කාර්යක්ෂමතාවය වෙනුවෙන් විදුලියට ගෙවන මිල අපරාධයක්ද ?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Image2013.05.22-ලංකාදීප-මිලින්ද මොරගොඩ

විදුලිය ගාස්තු වෙනුවෙන් මහජනතාව ගෙවන මිල සම්බන්ධව පැන නැගුන විවාදය තවමත් අවසන්ව නැත. දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති විදුලිය ගාස්තු වැඩි කිරීමට එරෙහිව සටන් මගකය. විදුලිය බිල ගෙවා ගැනීමට නොහැකිව ජනතාව පාරට බැස සටන් කරන අවස්ථාවක වායු සමීකරණ යන්ත‍්‍ර භාවිතා කිරීමෙහි ප‍්‍රයෝජන ගැන කතා කිරීම අවශ්‍යම නැති මාතෘකාවකි.

වායු සමීකරණය ගෙවී යන සියවසේ වැදගත් මෙවලම් අතර එකක් බව සිංගප්පූරුවේ හිටපු අගමැති ලී ක්වාන් යූ මහතා ප‍්‍රකාශ කරයි. එය වැඩ පහසු කරන අතර කාර්යක්ෂමතාව නංවන බව ඔහුගේ අදහසයි. සාමාන්‍ය පරිසර තත්ත්ව යටතේ වැඩකරන කාර්යාලයකට වඩා ඉක්මනින් හා ඵලදායීව වායු සමනය කරන ලද කාර්යාලයක හෝ කම්හලක වැඩ කළ හැකි අතර එය තරගකාරී ආර්ථික රටාව තුළ ඉදිරියට ගමන් කරන්නට විශාල ප‍්‍රයෝජනයකි. කෘෂිකර්මය පවා පරිසර තත්ත්ව පාලනය කර වැඩි අස්වැන්නක් ලබන වකවානුවකි. සිංගප්පූරුව දියුණු කරන වකවානුවේ දී එරට අගමැතිවරයාගේ අත් දැක ඇති කරුණ විමසිල්ලෙන් අධ්‍යයනය කළ යුතුය.

දැඩි හිරු රුස් මැද වැඩ කිරීම අපහසුය. එය ඇත්තකි. උණුසුම් සහිත දිනයක කරන රාජකාරි මානසික තෘප්තියක් රහිතව සිදුවෙයි. එහි ඇත්තේ විඩාවකි. විවේකය වෙනුවෙන් සංචාරක හෝටල වලට පමණක් වෙන්ව තිබුණ වායු සමීකරණය සහ හො`ද කාර්යාල සුවපහසුව කම්හලට හා වැඩබිමට ද පැමිණ ඇත. වෙහෙසකින් තොරව වැඩ කරන්නට ඉඩ ලැබුණේ ඒ අනුවය. මුල් කාලයේ දී  බලශක්තිය වෙනුවෙන් ගෙවූ මුදල බරපතල එකක් නොවේ. සාමාන්‍ය මිලක් ගෙවා ලබා ගන්නා විදුලිය සහිත වායු සමීකරණ පද්ධතියකින් යුත් කම්හලක සිදුවන නිෂ්පාදනය ආර්ථික වාසිදායක එකක් විය. නමුත් බලශක්තියට ගෙවන මිල ඉහළ යමින් තිබේ. ලෝකයේ සෑම රටක්ම අඩු වියදමකින් විදුලිය නිපදවිය හැකි ආකාරය ගැන වෙහෙසවෙයි. එසේ තිබිය දී වැඩි මිලක් ගෙවමින් වායු සමීකරණ යන්ත‍්‍ර භාවිතා කරන්නට ද එයින් නිපදවන දෙයට වායු සමීකරණ යන්ත‍්‍ර භාවිතයට ගෙවන විදුලියේ මිල ද එකතු වන්නට පටන්ගෙන තිබේ. කම්හලේ හා කාර්යාලයේ කාර්යක්ෂමතාව බරපතල ප‍්‍රශ්නයකට මුහුණ පා ඇත. එම ප‍්‍රශ්නය තවත් උග‍්‍ර එකක් බවට පත්වන්නේ වායුසමනය කර ඇති කාර්යාලයක හෝ කම්හලක කරන වැඩි ප‍්‍රමාණය සීමා සහිත වන අවස්ථාවකය.

රටක ජාතික නිෂ්පාදනයට ඵලදායීතාව වැදගත්ය. ආසියානු කලාපයේ රටවල පුරවැසියන් ගේ ක‍්‍රියාකාරීත්වය සලකන ආසියානු ඵලදායීතා දර්ශකය අනුව මැලේසියානු වැසියෙකුගේ දිනක ඵලදායීතාව ඇමරිකානු ඩොලර් 15 කි. සිංගප්පූරුවේ දෛනික ඵලදායීතාවය ඇමරිකානු ඩොලර් 14.2 කි. දකුණු කොරියාවේ එය ඇමරිකානු ඩොලර් 26.3 ක් වන අතර ශ‍්‍රී ලංකාවේ ඵලදායීතාවය ඉතාමත් අඩුය. එය ඇමරිකානු ඩොලර් 6-7 අතර අගයක් ගනී.

වායු සමීකරණය කරන ලද කාර්යාල හා කම්හල් පද්ධතිය සහිතව අත් පත් කරගෙන ඇති ශ‍්‍රී ලංකාවේ පවතින මෙම ඵලදායීතාවය ප‍්‍රශ්න කළ යුතුය. වැඩියෙන් වැඩ කරන දිරියෙන් ඉදිරියට යන්නට රටට ඇති හැකියාවට බාධා පැනවී ඇත්තේ කොතැනින්ද? වායුසමීකරණය වැඩ කරන්නට හො ඳ පසුබිම සකසන්නේ නම් එය පණ ගන්නවන්නට වැය වන විදුලිය රටට දැරිය හැකි බරක් ද? ඉහළම විදුලිය බිලක් ගෙවමින් සහ එය උපයෝගී කරගෙන වායු සමනය කර ඇති වැඩ බිමකින් රටට ලැබෙන ආර්ථික ඵල ප‍්‍රයෝජන ගැන නැවත නැවතත් සිතා බැලිය යුතු මොහොතක් උදා වී තිබේ.

