය.

ඉදිරි දශක දෙක තුන ඇතුලත ජනගහනයේ සිදුවන වෙනස්කම් සලකා ප‍්‍රතිපත්ති සම්පාදනයට පියවර ගත යුතුය. විශ‍්‍රාම යන කාලය සංශෝධනය වටිනා අදහසකි. මහන්සියෙන් වැඩ කිරීම වෙනුවට බුද්ධියෙන් හා අත් දැකීමෙන් යමක් උපයන අලූත් ව්‍යවසාය රටට හ`දුන්වා දිය යුතුය. තොරතුරු තාක්ෂණය හා අන්තර් ජාලය එයට මහ`ගු පිටිවහලක් විය හැකිය. සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීමට පියවර ගැනීම වටී. ආදායමක් නැති ජන කොටස අසරණවීමට ඉඩ නොදෙන සෞඛ්‍ය රක්ෂණ ක‍්‍රම ගැන උනන්දු විය යුතු අද සිටමය. රක්ෂණාවරණයකට හෝ ඉතිරි කිරීමකට ඇතුලත් වුවහොත් එය දරුවන්ට අත නොපා සිටින්නට මගකි. ජනගහනයෙන් හතරෙන් එකක් වියපත් වන සමාජයක මගි ප‍්‍රවාහන ක‍්‍රම, පදික වේදිකා, පදික මාරු අලූතෙන් සකස්වීම අවශ්‍යය. වැඩිහිටියන්ට එදිනෙදා කාලය ගත කරන්නට අවස්ථා ඇති කළ හැක්කේ කෙසේදැයි සිතන්නට අවශ්‍යය. අවසාන වශයෙන් තරගකාරී දැඩි වේගවත් බව වෙනුවට ඉවසිලිවන්ත හා කාරුණික සමාජයක් බිහි කරන්නට උත්සුකවීම ඉතාම වැදගත්ය. අනාගතය වෙනුවෙන් පදනමක් සකස් කළ යුතු අද ය. අප ස`දහාම ය.

Advertisements