14. 03. 2012 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

මහ ජනතාව රටක වැදගත් ම කොට්ඨාශයයි. ඔවුහු රට වැසියන්ය. රටක පැවැත්මට රට වැසියන්ගේ උන්නතිය ඉතාම තීරණාත්මක සාධකයකි. මහජනතාව සුරක්ෂිත කර ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නට නීති රීති ඇත්තේ එහෙයින්ය. එයින් යුක්තිය සාධාරණත්වය ඉටුවෙතැයි අපේක්ෂාවයි. රටවැසි සියලූ දෙනාම මහජනතාවයි. නමුත් ඔවුන් යෙදෙන කාර්ය ස්වභාවය අනුව නිර්වචනයක් ඇත. දරන තනතුර අනුව ඉටු කරන මෙහෙවර එයින් සේවය අපේක්ෂා කරන ජන කොට්ඨාශයේ උන්තතිය උදෙසා විය යුතුය. පොදු මහජන සුබසෙත සැලසිය යුතුය.

මහජන සේවය කරය යමයෙන් අමතක වෙමින් තිබේ. ශරී ලාංකික ජන සමාජයේ සිදුවීම් එය පැහැදිලිව පෙන්නුම් කරයි. ස්වකීය සේවය අපේක්ෂා කරන පිරිස නොතැකීම රටක සිදුවිය හැකි බරපතල අවාසනාවන්ත තත්ත්වයකි.

මගී පරයක වාහනය සේවාවකි. එයින් සාධාරණය ඉටු විය යුතු මගියාටය. වර්තමානයේ බස් මගියා දහයේ කෑල්ලකි. මගීන් පර‍ කවාහනය කරන්නේ බස් හිමියන්ගේ ලාභ අලාභ ඉලක්ක සාක්ෂාත් කරගන්නටය. මගීන්ට කවර උවමනා එපාකම් තිබුණත් බස් රිය ධාවනයවන්නේ බස් හිමියාගේ හෝ එය මහ මඟ රැෙ ඟන යන රියැදුරු ට හෝ කොන්දොස්තරට උවමනා පරිදිය. නවත්වන්නේ, ගාස්තු අයකරන්නේ මගියා බස් රිය තුළ හැසිරිය යුත්තේ පමණක් නොව ධාවනයෙන් ඉවත්ව වර්ජනය කරන්නේත් මගීන්ට රිසි පිරිදි නොවේ. මගී පරහැ වාහන සේවාවේ දී සේවය ඉටු විය යුතු මගියා අසරණය. සෞඛ්ය සේවාව කිර මගයාකරන්නේ රෝගියා ගේ උවමනාව අනුවද? පහළම සිට ඉහළම තැන දක්වා රෝහල් කාර්ය මණ්ඩලයේ වැඩි දෙනෙකුට රෝගියා වැදගත් නැත. අධ්යාේපනය ලැබිය යුතු දරුවන්ටය. මතු පරපුරටය. අධ්යායපනය වෙනුවෙන් ඇති නොයෙකුත් අංශ විමසන්න. දරුවන්ගේ අනාගතය ගැන වැඩි උවමනාවක් තිබේද?

රජයේ කාර්යාලයක අරමුණ මහජනතාවට සේවය කිරීමයි. එහි නිලධාරීහු මෙයට යටහත් සේවක යනුවෙන් ලිපි එවූ යුගයක් තිබිණ. අද රජයේ කාර්යාලයකට කාර්යයක් කරගන්නට එන අයෙකු කරදරකාරයෙකි. ඔහු කියන දුක් ගැනවිල්ල අසන්නට එහි නිලධරයන්ට ඉවසිල්ලක් නැත. උපතේ සිට මරණය දක්වා මහජනතාව ගත කරන ජීවිතයේ දී ඔහුට හිමිව තිබුණ තැන අහිමි වී තිබේ. මෙරට දකින්නට ඇති යතාර්ථය එයයි. මෙවැනි අසාධාරණයට එරෙහිව අධිකරණයට යා හැකිය. එහි දී යුක්තිය පසිඳනු ඇතැයි විශ්වාස කරමු. නඩු දිනය ගැන තීරණය ඇත්තේ ද, නීතිඥයන් අතය. ඒ වෙනුවෙන් වැය කල යුතු ධනය හා මහන්සිය විශාලය. විත්තිකරුවන් ද, පැමිණිලිකරුවන්ද ස්වකීය උන්නතිය අපේක්ෂා කරයි. ඔවුන් එහි දී වැදගත් නමුත් අධිකරණ කිරවිතයාවලියේ දී කඩිනමින් යුක්තිය ඉටුකර ගැනීමට ඉඩක් නැත.

රට තුළ ආකල්ප වෙනසක් ඇතිකළ යුතුය. සිතන, පතන හා කරිඑහ යාකරන ආකාරය ආපසු හැරවීම අවශ්යංය. නිදහස ලැබීමෙන් පසු ගමන් කර ඇති කාලය තුළ වෙනස් වී ඇති හර පද්ධති මහජනතාවට අවැඩකි. මහජන උන්නතිය උදෙසා කිරු ගයාකරන පිළිවෙතක් උදෙසා අලූත් ජන සංගායනාවකට ආගමික හා සමාජ නායකයෝ ඉදිරිපත්වීම වටී.

Advertisements