 

ආණ්ඩු කරන මැති ඇමතිවරු ජාත්‍යන්තරයෙන් තෝරා ගන්නා දිනය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2013.05.15- ලංකාදීප- මිලින්ද මොරගොඩ

 

Image

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයේ දියුණු වන මුහුණුවරට අනුව එය දිනෙන් දින නොයෙක් හැඩතල ගනී. එහි අලූත්ම ප‍්‍රවනතාව ලෝකය පුරා  ඕනෑම තැනක ජීවත්වන ඡන්ද දායකයෙකුට ස්වකීය මවුබිමේ නියෝජන කර ඡන්දය ඉල්ලන්නට අවස්ථාව ලැබෙන අලූත් සංශෝධනයකි. අදහසක් වශයෙන් තිබුණ මෙම සංකල්පය ක‍්‍රියාවට නැගෙමින් තිබේ. එහි පළමු පියවර තබා ඇත්තේ ප‍්‍රංශයයි. ප‍්‍රංශයේ පුරවැසියෝ ලෝකයේ නොයෙක් රටවල ජීවත් වෙති. පුරවැසි භාවය අත් හැර නැති ප‍්‍රංශ වැසියන්ට තමන්ගේ මවුබිමේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬක් නගන්නට අයිතියක් ඇති බව දීර්ඝ කාලයක් විවිධ සංවාදයන්ට බඳුන්ව තිබුණ මාතෘකාවකි. අවසානයේ දී ලෝකයේ නොයෙක් ප‍්‍රදේශ ජාත්‍යන්තර මැතිවරණ කොට්ඨාශ බවට පත් කර තිබේ. ඒවායේ ජීවත්වන ප‍්‍රංශ පුරවැසියන්ගේ ඡන්දයෙන් එරට පාර්ලිමේන්තුවට රටින් බැහැර මහජන නියෝජිතයන් පත් කරගැනීමට හැකිවන ආකාරයට ක‍්‍රියාවට හරවා ඇත.

දත්ත වලට අනුව මිලියනයකට වැඩි ප‍්‍රංශ ජාතිකයන් පිරිසක් ලෝකයේ නොයෙක් රටවල ජීවත් වෙති. මෙම පිරිස වෙනුවෙන් ජාත්‍යන්තරව විහිදුන මන්ත‍්‍රී ආසන එකොලහක් නම් කිරීමට ප‍්‍රංශ ආණ්ඩුව තීරණය කර තිබේ. එයින් විශාලතම මැතිවරණ කොට්ඨාශය යුරෝපීය රටවල ජීවත්වන ප‍්‍රංශ පුරවැසියන් ආවරණය කරන බල ප‍්‍රදේශය බව සඳහන්ය. මැතිවරණයේ දී මෙම කොට්ඨාශ නියෝජනය කරන අපේක්ෂකයන් එම විදෙස්ගත පුරවැසියන්ගේ ඡන්දයෙන් තෝරා ගැනීමෙන් පසු පාර්ලිමේන්තු රුස්වීම් සඳහා ප‍්‍රංශයට පැමිණ නිසි ආකාරයට කි‍්‍රයාකරන පුළුල් වගකීමක් පැවරේ.

ශ‍්‍රි ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අනාගත පැවැත්ම ගැන ද වත්මනෙහි විවාදයකි. බලය විමධ්‍යගත කිරීම එහි එක් අවශ්‍යතාවක් බව ප‍්‍රකාශ වෙයි. පවතින ව්‍යවස්ථාව වෙනස් කිරිම ගැන ද නොයෙක් අදහස් පැන නැගී තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්ෂණ රාජ්‍ය පාලනයට නතු කරගත් ආසියාවේ රටවල් අතර ශ‍්‍රී ලංකාවට කීර්තිමත් ඉතිහාසයක් ඇත. මෙම ඉතිහාසය තහවුරු වන ආකාරය ගැන අවධානය යොමු කිරීම කාලීන අවශ්‍යතාවයකි. එතෙර ජීවත්වන ප‍්‍රංශ පුරවැසියන් මිලියනයක් වෙනුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය ගැන කතා කරන අතර ශ‍්‍රී ලංකාවේ මිලියන දෙකක පිරිසක් විදේශගතව සිටී. මිලියන විස්සකට මදක් වැඩි ජනගහනයෙන් සෑමෙන පිරිසක් බව බැලූ බැල්මට පෙනේ. මෙකී ලාංකිකයන් එක අවුරුද්දකට රටට එවන ධනය ඇමරිකානු ඩොලර් බිලියන හයහමාර ඉක්මවයි. ශ‍්‍රී ලංකාවේ විදේශ විනිමය උපයන මාර්ග අතර පළමු තැනට පැමිණ ඇත්තේ විදේශගත ශ‍්‍රී ලාංකිකයන් එවන විනිමය බව පැහැදිලිය. රටට වැඩදායක ආකාරයට වෙහෙස මහන්සියෙන් ශ‍්‍රමය කැපකරන ජනතාව ගැන සමාන අවධානයක් දැක්වීම අද තාක්ෂණික යුගයේ පහසුවෙන් කළ හැකිය. විදෙස්ගතව සිටින ලාංකික පුරවැසියන් වෙනුවෙන් ජාත්‍යන්තරව වෙන් කරන මැතිවරණ කොට්ඨාශ කෙසේ වෙතත් තාවකාලිකව රටින් බැහැරව සිටින මෙම පුරවැසියන්ට ඡන්දය ප‍්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීම ඉතාම වැදගත්ය. මැතිවරණයක් පවත්වන අවස්ථාවේ රටින් බැහැරව සිටින පුරවැසියන්ට ඡන්දය පළ කරන්නට ඇතැම් රටවල් තානාපති කාර්යාල හරහා දැනටත් ඉඩ දී තිබේ. ප‍්‍රංශය තරමට ම නැතත් පුරවැසියන්ගේ අයිතිය තහවුරු කරන ආකාරයට ඡන්දය පාවිච්චි කරන්නට විදේශගත ශ‍්‍රී ලාංකිකයන්ට හැකියාව ලැබේනම් වැදගත්ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අයිතිය ගැන පැන නැගෙන මෙම නව ප‍්‍රවනතා සමාජය තුළ සංවාදයට බඳුන් විය යුතුය.

