හාවඞ් නමින් කොළඹ නගරයේ පවත්වාගෙන යන විශේෂිත පාසල වැඩිදෙනෙකුගේ අවධානයක් ගෙන නැත. විශේෂයෙන් දේශපාලනඥයන්ගේය. එය වීදි දරුවන් ගේ ඉගෙනීමට වෙන් වූ එකකි. වීදි දරුවන් සේ ම හාවඞ් පාසලත් නොසලකා ඇත. ලෝකයේ හාවඞ් වචනය තරම් ප‍්‍රකට නැති මෙරට ජනප‍්‍රිය පාසල් අතලොස්ස මහා අවධානයට ලක්ව තිබේ. ජනපි‍්‍රය පාසලකට දරුවන් ඇතුලත් කර ගන්නට නොයෙක් දෙනා වෙහෙසෙති. දේශපාලනඥයන්ගේ පෙළඹවීම ද එමටය. ප‍්‍රාථමික අධ්‍යාපනයේ සිට විශ්ව විද්‍යාලය දක්වා අධ්‍යාපනය දේශපාලන බලපෑමට යටත්ව තිබේ.

නිදහස් චින්තනයකින් යුතුව නිවහල් විද්වතුන් බිහිකළ යුතු පාසල අද තනන්නේ රටට ගැලපෙන ශ‍්‍රම බලකායක් නොවේ. දරුවන්ගේ දක්ෂතා හ`දුනාගෙන ඔවුන් යොමු කරන වැඩ පිළිවෙලක් වෙනුවට කට පාඩම් කරගෙන, ටියුෂන් පංති මගින් ඉරණම තීන්දු කරන අධ්‍යාපනයක් අද ගොඩනැගී ඇත. එයින් බිහි කරන දරුවන්ට ගැලපෙන රැුකියා අවස්ථා වත්මන්  ආර්ථික ක‍්‍රමය තුළ නැත. විකල්පය වී ඇත්තේ දේශපාලන බලපෑමෙන් ආණ්ඩුවේ රැුකියා සැපයීමයි.

අන්තර් ජාතික මට්ටම කෙරෙහි අවධානය යොමු කරන විට අධ්‍යාපනයට දේශපාලනඥයන්ගේ බලපෑමක් නැත. එම රටවල අධ්‍යාපනය භාර ඇමතිවරු ප‍්‍රතිපත්ති තීන්දු ගනී. එහි යාන්ත‍්‍රණය මෙහෙයවන්නේ නිලධාරීන්ය. නිලධාරීන් කළ යුතු නිවේදන ඇමතිවරු අතට නොගන්නා අතර මාධ්‍ය නිවේදන තම ජනපි‍්‍රයත්වයට හරවා ගන්නේ නැත. එහෙයින් අධ්‍යාපනය දියුණු රටවල දරුවන්ට සමාන අධ්‍යාපනය ලැබෙන අතර දේශපාලන බලපෑම් රහිත හෙයින් වියවුල් ද නැත.

හාවඞ් විදුහලේ වීදි දරුවන්ගේ අවශ්‍යතා ගැන උනන්දුවක් නැති මෙරට දේශපාලනය නිරතුරුව නැති ප‍්‍රශ්න ඇති කරයි. විටෙක ප‍්‍රශ්න පත‍්‍ර ගැන ඝෝෂාවකි. තවත් අවස්ථාවක ගුරු හිගය ගැන වන අතර පෙළ පොත් ගැන අවනඩු නැගෙන්නේ ද දේශපාලන වේදිකාවේය. මේ දිනවල විශ්ව විද්‍යාලයට සිසුන් ඇතුලත්කර ගන්නා ලකුණු මට්ටම සම්බන්ධයෙන් මහා ආන්දෝලනයකි. නිලධාරීන් තීන්දු ගන්නා ක‍්‍රමවේදයට දේශපාලනය මුහුවීමෙන් අසරණ වි ඇත්තේ දරුවන්ය. නොයෙක් මත ඇති කරන පක්ෂ දේශපාලනඥයින් එයින් ස්වකීය ජනප‍්‍රිය භාවය අපේක්ෂා කරන්නේ ඇමතිවරුන්ට එරෙහිව චෝදනා නගමින්ය. විදේශ ප‍්‍රතිපත්ති, බඩුමිල ¥ෂණ හා වංචා සේ අධ්‍යාපනය ද ආණ්ඩුව අපහසුතාවයට පත්කරන මාතෘකාවකි. කිසිසේත් එය එසේ විය යුතු නැත.

අධ්‍යාපනඥයින් රටේ අධ්‍යාපන ක‍්‍රමය ගැන අවධානයෙන් සිටිය යුතුය. එය දියුණු කරන යෝජනා ඉදිරිපත් කිරීම අවශ්‍යය. යෝජනා අවධානයට ගැනෙන ආයතනයක් තිබේ. පක්ෂ හා විපක්ෂ අදහස් සාකච්ඡුා කර අවසන් තීන්දු සකස් කළ යුතු ආයතනයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය අනුව පාර්ලිමේන්තුවේ දී එය විවාදයට ලක් කළ හැකිය. සංශෝධන ඉදිරිපත් කළ හැකි අතර අවශ්‍ය නම් වැඩිදුර සොයා බලන්නට කමිටු පත් කරන්නට ද ඉඩ තිබේ. පාර්ලිමේන්තුවෙන් අනුමත කර  ආයතන මගින් කි‍්‍රයාවට නැගෙන අධ්‍යාපන ප‍්‍රතිපත්ති නැවත දේශපාලන වේදිකාවට ගෙනයාම ඇමතිවරයා හෝ විපක්ෂයේ යුතුකමක් නොවේ. වගකීම, යුතුකම සහ මහජන නියෝජිතයන්ගේ කාර්ය භාරය යන සියල්ල පටලවා ගෙන ඇත. නිලධාරීන් දේශපාලන නියෝග අතර සිරවී සිටී. ක‍්‍රමය විකෘති වී ඇත.

නිදහස් අධ්‍යාපනයෙන් ලැබෙන විශ්ව විද්‍යාල ප‍්‍රවේශය ගැන මහා ආන්දෝලනයක් ඇති කරන නමුදු අපට ඇත්තේ මෙරට දරුවන් ද යන බි‍්‍රතාන්‍යයේ සිට බංගලාදේශයේ දක්වා පැතිරුණ අධ්‍යාපනයේ ප‍්‍රතිපලයක්, එහි ලකුණු වෙනසක් හෝ තෝරා ගැනීමේ ක‍්‍රමවේදයක් ගැන තර්ක නොකරන දේශපාලනඥයන්ගෙන් සමන්විත සමාජයකි.

 

 

Advertisements