2012.08.15 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

අධිකරණය උත්තරීතර ආයතනයයි. මහජනතාව යුක්තිය අපේක්ෂා කරන්නේ අධිකරණයෙන්ය. යුක්තිය පසි ඳ ලන විනිසුරුවරුන්ට සමාජයේ ඇති මහත් ගෞරවය සැලකිය යුතු එකකි. විශ්වාසනීය සේවාවක් ස්ථාපිතකරන අරමුණෙන් විනිසුරුවරු නිශ්චිත කාලයකදී ස්ථාන මාරුවීම් ලබයි. තම නිල නිවාසයෙන් ස්වකීය ගේ දොර උපකරණ ද රැුගෙන පිටත්ව යන විනිසුරුවරයෙකුට ග‍්‍රාම නිලධාරීන් ගෙන් සහතිකයක් ගන්නට සිදුවෙයි. එම ලියැවිල්ල රහිතව හදිසි ස්ථාන මාරුවක දී ගමන් වියදම් ප‍්‍රතිපූර්ණය කරන්නේ නැත. ප‍්‍රවාහනය කරන දේ අතර දැව ගෘහ භාණ්ඩ තිබේ නම් වන සංරක්ෂණ නිලධාරීන්ගෙන් ද අවසර ගත යුතුය. විනිසුරුවරයෙකු ගේ නිල ස්ථාන මාරුව ග‍්‍රාම නිලධාරී සහ වන සංරක්ෂන නිලධාරීන්ගේ බලපෑමට යටත්විය යුතුද? පවතින රජයේ ආයතනික නීති හා විධාන එබඳුය.

පවතින ආයතනික නීති විනිසුරුවරුන් ගේ ගරුත්වය ගැන නොතකන්නේ නම් සාමාන්‍ය පුරවැසියන් ගැන සාකච්ඡා කරනු කෙසේද? නිදහස් සහ ස්වෛරී රාජ්‍යයක් නමුත් ශ‍්‍රී ලංකාවේ ඇති යල් පැන ගිය සංකල්ප යටත් විජිත යුගයේ සිට පැවත එයි. අධිරාජ්‍යවාදී පාලකයෝ ස්වකීය බල පරාක‍්‍රමය දක්වන්නට විධාන පැනවූහ. බලපත‍්‍ර ක‍්‍රම ඇතිකළ අතර අවසරය ගැනීමට සම්පූර්ණ කළ යුතු ආකෘති පත‍්‍ර හඳුන්වා දුන්හ. නිදහස ලැබූ නමුත් රට තුළ පාලනයේ දී පැවති රාමුව වෙනස් වූයේ නැත. පැරණි විධි විධාන වලට නූතන දේශපාලන බලවතුන් එකතු වි අසරණ මහජනතාව පාලනය කරන්නේය.  දෙවැනි ලෝක යුද්ධයේ දි විනිමය පාලනයට පැනවූ නීති අදත් පවතී. ගත වූ කාලය තුළ ආර්ථික හා මූල්‍ය ප‍්‍රතිපත්ති ඉතාමත් කාර්යක්ෂම හා වේගවත් බවට පෙරැලී ඇත. එයට අනුගත නොවීමෙන් ගැටලූ ඇති කරන්නේ සාමාන්‍ය ජන ජීවිතයටය.

ආණ්ඩුව මහජනතාවට සේවා සපයන නමුත් සේවය ලබා ගන්නට යන පුර වැසියා තෙහෙට්ටුවට පත්කරන රෙගුලාසි රාජ්‍ය ආයතන වල බොහෝ තිබේ. එක කරුණකට සම්පූර්ණ කළ යුතු ලිපි ලේඛන කිහිපයකි. හමුවිය යුතු නිලධාරීන් ගණනාවකි. නිලධාරීන් රෙගුලාසි පනවමින් මහජනතාව පෙලයි. ඇතැම් නිලධාරීන් අත යට ගනුදෙනු කර මෙම රෙගුලාසි ලිහිල් කිරීම ගැන සමාජයේ ප‍්‍රකටය. මහජනතාව ස්වකීය නියෝජිතයන් පත් කර ගනී. මෙම නියෝජිතයන් ගේ බහුතරය එකතු වී ආණ්ඩු පිහිටුවා ගන්නේ එදිනෙදා පාලනය සරල එකක් කරන්නටය. ඡන්දයෙන් තෝරා පත් කර පාර්ලිමේන්තුවට යැවූ තමන්ගේ නියෝජිතයා පාලනය කරන ආයතනයක බලධාරීන් මහජනතාව ගේ සුළු රාජකාරියක දී ද චක‍්‍රලේඛන හා ආයතනික පොදු නියෝග ඉදිරිපත් කරන්නේ නම් අසාධාරණයක් වන්නේ පොදු ජනතාවටය.

හැ`දුනුම් පත‍්‍රයක්  හෝ ගුවන් ගමන් බලපත‍්‍රයක් ගන්නට නැත්නම් බැංකු ගිණුමක් අරඹන්නට සම්පූර්ණ කළ යුතු තොරතුරු ප‍්‍රමාණය සැලකිය යුතු තරම්ය. ආයතන මට්ටමින් පුන පුනා එකතු කරන්නේ එකම කරුණුය. ආණ්ඩුවේ එක වහලක් යට ඇති දත්ත තවත් ආයතනයකට එලෙසම ඉදිරිපත් කරන්නට සිදුවෙයි. සාමාන්‍ය ජනතාවට යම් තොරතුරක් සනාථ කරන්නට රජයේ වෙනත් තැනෙක ඇති දත්ත උපුටා දක්වන්නට මහත් වෙහෙසක් දරන්නට සිදුවෙයි. එයට කාලය වැය කරන්නට සහ වියදමක් දරන්නට සිදුවීම නිරර්ථක එකකි.

කාර්යක්ෂම පාලනයක් උදෙසා අලූතින් සිතන්නට තීරණය කිරීම වටී. මිලියන විස්සක ජනගහනයක් පාලනය කරන්නට සියයට දහයක යාන්ත‍්‍රණයක් අවශ්‍ය නැත. පෙරදිග ඉන්දියානු සමාගම ලංකාව යටත්කරගෙන පාලනය කරන්නට මෙතරම් නිලධාරී, චක‍්‍රලේඛණ සහ පරිපාලන විධි විධාන භාවිතා කළේ නැත. තාක්ෂණයෙන් හා පාලන රටා වලින් දියුණු විසි එක් වැනි සියවසේ ආකල්ප සපුරා වෙනස් කර ගැනීම ම සංවර්ධනයේ අලූත් ඇරඹුමකි.