 

 

 

 

වැලිපිල්ලේ ලියූ හුරුවෙන් අන්තර් ජාල අධ්‍යාපනයට පදනමක් – මිලින්ද මොරගොඩ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

08/05/2013 – ලංකාදීප
milinda-prashna2
වැලිපිල්ලේ ලියා අකුරු ඉගෙනගත් මතකය ඇති පැරණි පරම්පරාවේ ඇතැමෙකු අදටත් අප අතර සිටිනවා විය හැකිය. පුස් කොළයෙන්, පත පොතින් පසු පරිගණක ලේඛනය දක්වා දැනුම ලබන ආකාරය මේ වන විට විකාශය වී තිබේ. බටහිරට යටත් වන්නට කලින් අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය වූයේ පන්සලයි. අනතුරුව මිශනාරී අධාපන ක‍්‍රමය ව්‍යාප්ත විය. පාසල මූලික කරගත් අධ්‍යාපන ක‍්‍රමය මෙරට ඇති කළේය. යටත් විජිත භාවයෙන් මිදෙන විට යම් සම්මත අධ්‍යාපන රටාවක් රටට උරුම වී තිබිණ. නිදහස් අධ්‍යාපනය හා අධ්‍යාපනය ලැබීමට ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවෙන් ඇති කර තිබෙන ප‍්‍රතිපාදන අවධානයට ලක්විය යුතුය. නමුත් වර්තමානයේ ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත‍්‍රය නොයෙකුත් පරිවර්තන වලට ලක්වෙමින් තිබේ. අධ්‍යාපන ක‍්‍රමය නිදහස් බව ප‍්‍රකාශ වන නමදු එහි ඇත්තේ අප‍්‍රමාණ තරගයකි.
ශී‍්‍ර ලංකාවේ ඉගෙනුම ලබන ආකාරය සාකච්ඡුා කළ යුතු නමුත් අධ්‍යාපනයේ නැවුම් පැති ජාත්‍යන්තරය තුළ දිගහැරෙමින් තිබේ. ඉගෙනුම ලබන්නට තව දුරටත් පාසලට හෝ විශ්ව විද්‍යාලයට යා යුතු නැත. ලෝකයේ ප‍්‍රධාන පෙලේ විශ්ව විද්‍යාල සිය පාඨමාලා අන්තර් ජාලයට මුදාහැර තිබේ. එම විශ්ව විද්‍යාලයේ දේශන ශාලවේ දී සිසුන්ට කරන ඉගැන්වීම අන්තර් ජාලයෙන් ඕනෑම කොනෙකුට නැරඹිය හැකිය. තෝරාගත් පාඨමාලා වලට නොමිලේ ලියාපදිංචි විය හැකි අතර දේශන වලට අන්තර් ජාලයෙන් සම්බන්ධවී එහි විහාගයට ඉදිරිපත් වන්නට හැකියාව ඇත. එය විශාල විප්ලවයක ඇරඹුමයි. මෙම නූතන අධ්‍යාපන රටාවට අනුව විශ්ව විද්‍යාලයේ ඉඩ ප‍්‍රමාණය අනුව බදවා ගන්නා සිසු සිසුවියන් ප‍්‍රමාණය සීමා නොවේ. විශ්ව විද්‍යාලයක තිබුණ භෞතික සිමාව ඉක්මවා ලොව පුරා වෙසෙන සුදුසුකම් ඇති දරුවන්ට ඉඩ විවර කරන ලෙස එහි පද්ධතිය පුළුල් කරන්නට තොරතුරු තාක්ෂණය ඉවහල් වී ඇත.
අන්තර් ජාලයෙන් අධ්‍යාපනය ලැබීමට ඇති අවස්ථාව ප‍්‍රයෝජනයට ගැනීමට සුදුසු පරිසරයක් රට තුළ ඇතිවිම අවශ්‍යතාවයකි. එවැනි විවෘතවීමක් සමග මතුවිය හැකි අභියෝග ගැන ද වර්තමානයේ සංවාදයක් ඇතිවී තිබේ. ලෝකයේ ප‍්‍රධාන විහ්ව විද්‍යාල වල උපාධිය අන්තර් ජාලයෙන් නොමිලේ හෝ සුළු ගාස්තුවක් ගෙවා ලබාගත හැකි තැනකට අවතීර්ණවන විට උපාධිය හෝ එයටත් ඉහළට ඉගෙනගෙන සහතික ඇති පිරිස අති විශාල අන්දමින් වර්ධනය වන්නට ඉඩ තිබේ. අධ්‍යාපනයේ සුදුසුකම් ඇති පිරිස වැඩිවන විට එයට ඇති ඉහළ පිළිගැනීම ප‍්‍රශ්නයක් විය හැකිය. අනෙක් අතට අවස්ථාව බහුල වන විට ඉගෙන ගැනීමට ඇති තරගය අඩුවී උනන්දුව ද අවම විය හැකිය. ඕනෑම අවස්ථාවක පහසුවෙන් ලියා පදිංචි වී උසස් අධ්‍යාපනය ලැබිය හැකි නම් එයට අවශ්‍ය වන්නේ උවමනාව වනා අනෙකක් නොවේ. නීති පනවා ඉගෙන ගන්නට ඇති පෙළඹවීම අනවශ්‍යවන නුදුරු දිනයක ඉහළට ඉගෙන ගන්නට ඇති කැමැත්ත ද අඩු විය හැකිය. එය තවත් අ`දුරු පැත්තකි. අන්තර් ජාලයෙන් නොමිලේ අධ්‍යාපනය සැපයෙන විට එයට කැමැත්තෙන් එකතුවන පිරිස හා සමානව අධ්‍යාපනය ඉහළටම ඉගෙනීමට ස්ව උනන්දුවක් ඇති නොවන සමාජ ද බිහිවනු නියතය.
විනයානුකූල රාමුවක් අනුව ඉගෙනගැනිම හා එයට ස්වයං කැපවීම යන්න අනාගත අධ්‍යාපනයේ අවශ්‍යතාවයකි. තවත් සලකා බැලිය යුතු පැත්තක් තිබේ. අන්තර් ජාලය ඔස්සේ දැනුම ප‍්‍රවාහයක් සේ ගලා යන විට අවුරුදු කීයක් ඉගෙන ගෙන කොතරම් විභාග සමත්වී ඇත් ද යන තක්සේරුව පරයා කොතරම් දැනුමකින් සන්නද්ධ ද යන ගිනිය හැකි මිනුම් ඒකකයක් නුදුරු වකවානුවක දී සමාජයට ඉදිරිපත්වනු ඇතැයි සිතිය හැකිය. දැනුම පදනම කරගත් අධ්‍යාපන ක‍්‍රමයට ජාත්‍යන්තරය ඇතුළු වන වකවානුවක එයට එකගව මුහුණ දෙන්නට අවශ්‍ය ධෛර්යය හා අවශ්‍ය සම්පත් සම්බන්ධව තක්සේරුවකට ගමන් කිරීම අද අපට ඇති පුළුල් වගකීමකි. ඉදිරි කාලයේ දී කුුඩා දරුවාගේ සිට දෙමව්පියන් දක්වා ආකල්ප වෙනසක් ඇති කරගත යුතු වනු ඇත.

