08. 02.2012 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

    කළෙකින් හමුවූ අයෙකු නිරීක්ෂණය කළ ආකාරය මතකයට නගන්න. කුස නෙරා ඇත. හිස කෙස් සුදට හැරෙමින් හා අඩු වෙමින් තිබේ. නෙත් දුබලය. තෙහෙට්ටු බවක්් පෙනේ. සුවදුක් විමසුවහොත් තවත් පැත්තකි. කෙනෙකුට සීනි අගුණය. තවත් අයෙකු ලේ ගමනාගමනය අඩු හෝ වැඩි බව කියයි. හුස්ම ගැනීමේ අපහසුව ඇත්තේ පීනස හෝ සිරුර දුබල හෙයිනි. මෙයින් එකක් හෝ ඇතිව වෛද්යී නිර්දේශ සහිතව ජීවත්වන පිරිස බහුලය. ආමාශගත රෝග, පිලිකා වකුගඩු ආබාධ වැළඳීම එදාට වඩා වැඩි බව දැනේ. බෝවෙන රෝග හා එයට ගොදුරුවන පිරිස ද විශාලය. රෝහල් හා ඔසු සැල් හැම නගරයකමය. ඒවා නිතර රෝගීන් ගෙන් පිරී ඇත. මෙවැනි පසුබිමක් මන්ද?

    විපතට මුල රටට ආවේනික ආහාර පුරුදු හා සංස්කෘතික ලක්ෂණ අමතක කිරීමය. විවිධ යුගවල දී ආකරට ආමණිකයන්ගේ ආහාර වලට නැඹුරු විය. දැන් ජාත්යයන්තරයට විවෘත හෙයින් තවත් නොයෙක් ආහාර මෙහි බහුලය. කාර්ය බහුල සමාජය සොයන්නේ ඉක්මනයි. තමන් ම පිලිවෙලකට නිපදවා, එයින් කොටසක් තම ආහාර ලෙස ගත් යුගය අවසන්ය. එදා ආහාරයට තිබුණේ නිවුඩු සහිත හාල්ය. අතිරේකව ධාන්යල හා තන්තු සහිත අල බතල වර්ගය. ආහාර වේලට, එලවලූ පලතුරු යහමින් එකතු විය. අද නම කියැවෙතත් නොදන්නා අල, පලා හා පලතුරු නම් කොතෙක් කලින් පරම්පරාව නිතිපතා ආහාර වේලට එකතු කර ගත්තේද? එපමණක් නොව, ඒ වෙනුවෙන් ගොවිතැන් කළහ. පවුලේ සියල්ලෝ එයට එකතු වී වෙහෙසුනහ. පන්සලේ ද සක්මන් මලූවක් තිබිණ. වැසියෝ කය වෙහෙසන හෙයින් කුසගිනි ද, කුසගින්නට අනිටු දේ නැති යහපත් ම දේ ද ගත්හ. වතුර පමණක් නොව ගතට සුව දෙන නොයෙක් ඔසු පැන් ඇති පමණ පානය කළහ.

    අද පරම්පරාව සිරුරට වැදගත් ම උදේ ආහාරය උවමනාවෙන් ම අමතක කරයි. ගතොත් එය පිටි මිශර ව කෙටි ආහාරයකි. දහවල් ගෙවී යන්නේ ද, වැඩකරමින් ගන්නා සමබර නොවන ආහාර සමගය. නගරයේ බොහෝ දෙනෙකු රාතරික යට වැඩිපුර කුස පුරවා ගන්නා අතර බොහෝ විට එය බැහැරින් මිලදී ගන්නා දෙයකි. වැඩිහිටියන් මත් පැන් වලට ඇබ්බැහිවී සිටිති. ඒ අතර නොයෙක් විෂ සහිත දේ ඇති බව කියැවේ. නොයෙක් කෘතිම බීම වර්ග පානය විලාසිතාවකි. වැඩිහිටියන් පමණක් නොව දරුවන් ද පොත පත විනා කෙළි සෙල්ලම අඩුය. එක බස් නැවතුමක් තරම්වත් පා ගමනින් යන්නට කැමැත්තක් නැත. ඉදින්, පෙනහලූ, ආහාර ජීරණ පද්ධතිය හා වකුගඩු ඇතුලූ ඉන්ද්රිැය දුබලවීම අරුමයක් නොවේ.

    නිසි ලෙස කය නොවෙහෙසන්නේ නම් ව්යානයාම උවමනාය. එය ඔසුවකි. නිරෝගීකම රකින මැජික් බෙහෙතකි. විශාල ධනයක් වියදම් කර පර. මතිකාර ගැනීමට වඩා, වලක්වා ගැනීම වැදගත්ය. නිවැරදි ආහාර පුරුදු ඇති කර ගැනීම අවශ්ය්ය. හදිස්සියට කුස පමණක් නොව නිවී සැනසිල්ලේ ඇඟටත් හොඳ දේ ගැන අවබෝධයක් තිබීම සුදුසුය. රට දියුණුවන විට ආහාර හා ව්යාරයාම ගැන සැලකිල්ල දැක්වීම අවශ්යයය. පාසලෙන්, දරුවන්ගෙන් අරඹමු. අනාගත පරපුර හෝ මෙම නුහුරු බවින් මුදවා ගත යුතුය.

    Advertisements