25.01.2012 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

රජයට අයත් ආයතන වැඩි වැටුප් ඉල්ලයි. ආණ්ඩුව ඉල්ලීමට අවනත වී තිබේ. නමුත් ඉල්ලන තරමට ම නොවේ. වැඩකරන ජනතාවට එය පරීමටමාණවත් නැත. තම සේවය පරදුවට තබමින් තර්ජනය කරයි. විරෝධතා, වැඩ වර්ජන රටට හුරු පුරුදුය. ආණ්ඩුවත්, ඉල්ලීම් ඉදිරිපත් කරන්නන් අතර වාද විවාද ගැටුම් ඇතිවෙයි. සේවා බිඳ වැටේ. අපහසුතාවයට පත්වන්නේ මහජනතාවයි.
වැටුප් පරිදුශ්නයේ ඇතුල් පැත්තක් තිබේ. එය නැති සම්පත් වෙන්දේසි කිරීමකි. ඡන්ද පොරොන්දුය. දේශපාලන වේදිකාවේ දී පොරොන්දු දෙයි. රජයේ රැකියා ලක්ෂ ගණනින් සැපයීම එකකි. වැටුප් වැඩි කරන බව තවත් එකකි. මෙම වෙන්දේසියෙන් වැඩිම ලන්සුව තබන පක්ෂය බලයට පත්වෙයි. ආණ්ඩු පොරොන්දු ඉශ්ඨ කළ යුතුය. රජයේ සේවයට බඳවා ගැනෙති. අද ලංකාවේ රජයේ සේවය විශාල එකකි. මිලියන දෙකක් පමණය. ජනගහනයේ අනුපාතිකය අනුව වැඩිම අනුපාතිකයකින් රජයේ සේවකයන් සිටින රටකි. දහ දෙනෙකුගෙන් අයෙකු රජයේ සේවයේ නම් මහජනතාවට පහසුවකි. නමුත් රජයේ කාර්යාලයකින් වැඩක් කරගන්නට දින ගණන් වෙහෙසෙන්ට සිදුවෙයි. ජනතාව සතුටු වුවත් නැතත් මාසය අවසානයේ රජයේ සේවකයන්ට වැටුප් ලැබේ. වැටුප් ගෙවන්නේ භාණ්ඩාගාරයයි. වැඩි වැටුප් ඉල්ලා කරන උද්ඝෝෂණ අවසානයේ දී එය ගෙවන්නට තීරණය කළහොත් එහි වියදම දරන්නේ ද එතැනින්ය. එතැනට ධනය බිහිවන උල්පතක් නැත. එකතු වන්නේ බදු ආදායමයි.
රට වැසියන් සියලූ දෙනා බදු ගෙවයි. තමන් බදු ගෙවන බව දැන ආණ්ඩුවට බදු ගෙවන පිරිසක් රටේ ජීවත්වෙති. ඔවුහු ආදායම් බදු ගෙවන්නෝය. අනෙකුත් අය එදිනෙදා කරන ගනුදෙනු වලදී නොදැනුවත්වම බදු ගෙවයි. ඒ බදු එකතු වන්නේ ආණ්ඩුවේ ආදායමටය. රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්නේ ද, වැඩි වැටුප් ඉල්ලන විට එයට පරමටයතිපාදන සලසන්නේ ද මේ බදු ආදායමයි. වියදම් වැඩි වන විට ආදායම වැඩිකරගන්නට සිදුවෙයි. ආදායම වැඩිකරගන්නට නම් වැඩි වැඩියෙන් මහජනතාවගෙන් බදු අයකරගත යුතුය. එහෙම නැතිනම් වියදම් පියවා ගන්නට ණය ගන්නට සිදුවෙයි. නිශ්පාදනය වැඩි නොවන, ආදායම උත්පාදනය නොවන විටෙක වැඩිපුර ගෙවීම වන්දියකි. වැදගත් වන්නේ මේ වන්දිය ගෙවන්නේ කොතැනින් ද යන්න වටහා ගැනීමයි. දුප්පත් මහජනතාව වැඩිපුර බදු ගෙවන්නේ ඡන්ද පොරොන්දු වෙන්දේසි කිරීමේ දේශපාලන උගුලටය. රටට අවශ්යො කාර්යක්ෂම ආයතන රාමුවකි. ඒවා යහපත් අන්දමින් පාලනය විය යුතුය. වැටුප් වැඩිපුර ගෙවන්නට හැකිය. එයට නිසි පර යහතිපත්ති අවශ්ය ය. ආයතන පිබිදී මහජනතාව ට වැඩි සේවයක් සිදුවන විට ආයතන වලට වැඩිපුර ආදායම් උපයා ගත හැකිය. ඒ ආදායමින් කොටසක් හිමිවිය යුතු එහි වැඩ කරන ජනතාවටයි. එවැනි වෙනසක් අවශ්යකය. මහජනතාව, මහජනතාව වෙනුවෙන් පෙනී සිටින වේදිකා මේ ගැන විවෘත සංවාදයක කොටස්කරුවන්ය.

Advertisements