අන්තිම සටන හමුවේ බාහු බලය පරදවා නැගෙන බුද්ධියේ බලය

එක් ප්‍රතිචාරයක්

milinda-prashna2

 

01/05/2013 – ලංකාදීප- මිලින්ද මොරගොඩ

මැයි දිනය රක්ත වර්ණයෙන් සංකේතවත්ය. රුධිරය හෙලා දිනා ගත් අයිතිය සදා සිහිපත් කරයි. වහලූන් සේ ශ‍්‍රමය කැපකරමින් නිෂ්පාදනය කරන්නට වැඩකරන ජනතාවට සිදුවී තිබිණ. නිෂ්පාදනයට හෙළන දහඩිය වෙනුවෙන් හිමිවූයේ දිවි පන නල සරි කරගන්නට තරම් සුළු වේතනයකි. පාලකයන්ගේ අනේක විධ නීති සහ දැඩි පාලනය ඉවසාගත නොහැකිවූ කම්කරුවෝ වීදි බැස සිය අයිතිය වෙනුවෙන් සටන් කළහ. වැඩකරන පැය ගණන පමණක් නොව ශ‍්‍රමයට හිමි ගරුත්වය ගැන ද පළමුවරට සාකච්ඡාවූ ආකාරය මැයි දිනය සමරමින් අදටත් සිහිපත් කරයි.

යුගයෙන් යුගය වෙනස් වී තිබේ. අයිතීන් දිනා ගැනීම සම්බන්ධව මැයි දිනය දක්වන පණිවුඩය අදට වලංගු කර ගැනීම වැඩකරන ජනතාවගේ අයිතියකි. පාලකයන් පරදවන ‘‘අන්තිම සටනට සැරසියව්’’ යන්න තව දුරටත් සාධාරණ සටන් පාඨයක් නොවේ. මැයි දින පෙළපාලියට එකතු විය යුතු නමුත් සටන ඇත්තේ කොතැනදැයි විමසා බැලීම නූතන තාක්ෂණ යුගයේ වැඩකරන ජනතාව අවබෝධකර ගත යුතු ඉතාම වැදගත් පණිවුඩයයි.

වැඩ බිම වෙනස් වී තිබේ. වැඩකරන ආකාරය ද වෙනස්ය. නූතන වැඩ බිම ජාත්‍යන්තර සහතික වලට අනුකූලය. එහි පරිසරය ආරක්ෂා කිරීමට අදාල ජාත්‍යන්තර විධිවිධාන අනුගමනය කරයි. සේවක සුබසාධනය ගැන විවෘතව දැක බලාගන්නට ඉඩ දෙයි. පරිසරට හා සේවක අයිතිය ගැන නොතකා ක‍්‍රියාකරන නිෂ්පාදන මිලදී ගැනීමට පාරිභෝගිකයන් පවා සූදානම් නැත. පාරිභෝගිකයන් දැනුවත් කරන්නට තොරතුරු තාක්ෂණය ඉදිරියට පැමිණ තිබේ. කාය ශක්තිය තව දුරටත් ඉතාම ප‍්‍රයෝජනවත් නැත. කම්හලේ බර වැඩට යන්ත‍්‍ර සූත‍්‍ර එකතු වී තිබේ. මිනිසුන් දහසක් කරන දෙය සංකීර්ණ මෙවලම් සහිත යන්ත‍්‍රයකින් මෙහෙයවන්නට එක පුද්ගලයෙකුට හැකියාව ඇත. ඵලදායීතාව හා කාර්යක්ෂමතාව සම්බන්ධව නොයෙක් ප‍්‍රතිපත්ති ඉදිරියට පැමිණ ඇත. බොහොමයක් කම්හල් යාන්ත‍්‍රීකරණයවී ඇති අතර ක‍්‍රමයෙන් රොබෝ තාක්ෂණය ද යහමින් ප‍්‍රයෝජනයට ගැනෙයි. කය වෙහෙසා වැඩකරන ශ‍්‍රම බලකාය වෙනුවට බුද්ධියෙන් වැඩ කරන්නට හැකියාව ඇති දැනුම ඇති ශ‍්‍රමයට කම්හලේ දොරටු විවර වෙමින් තිබේ. වැඩිම ශ‍්‍රමිකයන් පිරිසක් යොදවා වැඩි වියදමකින් නිපදවීම වෙනුවට අඩුම ශ‍්‍රම පිරිවැයකින් ඉහළම නිපැයුමක් කරගන්නට හැකිවන ආකාරයට සැපයුම් චක‍්‍රය කළමණාකරනය වී තිබේ.

