22.02.2012 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

වෛරයෙන් වෛරය සන්සිඳන්නේ නැත. වෛරය කිසිදු දහමක උගන්වන පාඩමක් නොවේ. මහජනතාව වෛරක්කාරයන් වෙමින් සිටී. එය භයානකය. අධිවේගී මාර්ගය මෙරට සංවර්ධනයේ තීරණාත්මක සංකේතයකි. එය සුපිරි පෙලැන්තියට සීමා වූ මාර්ගකැයි මහජනතාව සිතයි. ඉදිවූ මාර්ගයෙන් දෙකට බෙදුණ ගම් වල වෙසෙන හිතුවක්කාරයෝ එහි ධාවනය වන වාහන වලට වෛර කරති. එහි යනෙන වාහන වලට පහර දෙති.

බස් රියක් එනතුරු නැවතුමේ සිටින මගීන් ඔවුන් පසුකරගෙන යන සුඛෝපබෝගී වාහන දැක තරහක් ඇති කර ගනී. අත්යිවශ්ය් ද්රනව්ය මිලදී ගන්නට වෙළඳ පොලට යන වැඩි දෙනෙකු එහි ගතකරන්නේ නොරිස්සුම් සිතකින්ය. දරුවන් ඉල්ලන දේ මිලදී ගන්නට වත්කමක් නැත. රූපවාහිනියෙන් පෙන්වන රස වෑහෙන දේ දකින ළමයින් අඹ, නාරං, නෙල්ලි වලින් රැවටිය නොහැකිය. ඉසුරුමත් ජීවිත ගත කරන සුඛෝපබෝගී නිවාස වල ජීවත්වන්නන් පරිහරණය කරන දේ සාප්පු පුරවා අළෙවිවන නමුත් ඒවා මිලදී ගත හැක්කේ සුළු පිරිසකටය. වැඩි දෙනෙක් ඒ දැක වෛර කරන්නේ පවතින කර පෙමයටය. එලවලූ කූඩ ගිනි තියමින්, බෝට්ටු මහ මගට ගෙන ගිනි තබා විරෝධය පළකරමින් පිට වන්නේ මේ වෛරයයේ එක පැත්තකි. කොටසකට ඇති නමුත් තමන්ට දිනාගත නොහැකි දේ හමුවේ විශාල පිඩනයකින් සමාජය කැකෑරෙමින් සිටී.
ධෛර්යවන්ත මිනිසුන් සිටින රටකි. නමුත් අවස්ථා දිනා ගත නොහැකියැයි දුර්වල මානසිකත්වයක් බිහිව ඇත්තේ ඇයි? එම දුර්වලතාව රටට අවාසනාව උදාකර තිබේ. පාලන කර්වලමය අනුව යම් දිනයක මේ පරහි ශ්න විසෙඳනු ඇතියැයි ඔවුහු කල්පනා කරමින් සිටිති. එවැන්නක් නොවන බව පෙනෙන විට වෛරය, ක්රෝ‍ධය ඇවිලෙයි. සමාජයේ කොටසක් තමන්ට සාධාරණ අවස්ථා අඩු බව අවබෝධයක් ඇති කර ගනිමින් සිටින බව පෙන්. එයට හරස් වී ඇති බලවේගය කුමක්ද? පාසලට දරුවෙකු ඇතුල් කරන්නට, රුකියාවක් ගන්නට, උසස්වීමක්, ස්ථාන මාරුවක් ඇතුලූ හැම දෙයකම අවසාන තීන්දුව දේශපාලනයයි. අවස්ථාව ඇත්තේ සාධාරණත්වයට, කුසලතාවයට නොවේ. පක්ෂ දේශපාලනය එහි තීරකයාය. දේශපාලන හිතවත්කම් නැති පිරිස අතෘප්තියෙනි. අසහනයෙනි. වෛරක්කාරයන් තනන මේ සමාජය ගමන් කරන්නේ අවරටය.

ආර්ථිකය, සමාජය දියුණු වන විට මෙවැනි අසම්මත පැවතිය නොහැකිය. සමාජයේ ධනවත් කමින් ඉහළට ස්ථරයට ගමන් කරන කොටසට, සමාජ නායකයන්ට හා ජනමාධ්යැ වලට වගකීමක් තිබේ. එය සමාජයේ පදනමයි. එකී පදනම ද තමන් අතරමං කරන බව පෙනීම ජනතාව තුළ මහා භංගත්වයක් ඇතිකරයි.
තමන් පෙන්වන දෙයින්, තමන් මහජනතාවට කරන සන්නිවේදනයෙන් සමාජය ගන්නා දේ කුමක්දැයි සිතන්නට ජන මාධ්යනය අවධානය යොමුකළ යුතුය. තමන් හැසිරෙන ආකාරය සමාජයට පරමාදර්ශයක් ඇති කරන්නට සමාජ නායකයන් සූදානම් විය යුතුය. තමන් උපයන ධනයෙන් කොටසක් යළි සමාජ පරතරය දුරුකරන්නට යෙදවීම කෙරෙහි ධනවත් සමාජය පෙළඹීම වැදගත්ය. වෛරය තුනී කර ඉවසිල්ල හා සැනසිල්ල ඇති කළ හැක්කේ එවිටය.

Advertisements