18.01.2012 – ලංකාදීප
අධ්‍යාපනය හා දේශපාලනය- මිලින්ද මොරගොඩ

ජාත්යනන්තර සමාජය ගත කරන්නෙ පරිවර්තන යුගයක. මේ යුගයේ මෙවලම දැනුම. තොරතුරු ගැන දැනුම අවබෝධය නැතිනම් පැවැත්මක් නැහැ. දැනුම සොයා ගෙන යන්නේ ඇත්තේ තරගයක්. බුද්ධිමත්ව දැනුම ආයෝජනය කරන රටවල් දිනනවා. පුද්ගලයෝ ජය ගන්නවා.

අවුරුදු හත අටකට කලින් දුරකථනය කියන්නෙ වරපර නේසාද පැලැන්තියේ සංකේතයක්. අද ජංගම දුරකථනයක් කියන්නෙ ලෝකයේ දෙකෙලවර සම්බන්ධ කරන අතේ ගෙනියන පරිගනකයක්. කරන්න බැරි මොනවද? මතක ඇති කාලයේ සිද්ධ වූ පෙරැළිය විස්මිතයි. ජංගම දුරකථනයෙන් කෙටි පණිවුඩ යවමින්, කතාකරමින් විශ්ව විද්යානල ශිෂ්යදයෝ පෙලපාලියෙන් කොළඹට ආවා. රටට දුන්න පණිවුඩය විරු සිසු සමරු පිළිරුව විනාශ කිරීම. පිළිරුව සංකේතයක් විතරයි. ගොඩනැගූ මතය නිදහස් අධ්යා පනයේ විනාශය. තරුණ හිත් උණුසුම්. හදවත්වල ගලාගෙන යන්නෙ කකියන රුධිරය. පහසුවෙන් අවුලවන්න පුලූවන්. මර්දනයට එරෙහිව වීදි බසින්නෙ එහෙම.

අධ්යාෙපනය අයිතියක්. නිදහසේ අධ්යාීපනය ලැබීමේ අයිතිය එයට වඩා පුලූල් සංකල්පයක්. අපේ රටේ දරුවෙක් පාසලකට ඇතුල් කරන්න දෙමවුපියන් සෑහෙන්න මහන්සි වෙනවා. ජාතික පාසලකට ඇතුල් කරන්නෙ රටක් දිනා ගත්තා වගේ. ඒ අවස්ථාව ගන්න කාලය, ධනය වැයකරන්න ඇත්ද? දේශපාලනඥයන් පසුපස යමින් ආත්ම ගරුත්වය කැපකරන තරම කොතරම්ද? පාසලට ඇතුලූ වූ දවසේ පටන් අතිරේක පන්ති. වියදම් කරන මුදල සුලූපටු නෙවෙයි. අවුරුද්දක් පාසා විභාග. දැනුම කියන්නෙ විෂය නිර්දේශය විතරයි. ඉන් එහා නැහැ. දරුවන් හිතන්නෙ එහෙම. හිතන්න වෙලා තියෙන්නෙ ඒ ආකාරයට. ලක්ෂ ගණනක් අතරින් දිනන්න ලැබෙන්නෙ සුලූ පිරිසකට. ඒ පිරිස විශ්ව විද්යාඅලයට ඇතුල් වෙනවා. උපාධියක් ලබනවා. අන්තිමේදී ආයෙත් වීදි බහින්නෙ දියව් දියව් අපට දියව්. රස්සාවක් අපට දියව් කියමින්. දෙමවුපියන්ගෙ අපේක්ෂා ඉටුවෙලාද? නැහැ. දරුවන්ගේ කැපවීමට සාධාරණත්වයක් තිබේද? ඒත් නැහැ. නිදහස් අධ්යා පනයට රජය වියදම් කළ මුදල ගණන් බලන්න පුලූවන්. දෙමවුපියන් අතිරේක පන්ති වලට වැය කළ ධනය අතිවිශාල එකක්. මහා බලාපොරොත්තු සුන්වීමක් පමණයි. ආරක්ෂා කරගත යුතු නිදහස් අධ්යාරපනය දරුවන්ට ආශීර්වාදයක්ද? දරුවන් වීදි බසින්නේ මේ අධ්යාඅපන කරනය මය වෙනුවෙන්ද?
අනුකාරකවාදීන් නොවී ඥාන ගවේශකයන් වීම වැදගත්. රාමුවට එපිටින් සිතන්න අවශ්යගය. විකල්පය සොයා යාම ට පමා විය යුතු නැත. මූලික අධ්යාකපනය සඳහා සැමට සමාන අවස්ථා හිමි සමාජයක් ගොඩනැගීම අපගේ වගකීම. ලෝකයේ සිදුවන්නේ කුමක්ද? දරුවන් ඉගෙන ගන්නේ මොනවාද? අනාගතය ගොඩනගන්නේ කෙසේද? යන්න ගැන සංවාදයක් රටට අවශ්යකය. මෙම සංවාදය ඇතිකිරීමට අවශ්ය පසුබිම රට තුළ ඇත. වත්කම් ඇති, යා යුතු මාර්ගය දන්නා පවුල්වල දරුවන් ලෝකයේ කොතැනකින් හෝ දැනුම සොයාගෙන තම අනාගතය ගොඩනගා ගනී. වරපරනුමසාද අහිමි පෙලැන්තිය පාලකයන්ට වෛර කරති.

Advertisements