තාක්ෂණය අද වැඩකරන ජනතාවට ඇති අභියෝගයයි. තාක්ෂණයට මුහු විය නොහැකි ශ‍්‍රමය අනාගතයේ දී ප‍්‍රයෝජනවත් නැති තැනට පත්වන බව පෙනේ. ලෝකයේ වැඩකරන ජනතාවගේ ගමන බාහු බලය ඉක්මවා දැනුම ඇති ශ‍්‍රම බලකායක අවශ්‍යතාව දක්වා පරිවර්තනය වනු ඇත. එය දැන් ක‍්‍රමයෙන් සිදුවෙමින් පවතින බව පැහැදිලිය. ගොවිබිම, කම්හල නවීකරණය වී තිබේ. එතැන ප‍්‍රයෝජනයට ගත යුතු යන්ත‍්‍ර සූත‍්‍ර උපයෝගී කර ගත්තේ නැති නම් නිපදවන දෙයට වැය වන වියදම අධිකය. නිපැයුමට වඩා දියුණුවී ඇත්තේ සේවා ආර්ථිකයයි. අවුරුදු සිය ගණනක් ශ‍්‍රී ලංකාවේ අක්කර දස දහස් ගණනක තේ වගා කරයි. එහි නියැලෙන ශ‍්‍රම බලකාය ලක්ෂ දහයක් පමණ වෙයි. රටට එයින් ලැබෙන්නේ ඇමරිකාුන ඩොලර් බිලියන 1.4 ක් පමණ විනිමය ප‍්‍රමාණයකි. මෙවැනි ඉඩම් සහ ශ‍්‍රම ආයෝජනයකින් ඉපැයිය හැකි ධනයට වඩා ධනයක් උපයන නවීන ව්‍යවසාය ලෝකය පුරා පැතිරෙමින් තිබේ. දැනුම පදනම් කරගත් එම යුගයට ඇතුළුවීම ශ‍්‍රී ලාංකිකයන්ගේ මැයි දිනයේ තේමාව විය යුතුය. අන්තිම සටන ධනපතියන් පැරදවීම නොවේ. පාලකයන් අතුගා දැමීම ද නොවේ. නිසි ආයෝජනයක් මගින් රටට අවශ්‍ය අලූත් සේවා ආර්ථිකය අනාවරණය කර ගැනීමය. දැනුමින් පිරි ශ‍්‍රම බලකායක් ගොඩනගන විප්ලවය වෙනුවෙන් කම්කරු දිනයේ කතිකාව ඇවිලවීම අද අප සියලූ දෙනාගේ වගකීමයි.

නිදහස් සිතිවිලි – නිදහස් නිමැවුම් මවනා දැයක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Image2013.04.24- ලංකාදීප- මිලින්ද මොරගොඩ

නිදහස දිනාගැනීම එකකි. නිදහස්වන්නේ පවත්වාගෙන ගිය බැඳීම් වලින්ය. බැඳීම් වලින් නිදහස් වූ පමණින් අපේක්ෂා කළ නිදහස පහල වන්නේ නැත. ජන සමාජය ප‍්‍රාර්ථනා කරන නිදහස් ස්වෛරී යුගය උදා කර ගත යුතු එකකි. බැඳීම් වලින් ඈත් වූ පමණින් නිදහසින් උද්දාමයට පත්වීම හැබෑවක් නොවේ. ගමන තවත් දුර බැහැරය. නිදහස ලබා ගෙන දශක හයහමාරක් ගතව ඇති අප සමාජය අද අත්විඳින්නේ අපේක්ෂා කළ නිදහස් සමාජයේ ප‍්‍රබෝධයද?

ජාත්‍යන්තර සමාජයේ රටක නිදහස ගැන එයට සමාන්තර අලූත් මතයක් ගොඩනැගී තිබේ. පැවැති පාලනයෙන් නිදහස්කර ඉරාකයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කළේය. ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල්කරන ලද යුද්ධයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන ලද නමුදු ඉරාක වැසියන්ට නිදහස ලෙස වෙනසක් දැනෙන්නට පටන් ගෙන නැත. ජාති සහ ආගම් අතර ගැටුම් ඇරඹී ඇත. මුල් අරමුණ එය නොවේ. අරාබි වසන්තය ඊජිප්තුවෙන් පැන නැගිණ. පාලකයන්ගේ ක‍්‍රමයට එරෙහිව මතවාද ඇවිලිණ. මැද පන්තියේ ජනතාව ට්විටර් හා බ්ලොග් වැනි තාක්ෂණික සංවාද මගින් ජනතාව අවුලූවා පාරට බස්සවන්නට සමත් විය. පවතින පීඩනයෙන් මිදී අලූත් නිදහස් ක‍්‍රමයක් ඇතිකර ගැනීම මෙම මත ඇවිලවූ මධ්‍යම පාන්තික පිරිසගේ උවමනාව වී තිබුණි. පැවැති පාලනය ඉවත්කර ඡුන්දයෙන් බලයට පත්ව ඇති නායකයන්ගෙන් එරට වැසියන් අපේක්ෂා කළ නිදහස අද ලැබී නැත. යටත්ව සිටි ග‍්‍රහණයෙන් මිදීම එක අවස්ථාවකි. දෙවනුව අපේක්ෂා කරන නිදහස සොයා යා යුතුය. සාමාන්‍යයෙන් සමාජය තුළ යටත්ව සිටි බලවේග වලින් නිදහස ලැබීම උවමනාව සේ සලකයි. එය උදාකරගැනීමෙන් ඉනික්බිතිව අපේක්ෂා කරන නිදහස තහුවරුකර ගැනීමේ ක‍්‍රියාදාමය අරඹන්නේ නැත. එය  ඕනෑම සමාජයක දැකියහැකි  දුර්වල පැත්තකි.

