02/02/2012 – ලංකාදීප

බන්ධනාගාරය සමාජයේ කැඩපතකි. එයින් පෙනෙන්නේ අපේ පිළිබිඹුවයි. බන්ධනාගාර ගතව සිටින්නේ ජනසමාජයේ එක් කොටසකි. ආගම දහම ගැන ගැඹුරු වැටහීමක් මිනිසුන් වෙසෙන රටක බන්ධනාගාර කුමටද? එය අවාසනාවකි. එයට වඩා අවාසනාව එහි බන්ධනාගාර ගත වූවන්ගේ විලාසයයි. පසුගියදා පුපුරා ගියේ එහි අභ්යවන්තරය විය නොහැකිද?

2010 අවුරුද්දේ බන්ධනාගාර ගතව සිටි සිරගතව සිටි පිරිස 32,128 කි. එයින් හරි අඩක් අධිකරණයෙන් නියම කරන ලද දඩ ගෙවාගත නොහැකි අයයි. එය 16,061 ක් පමණය. එම අවුරුද්දේ ම සිරගතව සිටි පිරිසෙන් සියයට 41.6 ක් නොඑසේනම් 13,378 ක් සිරගතව ඇත්තේ මත්ද්‍රව්යද වැරදි වලටය. බන්ධනාගාරය පිරී ඇත්තේ මත්ද්ර ව්යන ඇබ්බැහිවූවෝ ද, අතරමැදි බෙදාහරින්නෝ ද සමගය. අවසානයේ දී එය මත් ජාවාරම්කරුවන්ගේ ගර අයහනයට ලක්ව ඇත.

ඕනෑම රටක බන්ධනාගාරය ගැටලූ සහගත තැනකි. අධිකරණයෙන් දඬුවම් නියමකළ සිරකරුවන් ආරක්ෂා කර දඬුවම කිර ත යාත්මක කිරීම පහසු එකක් නොවේ. සමාජයෙන් ඈත්වන විට සිරකරුවන්ට විශාල පීඩනයක් ඇතිවෙයි. ගෞරවය හා මානුෂිකත්වය ආරක්ෂාවන අන්දමට කරිනොවයා කළ යුතු නමුදු සිරකරුවන් හා බන්ධනාගාර නිලධාරීහු අතර ගැටුම් ඇතිවෙයි. ජීවිත කාලයෙන් දීර්ඝ කොටසක් වැරදිකරුවන් සමග ජීවත්වීම නිසා බන්ධනාගාර සේවයේ නිරත පිරිස ගේ ජීවිත අමිහිරිය. එහි ගත කරන පිරිස සමග නිකුත්වන පණිවුඩය නරකය. වැඩි අනුකම්පාව අසරණ වූ සිරකරුවන් වෙතය. බිර පිතාන්යව යුගයේ පටන් පවතින බන්ධනාගාර පද්ධතියේ සේවය කරන නිලධාරීන්ගේ ද, සිරකරුවන්ගේ ද පරපිරශ්න දෙස සානුකම්පිත විය යුතුය. බාහිර මැදිහත්වීම් සීමාකර දඬුවම හා පුනරුත්ථාපනය කරන ලද යහපත් පුරවැසියන් යළි සමාජගත කිරීම ගැන අවධානය යොමු කිරීම අවශ්යාය.

මෙරට නීතිය අනුව සැකකරුවෝ අත්අඩංගුවට ගැනෙති. නඩු විභාග අවසානයේ දඬුවම් නියම වෙයි. පැමිණිල්ල හා විත්තිය කරුණු ගොනුකර ඒවා විභාග කරන්නට කාලයක් ගතවෙයි. මූලික සාක්ෂි අවසන්වන තෙක් සැකකරුවන් ද රක්ෂිත බන්ධනාගාරගත කරයි. සිරකරුවන් හා සැකකරුවන් දෙකොට්ටාශයම එකම තැනෙකය. මත් ද්ව්යවලට ඇබ්බැහිවූවෝ අත් අඩංගුවට ගෙන රඳවන්නේ ද බන්ධනාගාරයේ මය. ධනය හා බලය ඇති මැර කල්ලි ද ඒ අතරය. එවිට පරවෝ ශ්නය සංකීර්ණ එකකි. බන්ධනාගාර ගතවන ඕනෑම අයෙකු එයින් නික්මෙන්නේ මානසික ව්යාධියකට ගොදුරුවූවකු ලෙසය. මේ කර මය වෙනස්කළ හැක්කේ කෙසේද?

අලූත් බන්ධනාගාර ඉදිකරන්නට හැකිය. ආරක්ෂාවට නිලධාරීන් වැඩි කළ හැකිය. සමාජයට වැරදි කළ පුද්ගලයෙකු රඳවන්නට වැය කරන මුදල එයින් ඉහළ යනු ඇති අතර වන්දිය ගෙවන්නේ සමස්ථ සමාජයයි. සුළු වැරදි කර ලිහිල් දඬුවම් ලබන අය වෙන් කර ඔවුන් සමාජයට පරද් යෝජනයක් ඇති යමක යෙදවීම සුදුසුය. තදින් නිතිය කරි් යාත්මක කරන අතර යුක්තිය ඉක්මනින්න පසිඳලිය යුතුය. චරිත ශෝධනයක් වන්නේ එවිටය. බන්ධනාගාරය වැරදි අවබෝධකර දී නිවැරදි මගට පත්කරන තැනක් විනා වෛරක්කාරයක් බිහි නොකිරිම වගකීමකි.

Advertisements