හතලිස් අටේ දී ශ‍්‍රී ලංකාව යටත් විජිත පාලනයෙන් නිදහස අත් පත් කර ගත්තේය. එය නිදහස් සංකේතයයි. විජාතිකයන්ට වහල්ව සිටි ලාංකිකයන් නිදහස ලැබූ පමණින් මනසින් නිවහල්ව නැත. නිවහල් බව සොයා යන මාවත ඉතා සංකීර්ණ කටු කොහොල් බහුල එකකි. එහි එක් පියවරක දී ත‍්‍රස්තවාදය නැගී ආ බව අමතක කළ යුතු නැත. ත‍්‍රස්තවාදය රට ග‍්‍රහණය කර, ජනතාවගේ සිතුම් පැතුම් බරපතල අන්දමට පාලනය කරන්නට පටන් ගත්තේය. ජන ජීවිතය යළිත් කොටුවූයේ පාලකයන්ගේ නීති රාමුවකටය. යුද මෙහෙයුමකින් රටවැසියන් ත‍්‍රස්තවාදයෙන් නිදහස් කරගන්නට සමත් විය. ත‍්‍රස්තවාදයෙන් මුදා ගත් පමණින් ජනතාවට නිදහසක් ලැබී තිබේද? සිතුම් පැතුම් හා එදිනෙදා ජීවිතයේ යම් පරිවර්තනයක ලකුණු පෙනෙන නමුත් සමාජය සම්පූර්ණයෙන් නිදහස් වී නැත.

නිදහස දැනෙන්නේ තමන් කොටු කර ඇති රාමුවේ තරම අනුවය. ඉතා කුඩා රාමුවක කොටු කර තිබුණ සමාජයක් රාමුවේ ප‍්‍රමාණය වෙනස් කර තවත් කොටසක් දක්වා එය විශාල කිරීමෙන් ඇවිදින්නට, කතාබහ කරන්නට සහ තීරණ ගන්නට වැඩි නිදහසක් ලැබේ. නමුත් පවතින රාමුව ඉවත් කිරීමක් නොවේ. ජන සමාජයේ පාලනය වෙනත් බලවේගයක් අතට පත්වීම පමණකි. යටත් විජිත ග‍්‍රහණයෙන් මිදීම නිදහස ලැබීම පමණක් වන අතර හැබෑ නිදහස උපයා ගත යුතුය. එයට යුහුසුළු නොවනවිට නොයෙක් ජාති හා ආගමික අන්තවාද බලවේග මතුවෙන්නට පටන් ගනී. නිදහස් චින්තනය ඇත්තේ තමන්ගේ ආගම, ජාතිය හෝ ගොත‍්‍රික ලක්ෂණ තුළ යැයි සිතන්නට නැඹුරුවෙයි. එය භයානක පැත්තකි. සම්ප‍්‍රදාය තුළ වෙනත් ආකාරයකට යටත්වීමක් බව පැහැදිලිය. බටහිරට හෝ ත‍්‍රස්තවාදයට යටත්ව සිටි යුගය අමිහිරි එකක් වන අතර එයින් මිදී අලූත් යුගයක අලූත් නිදහසක් අපේක්ෂා කළේ වෙනත් රාමුවක් තුළ කොටුවන්නට නොවේ. නිදහස යන යාන්ත‍්‍රණය ගැන සංවාදයක් රටට අවශ්‍යව තිබේ. නිදහස් චින්තනය, නිදහස්ව තීරණ ගැනීම නිදහස්ව කි‍්‍රයාකිරීම තවත් කෙනෙකුගේ බලහත්කාර මතයකට හෝ අණකට යටත්වීම නිවැරදි එකක් නොවේ. නිවහල් විය යුතු අණ පණත් වලින් නොවේ තම හද පත්ලෙන්ම නැගෙන සිතිවිලි වලින්ය. නිදහස් සිතිවිලි සිතනා දැයක් උදාරයි යනු එයයි.

මහජන මතය මැන පැන නැගෙන විවාද තේරුම් ගැනීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2013 .04 .17 ලංකාදීප – මිලින්ද මොරගොඩmilinda-prashna

නොයෙක් විට, නොයෙක් තැන අලූත් මත පැන නැගෙන බව මෑත   කාලය තුළ දැකිය හැකි නව පරමස වනතාවයකි. මෙවැනි මත තුළින් ඇතිකරන අවසාන පරැන තිඵලය බහුතර ජනතාවගේ කැමැත්ත විය යුතුය. හැම දෙනාටම නිදහස්ව සාමකාමීව ජීවත්වන්නට ඉඩ ඇතිකිරිම හො`ද සංස්කෘතික ලක්ෂණයකි. අප සොයා යා යුතු එවැනි පදනමකි. මරාගෙන මැරෙන යුදකාමයකින් නිදහස් වූ රට අලූත් යුගයකට ඇතුළුවන විට අලූත් දර්ශනයක් අවශ්යිය. යුද පසුබිමේ සිට සාමකාමී කාල පරිච්ඡ්දයකට යොමුවන පසුබිමක එහි අවශ්යශතාව තදින් දැනේ.
වෙඩි හ`ඩට යටපත්ව තිබුණ ජන මතය දැන් නිදහසේ ඇවිල යන බව පැහැදිලිව පෙනේ. සමාජය තුළ ඝෝෂාවක් තිබේ. ඝෝෂාවෙන් නැගෙන හ`ඩ බලවත්ය. නිහ`ඩ බහුතරයක අදහස පරයමින් සු`ළු දෙනෙකුගේ හ`ඩට වැදගත් තැනක් ලැබී ඇති සෙයකි. සමාජය තුළ බහුතරය නිහ`ඩය. ඕනෑම සභාවක කතාකාරයා වැඩි අවධානයක් ගන්නා නමුත් ඔහු කියන්නේ සමස්ථ සභාවේ ම අදහස දැයි පරබහ ශ්න කිරීම අද අපට ඇති බලවත් වගකීමකි.
නිහ`ඩ බහුතරය දක්වන අදහස, නැගෙන ඝෝෂාව තුළින් යටපත්වීම යුක්තිගරුක සමාජයක සිදුවිය යුතු දෙයක් නම් නොවේ. වැඩි දෙනෙකු නිහ`ඩ නම් ඔවුන් ගැන වෙහෙසෙන්නේ කුමකටදැයි පරසමාශ්න කර හ`ඩ එන තැනට පමණක් සවන්දීම ද යහපත් පර දෙවනතාවක් ද නොවේ. බුද්ධිමත් සමාජයේ මෙවැනි හ`ඩ නැගෙන අතර නියම මතය කුමක් දැයි දැනගන්නට නිතර පර්යේෂණයෙහි නිරත වෙති. ඒවා කෙරෙන්නේ ජන මත සමීක්ෂණ ආකාරයටය. අලූත් යුගයකට ඇතුළු වන්නට තැත් දරන ශරී න ලාකේය ජන සමාජය ද ජන මත සමික්ෂණ ගැන පරාර මාණාත්මක අවධානයක් යොමු කිරීම වටී. එයින් නියම මහජන අදහස කුමක්දැයි අවබෝධ කර ගත හැකිවෙයි.
දියුණු රටවල් සංවර්ධන වැඩසටහනක් අරඹන්නට කලින් එහි අවැසි අනවැසි බව ගැන ජනතාවගෙන් විමසයි. පරයු තිපත්ති වෙනස් කරන්නට අලූත් තීරණයක් ගන්නට කලින් ජනතාවගේ අදහස කුමක්දැයි විමසා බැලේ. දේශපාලනයේ දී එය වැඩිපුර උපයෝගී කර ගන්නා බවපෙනේ. පක්ෂයක ොහ් අපේක්ෂකයෙකුගේ ජනපරාලනයතාව දරන පරර ගතිපත්ති කෙරෙහි පොදු මතය ජන මත විමසුම් වලින් අනාවරණය කර ගැනේ. තාක්ෂණය දියුණු හෙයින් එය වඩා ලෙහෙසි වී ඇත. අප රට තුළ ද එවැනි සමීක්ෂණ අති නමුත් බහුලව උපයෝගී කර ගන්නේ නැත. දේශපාලනයේ දී එවැනි මත සොයා යාම ඉතා වටිනා ආයෝජනයකි. නිතර නිතර වෙනස්වන මහජනතාවගේ ආකල්ප හා ඒවා විහිදෙන අකාරය සමාජයේ තෝරා ගත් නියැදියකින් පරකි ශ්නාවලියකින් විමසා බැලීම පරේ ආයෝජනවත්ය. ජනමත සමීක්ෂකයන් ඉදිරිපත් කරන පරම්තශ්න සහ තෝරාගත් නියැදිය දෙන උත්තර නිසි ආකාරයට විශ්ලේෂණය කිරීමෙන් නොයෙක් මත විහිදී ඇති ආකාරය කදිමට අවබෝධ කර ගත හැකිවෙයි. ජනමතය හ`දුනාගැනිමට කරන මෙවැනි පර්යේෂණ වෙනුවෙන් සැලකිය යුතු ධනයක් වැය කරන්නට සිදුවන බව නොරහසකි. ආර්ථික අතින් බලවත් නැති රටවල් ජනමත සමීක්ෂණ වෙනුවෙන් උනන්දුවක් දක්වන්නේ නැත්තේ එහෙයින්ය.
ජනමතය නිසි ලෙස පිළිබිඹු නොවන විට සමාජයේ පර න ශ්න වල යථාර්ථය වටහා ගැනීම අපහසුය. ගැටලූවක් පැන නැගෙන විට මහජන නියෝජිතයන් උත්තර හොයන්නේ තමන් අවට ගැවසෙන අනුගාමිකයන්ගේ අදහස්වලට අනුවය. අනුගාමිකයන්ගේ මතය හැබෑ ජනමතය නොවේ. නිර්භයව ඇත්ත කියන්නට සූදානම් නැති දේශපාලන අදහස් සහිත මහජන නියෝජිතයන් වටා ගැවසෙන කණ්ඩායම පරනුගශ්නය දකින්නේ තමන්ගේ රාමුවෙන් වීම තවත් භයානක පැත්තකි. ඝෝෂාවෙන් මත ඉදිරිපත් කරන පිරිස ද හැබෑ සතය යටපත් කරයි.
ශරීු ලංකාව මහජන මතයට ගරු කරන රටකි. මහජන නියෝජිතයන් ජනතා කැමැත්ත ඉහළින් අපේක්ෂා කරති. පරමු ජාතන්තර මහවාදී සමාජයක මහජනතාවගේ අදහස් ඉතාම වැදගත් බව එයින් තහවුරු වෙයි. මැදි ආර්ථිකයකට නැගෙන ශරීවීම ලංකාවට ද කලින් කලට ආර්ථික සමාජ තොරතුරු සම්බන්ධව මහජන මතය විමසා පරවුරතිපත්ති සම්පාදකයන්ට හා වගකිවයුතු අංශ වලට යොමු කරන වැඩ පිළිවෙලක් අවශ්යය.
මිලින්ද මොරගොඩ.

රටට අවුරුදු සිරිය ගෙන එන විදෙස් ගත නෑයෝ

එක් ප්‍රතිචාරයක්

Image2013.04.10- ලංකාදීප – මිලින්ද මොරගොඩ

සිංහල සහ දෙමල අලූත් අවුරුද්දට දින ගණන් කරමින් සිටින වකවානුවකි. සතුට පී‍්‍රතිය පැතිරෙමින් තිබේ. ජීවිතය බලාපොරොත්තු වලින් පිරුණ එකක් බව දැනෙන්ට පටන්ගෙන ඇති බව නිසැකය. සියළු දෙනාගේ බලාපොරොත්තුව අභිවෘද්ධියයි. අලූත් අවුරුද්ද බලාපොරොත්තු අලූත් කරගැනීමේ සංකේතයකි. සිංහල සංස්කෘතිය හා කෘෂි නැඹුරුව අනුව උදා වී ඇත්තේ  බක් හෙවත් භාග්‍යවන්ත මාසයයි. සූර්ය සංක‍්‍රාන්තිය අනුව අලූත් අවුරුද්ද උදාවන බව ජොතිෂ්‍යට අනුව සැලකෙයි. පැරණි සමාජයේ දී අස්වනු නෙලාගැනීමෙන් ඉනික්බිතිව නැවත ගොවි බිම් අස්වද්දා ලැබෙන විවේකයේ දී ගහ කොළ හා බැඳුණු වතාවත් සමග අලූත් අවුරුද්ද සමරති.

යටත් විජිත යුගයේ දී බටහිර චාරිත‍්‍ර වාරිත‍්‍ර අවුරුද්ද හා මුහු විය. එය තවත් පරිවර්තනය වී වැඩ කරන ප‍්‍රජාවක් බිහිව තිබේ. කම්හලේ ගොවිපොලේ වැඩකරන ජනතාව වෙනුවට අද වැඩ කරන්නේ පිටරටකය. විදේශ ගතව මහන්සියෙන් වැඩ කරන අඹු දරු නෑ හිතවතුන්ගෙන් ඈත්ව සිටින අතර පවුලේ සෙසු පිරිස අවුරුදු සමරති. අවුරුදු සමරන අස්වැන්න සේ සැලකිය හැකි ධනය රටට ලැබෙන්නේ පිටරටින්ය.

තේ රබර් පොල් යන කෘෂි භෝග රටේ විදේශ ආදායම අපයන පළමු තැන සේ සැලකූ කාලය අවසන්ය. දැන් රටට වැඩිම විනිමය ප‍්‍රමාණයක් එන්නේ විදේශගත ශ‍්‍රී ලාංකිකයන්ගෙනි. එම ධනය මෙම වසරේ දී නම් ඇමරිකානු ඩොලර් බිලියන 6.5 ක් පමණ වනු ඇත. ඇඟලූම් අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 5 ක් උපයන නමුත් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය හා යන්ත‍්‍ර සූත‍්‍ර වෙනුවෙන් ආපසු රටින් එපිටට යන ධනය ඇමරිකානු ඩොලර් බිලියන 3 කට ආසන්නය. ඉතිරි වන්නේ ඇමරිකානු ඩොලර් බිලියන දෙකකි. තේ කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක් පමණ අවුරුද්දකට උපයන අතර අලූතෙන් දියුණු වන සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම ද ඇමරිකානු ඩොලර් බිලියන 1.2 ප‍්‍රමාණයක් බව පෙනේ. ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයේ පදනම මැද පෙරදිග ඇතුළු රටවල වැඩ කරන ලක්ෂ සංඛ්‍යාත ජන කොටස උපයන දෙය බව අවබෝධ කර ගත යුතු යථාර්ථයයි.

පිටරට වල වැඩකරන ලාංකීයයන් ගේ වෘත්තීය ජීවිතය සුබදායක එකක් නොවේ. වෘත්තීය ගැටලූ ඇති තරම් තිබේ. දරු පවුලෙන් ඈත්ව හුදෙකලාව ගත කරන කාලය වේදනාබරය. විදේශ රැකියාවක් සොයායන්නට විශාල වශයෙන් ණය වූ පිරිසක් ද වෙති. සමස්ථයක් වශයෙන් මෙම පිරිස උපයන ධනය ඉතිරි කරන්නට කරන කැපවීම තක්සේරු කළ නොහැකි තරමට සංකිර්ණය. මෙරට ජනගහනයෙන් දහයෙන් එකක පමණ කොටසක් රටට විදේශගතව රුකියාවල යෙදෙමින්, ධනය උපයන විශිෂ්ට පරිත්‍යාගයෙහි නිරත බව අවබෝධ කරගැනීම වැදගත්ය.

වානිජ බැංකු, ගාහ විදුලි උපකරණ අළෙවි කරන සමාගම්, දේපොල වෙළඳාමෙහි නිරත අතරමැදියන්, රක්ෂණ තැරුව්කරුවන් ඇතුළු නොයෙකුත් දෙනා නොයෙක් ප‍්‍රචාරක උපක‍්‍රම පතුරවමින් උත්සාහ කරන්නේ මෙරටට ඇදී එන විදේශ ආදායමෙන් තමන්ගේ පංගුව දිනාගන්නටය. වානිජ ක‍්‍රමය තුළ පවතින තරගය පැතිරෙන ආකාරය අනුව එයට වඩා වෙනස් ප‍්‍රතිඵලයක් අපේක්ෂා කළ යුතු නැත. නමුත් ඔවුන්ගේ දරු පවුලටත්, රටටත් සමෘද්ධිය යන අවසාන අරමුණින් ඈත්වීමට ඉඩ දිය යුතු නැත.

විදේශගත ලාංකිකයන් මහන්සියෙන් උපයන ධනය රටට ඉසුරු සදන අතර අවුරුද්ද පුරා අවුරුදු ඇති කරන ආදායම් මාර්ගයක් බව බැලූ බැල්මට පෙනේ. මෙම ඉසුරුමත් අවුරුදු සතුටින් පමණක් රටක අනාගතය උදා වනනේ නැත. එතෙරින් උපයා එවන ධනයෙන් කොටසක් වියදම් කරන අතර මතු දියුණුවට ඇතිවන ආකාරයට එයින් කොටසක් යළි ආයෝජනය කරන්නේ කෙසේ ද යන වැදගත් පණිවුඩය සමාජය තුළ තහවුරු කරන වැඩ පිළිවෙලක් අවශ්‍යය. තමන්ගේ පවුලේ සාමාජිකයා හෝ සාමාජිකාව පිටරටක වෙහෙසී දුක් මහන්සියෙන් උපයන ධනයෙන් පවුලට උපරිම ප‍්‍රයෝජනය ගන්නේ කෙසේ දැයි සොයා බලා අවධානයෙන් වැඩ කටයුතු කිරීම ස්ථාවර සමෘද්ධිය ළඟා කර ගැනීමට ඇති එකම මග බව අවුරුදු සිරිය මැද මනාව තේරුම් ගැනීම වැදගත්ය.

 

Older Entries

Follow

Get every new post delivered to your Inbox.